ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ලේලිගේ දිනපොත - 17 : නැන්දම්මගේ අපූරු ඉවිල්ල සහ ගස්ලබු කෑම

° පළවෙනි පරිච්ඡේදය:

නැන්දම්මගෙ අපූරු ඉවිල්ල

Lelige Dinapotha - 17  නැන්දම්මගෙ අපූරු ඉවිල්ල

අපි අද නෑදෑ ගෙදරක ගියා. නැන්දම්මගෙ අයියගෙ, ඒ කියන්නෙ හස්බන්ඩ්ගෙ මාමගෙ දුවට බබෙක් ලැබෙන්න ඉන්නව.

ඉතින් එයාට කන්න කෑම ටිකක් එහෙම හදාගෙන අපි එයාව බලන්න ගියා. එයාල ඉන්නෙ කොලඹ ලක්සරි එපාර්ට්මන්ට් එකක.

අපි නැන්දම්මත් එක්ක ඒ අක්කලගෙ එපාර්ට්මන්ට් එකට යද්දි දවල් දහයට විතර ඇති වෙලාව.

හයවෙනි තට්ටුවේ තියෙන එයාලගේ ගෙදරට ඇතුල් වෙද්දීම නැන්දම්මා වටපිට බලලා නහය රැලි කළා.

​"අනේ මන්දා දුවේ, උඹලා මේ කුකුළු කූඩු වගේ තැන්වල ඉන්නේ කොහොමද? හැමදේම වහලා, හුළඟක් නැහැ, අව්වක් නැහැ. අපේ ගම්වල මෙහෙමද... දොරවල් ඇරියාම එන සුළඟ..."

නැන්දම්මා සාලෙන් වාඩි වෙන ගමන්ම පළවෙනි 'බවුන්සර්' පන්දුව මුදා හැරියා. ඒ අයිය ඉතින් "එහෙම නැහැ නැන්දේ, මෙහෙ හොදයි” කියල අමාරුවෙන් හිනා වුනා.😑

අක්ක හිටියෙ කාමරේ. එයාට ටිකක් සනීප නැහැ. කෑම කන්න බැරුව වමනෙ එහෙම දානවලු. ඉතින් අපි ගිහිල්ල එයත් එක්ක කතා කර කර හිටිය කාමරේ.

ටික වෙලාවකින් හස්බන්ඩ් අයියත් එක්ක සාලෙට ගියා.මායි අක්කයි එක්ක කතා කර කර හිටිය නැන්දම්මාත් ටික වෙලාවකින් එලියට ගියා.

ටිකක් වෙලා යද්දි නහය කඩන් යනව වගේ කර ගදක් ඇවිල්ල අපි දෙන්නටම කැස්ස ආව.

​”අම්මෝ මේ මොකක්ද මේ සැර” සාලේ හිටපු හස්බන්ඩ්, අයිය දෙන්නමත් කහින්න ගත්ත. කුස්සියේ හිටපු නැන්දම්මත් පණ යන්න වගේ කහිනවා.

​"බීප්... බීප්... බීප්... බීප්...!!!" 🚨

​මුළු ඇපාර්ට්මන්ට් එක පුරාම මහා හයියෙන් ෆයර් එලාම් එකක් වදින්න ගත්තා.

"අයියෝ... නැන්ද මොකක්ද කළේ.බිල්ඩින් එකේ ෆයර් එලාම් එක වැඩ කරනව. අයිය කෑ ගහද්දි, ඇපාර්ට්මන්ට් එකේ ස්පීකර් එකෙන් කියවනවා "

"හදිසි අනතුරක්! කරුණාකර ගොඩනැඟිල්ලෙන් ඉවත් වන්න”කියලා.

​නැන්දම්මා බය වුණු පාර අතේ තිබුණු හැන්දත් දාලා, "බුදු අම්මෝ... යුද්ධයක්වත්ද? බෝම්බයක්ද?" කියාගෙන සාලේ මැද දණගැහුවා🤣

​විනාඩි පහක් ගියේ නැහැ, ඇපාර්ට්මන්ට් එකේ සිකියුරිටි නිලධාරීන් තුන්දෙනෙක් ගිනි නිවන බටත් උස්සාගෙන දොර ලග

​"කෝ... කොහේද ගින්න?" සිකියුරිටි කට්ටිය නහයවල් වහගෙන අහනවා.

“අනේ සමාවෙන්න. ගින්නක් නැහැ. අපේ නැන්ද දන්නෙ නැතුව එක්සෝස්ට් ෆෑන් එක දාන්නෙ නැතුව මොනව හරි බදින්න ගිහින්”

කියල බොහොම බැගෑපත්ව කිව්ව. “ මීට පස්සෙ ටිකක් සැලකිල්ලෙන් වැඩ කරන්න” කිව්ව ඒ අය යන්න ගියා.

​නැන්දම්මා සෝෆා එකෙන් වාඩි වෙලා, මූණ රතු කරගෙන, අමාරුවෙන් කැහැ කැහැ කියනවා,

"මොන වගේ ගෙවල්ද මේවා... පොඩ්ඩක් මිරිස් බැද්දත් හොරු අල්ලන්න වගේ කෑ ගහනවා..." කියලා තමන්ගේ බිඳුණු පම්පෝරිය යාන්තම් අලවගන්න හැදුවා.

වෙලා තියෙන්නෙ මේකයි, නැන්දම්මා අක්කට පොලොස් වගයක් හදන් එන්න ඉදල. ඒත් අම්මට පොලොස් හම්බවෙලා තියෙන්නෙ අද උදේ.

ඉතින් කපපු පොලොස් ටික අරන් ඇවිල්ල මෙහෙදි උයල දෙන්න.​නැන්දම්මා කාටවත් කියන්නෙත් නැතුව එයාගෙ වැඩ පෙන්නන්න ගිහිල්ල.

එයා මේ සුපිරි කුස්සියේ තියෙන එක්සෝස්ට් ෆෑන් එක ඔන් කරන්න දන්නෙ නැහැනෙ.

ඒ මදිවට එපාර්ට්මන්ට් එකේ හැම ජනේලයක්ම, බැල්කනි දොරවල් ඔක්කොම වහලා, එයාර් කන්ඩිෂන් එක දාලා තිබුණේ.

​පොලොස් එක තෙම්පරාදු කරන්න දාපු මිරිස්, තුනපහ සේරම තෙල් වතුරත් එක්ක ඇවිස්සිලා, මුළු කුස්සිය පුරාම මහා දරුණු, සැර මිරිස් දුමක් වැදිල 🌶️💨

​කාටවත් නොකිය තමන්ගෙ වැඩ පෙන්වන්න ගිය නැන්දම්මා,

අන්තිමට ඇපාර්ට්මන්ට් එකේ 'ෆයර් ඇලට්' එකෙන් 'රෙඩ් කාඩ්' එකක් කාලා, සිකියුරිටි ලැයිස්තුවේ 'රන්-අවුට්' වෙලාම පිටියෙන් ඉවත් වුණා.

​මාත් ඉතින් හිනාව තද කරගෙන, "කමක් නැහැ අම්මේ, ගෙදර ලිප වගේ නෙවෙයිනේ මෙහේ" කියලා නැන්දම්මාගේ හිත හැදුව. පව් හැබැයි නැන්දම්මා 😊



°දෙවන පරිච්ඡේදය :

ගස්ලබු කෑම

Lelige Dinapotha - 17  ගස්ලබු කෑම

අද මම වර්ක් ෆ්‍රොම් හෝම්. අදත් ඇහැරුනේ නැන්දම්මගෙ පොට් එලාම් එකටම තමයි.

ගෙදර වැඩ ටිකත් ඉවර කරල හස්බන්ඩ්වත් ඔෆිස් එකට පිටත් කරල,උදේට කාල අස්පස් කරල ඉවරවෙලා ඔෆිස් එකේ වැඩ ටික කරන්න ඉදගත්ත.

“දුවේ, මෙහෙ එන්නකො ටිකක්” නැන්දම්මා දොරට ගගහ කෑ ගහනව.මම දොර ඇරල ඇයි කියල ඇහැව්ව.

“දුවේ, අර බයිසිකලේකින් මනුස්සයෙක් ඇවිල්ල ඉන්නව අලුත්ම පළතුරු අරගෙන විකුණන්න.ඒව නං ගොඩක් හොද පාටයි.

පොඩ්ඩක් බලල ගන්නකො” කිව්ව.🍋

මමත් ඉතින් ගිහිල්ල බැලුව. ඒව නං අලුත්ම පළතුරු. මටත් ආස හිතුන දැක්කම. මම ඉතින් පළතුරු ටිකක් ගත්ත.

එතන තිබුන හරිම ලස්සන ගස්ලබු ගෙඩියක්. මම ඒක ගත්ත. ඒ ගස්ලබු ගෙඩිය දැක්කම නම් මට ඒ වෙලාවෙම කන්න හිතුන.

ඒත් ඔෆිස් එකේ වැඩ ගොඩක් තිබුන නිසා දවල්ට කෑම කාලම කනවයි කියල හිතල කුස්සියෙන් ගිහිල්ල තිබ්බ. නැන්දම්මටත් කිව්ව මේක දවල්ට කමුයි කියල.

දවල් එකට විතර මම කෑම කන්න ආව. කෑම කාල ඉවර වෙලා මම ගස්ලබු ගෙඩිය බැලුව කපල කන්න. කුස්සියෙ හැමතැනම හෙව්ව තිබුනෙ නැහැ.🤔

කාමරේ හිටිය නැන්දම්මගෙන් මම ගිහිල්ල ඇහුව ගස්ලබු ගෙඩිය කෝ කියල.

“ ආ…. දුව ඒක ෆ්‍රිජ් එකේ. මම හදල දාල තියෙන්නෙ” කියල කිව්ව.

“හදල දැම්මෙ” කියල කිව්ව එක මට තේරුම් ගන්න බැරි උනත් ෆ්‍රිජ් එකේ තියනවයි කිව්ව නිසා මම ෆ්‍රිජ් එක ඇරල බැලුවත් ගස්ලබු ගෙඩිය ඒකෙ තිබුනෙ නැහැ.

මම ආයෙත් අම්මගෙන් ගිහින් ගස්ලබු ගෙඩිය ගැන ඇහුවෙ අම්ම අද මේ මොකක්ද ගහල තියන මැච් එක කියල හිතන ගමන්.

“අයියෝ දුව ඔයාට ඕක පේන්නෙ නැද්ද” කියල නැන්දම්මා නැගිටල ඇවිල්ල ෆ්‍රිජ් එක ඇරල මට ටිකක් ලොකු ජග් එකක් අරන් දුන්න.

“මේ මොකක්ද ??” කියල මට එකඑකපාරටම ඇහුනෙ ඒ කප් එකේ තිබුන දේ දැක්කම. ගස්ලබු ගෙඩිය කපල චප්ප කරල ඒකට දාල.🙄

“මොකක්ද අම්මෙ මේ කරල තියෙන්නෙ ??” මම අහද්දි .

“මම ගස්ලබු ගෙඩිය කපල සීනිත් දාල හදල ෆ්‍රිජ් එකේ දැම්ම. පුතත් කන්න ආස ඔහොම තමයි” කිව්ව.

අයියෝ…මට එතනින්ම ගස්ලබු කන එක එපා වුනා. චප්ප කරල මදිවට සීනිත් දාල.

අම්ම ඒ මැච් එක නම් නියමෙට සෙල්ලම් කරල තනියම. මගෙ ගස්ලබු ආසාවත් එතනින්ම ඉවර වුනා.

හැන්දෑවෙ මම කුස්සියෙ රෑට කෑම හද හද ඉන්නකොට මම දැක්ක නැන්දම්මා ගෙදරට දුම් අල්ලනව.

හස්බන්ඩ් ඔෆිස් ගිහිල්ල ඇවිල්ල කාමරේ හිටියෙ. ටික වෙලාවකින් මට හස්බන්ඩ් මහ හයියෙන් කෑ ගහන සද්දයක් ඇහුන.

මම ඉක්මනට අපේ කාමරේට ගිහිල්ල බලද්දි, හස්බන්ඩ් හරිම වේදනාවෙන් ඉන්නව. නැන්දම්මා බයවෙලා දුම් අල්ලන එක අල්ලගෙන ඉන්නව.😵

දුම් අල්ලන අගුරු අපේ ඇදටත් වැටිල. බලද්දි වෙලා තියෙන්නෙ මේකයි.

නැන්දම්මා අපේ කාමරේට ගිහිල්ල දුම් අල්ලන්න. එතකොට හස්බන්ඩ්ට නින්ද ගිහිල්ල ඉදල තියෙන්නෙ.

නැන්දම්මා පුතාටත් හොදට දුම් අල්ලන්න ගිහිල්ල. 🌪️

නින්ද ගිහිල්ල හිටිය හස්බන්ඩ් ගැස්සිලා ඇහැරුණ පාර, නැන්දම්මා හස්බන්ඩ්ට ලන්කරගෙනම දුම් අල්ලගෙන හිටිය තැටියෙ හස්බන්ඩ්ගෙ කකුලෙ වැදිල.

ගිනි අගුරු වලට හස්බන්ඩ්ගෙ කකුලුත් පිච්චිලා. කොහොම හරි නැන්දම්මා අද දවසෙ මැච් එකේ ඉනින්ග්ස් දෙකම ලස්සනට සෙල්ලම් කලා.

පැත්තක හිටිය හස්බන්ඩ් ඉන්ජර්ඩ් වුනා 😒


Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/18-by-muthuwrites.html

Previous Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/16-by-muthuwrites.html


Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න


Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම