ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ලේලිගේ දිනපොත - 16 : නැන්දම්මට ලැබුනු තෑග්ග සහ ලොකු අක්කාගේ පැමිණීම

° පළවෙනි පරිච්ඡේදය :

නැන්දම්මට ලැබුනු තෑග්ග


Lelige Dinapotha - 16  නැන්දම්මට ලැබුනු තෑග්ග


අදත් නැගිට්ටෙ අම්මගෙ පොට් එලාම් එකට. මට කවදාවත් නැගිටින්න එලාම් නම් තියන්න ඕනෙ නැහැ.

වෙලාවටත් ඉස්සරින් නැගිටින්න ෂෝක් එලාම් එකක් වදිනව.😏

අද මම වර්ක් ෆ්‍රොම් හෝම්. උදෙන්ම වැඩ ටික කරල හස්බන්ඩ් වත් පිටත් කරල මගෙ වැඩ පටන් ගන්න කාමරේට ගියා.

මම වැඩ කරන වෙලාවට කාමරේ ලොක් කරගෙන ඉන්නෙ. නැත්තං නැන්දම්මා ඇවිල්ල මොනව හරි අටමගලයක් කරනව.

නිකං වැඩ කර කර ඉන්න වෙලාවක නම් කමක් නැහැ. මීටින් එකක් තියන වෙලාවක මොනව හරි කෙරුවොත් ඉවරයි. 🙄

වැඩ පටන් අරගෙන ටික වෙලාවක් යද්දි හස්බන්ඩ් ගෙ පොඩි අක්කගෙන් මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආව. අම්මට මේක පෙන්නන්න කියල. මැසේජ් එක තමයි…….

“ අම්මෙ මම දැන් පාර්සල් එකක් එවනව. විස්තර ඒකෙ ලියල ඇති. 12 ට වගේ එයි. මම කෝල් කරනකං ආයෙ මට ගන්න එපා. මම මීටින් එකක්”

මම ඉතින් ගිහිල්ල නැන්දම්මට මේක පෙන්නුව. නැන්දම්මගෙ ඉහේ මලක් පිපුන වගේ උනා. ලොකු දුවගෙ හොද කෝටියයි.

“ අනේ මගෙ කෙල්ලන්ට මාව මතක් නොවෙන වෙලාවක් නැහැ . ඔය කෑමට මොනව හරි තමයි ඉතින්. ඒකනෙ 12 ට විතර එවන්නෙ.

තව මොනව හරි විටමින් වගෙත් එවලද කොහෙද. ඒකනෙ විස්තර ඒකෙ ලියල තියනව කියන්නෙ “

කිය කිය නා නා ප්‍රකාර දේවල් ගොඩක් කියවනව. මම හිමීට කාමරේට ඇවිල්ල දොර වහගෙන මගෙ වැඩ ටික කරගත්ත.

අනේ ඒත් මට සැනසිල්ලෙ වැඩ කරගන්න හම්බවුනේ දවල් 12 වෙනකං විතරයි. 😕

හරියටම 12 ට නැන්දම්මා ඇවිල්ල දොරට ගැහැව්ව. “අනේ දුවේ, දැන් වෙලාව හරි නේද? 12 යි වෙලාව, දැන් එයි නේද ??” අහනව.

“ අයියෝ අම්මෙ, ඔය කියන වෙලාවටම ඕව එන්නෙ නැහැ. ටිකක් ඉන්න එයි “ කියල මම කිව්ව.

ඒත් ආයෙ ටිකකින් ආයෙත් එනව. “ තාම නැහැනෙ දුවේ “ කියාගෙන. මට දැන් මේක මහ විසාල කරදරයක් උනා

මම ඊට පස්සෙ රූම් එකෙන් එලියට ඇවිල්ල සාලෙ ඉදගෙන හිටිය. එතකොට මගෙ ලගින් ඉදගෙන ලොකු දුවගෙ පම්පෝරිය ඉවරයක් නැහැ.

“ලොකු දුවට ඔෆිස් එකේ ලොකු තානාන්තරයක් තියනව. ඒකනෙ ඔය ලොකු රාජකාරි හින්ද කතා කරන්නත් එපා කියන්නෙ “

නන්ස්ටොප් ඔය වගේ දේවල් කියවනව. මම ඉතින් “ හ්ම් හ්ම් “ කිය කිය හිටිය.

මම කල්පනා කෙරුවෙම මේ මොන වගේ මැච් එකක්ද කියල 🤔

එකත් පහුවෙලා මම කන්න යද්දි නැන්දම්මට කන්න කතා කෙරුවත් දුව එවපු ඒව කන්නම් කියල කන්නවත් ආවෙ නැහැ.

මම කාල ඉවර වෙද්දිම වගේ ඉස්සරහින් හෝන් සද්දයක් ඇහුන.

නැන්දම්මා “අන්න දුවේ ඇවිල්ල. ඉක්මනට ගිහිල්ල අරන් එන්න” කිව්ව. මම ඉතින් ගිහිල්ල කුරියර් සර්විස් එකකින් එවල තිබුන පාර්සල් එක අරගෙන ආව.

ගෙනල්ල නැන්දම්මට දුන්න. ඒක කඩල බැලුව නැන්දම්මගෙ මූණ අගුරු කැටයක් වගේ කලු උනා. 😵

ඒකෙ තිබුනෙ සාරි හැට්ටෙකට රෙදි කෑල්ලක්. ඇතුලෙ තිබුන කොලේක මෙහෙම ලියල තිබුන.

“ අම්මෙ හෙට ඔෆිස් එකේ ලොකු ඉවෙන්ට් එකක් තියනව. මට අදම බ්ලවුස් එකක් මහගන්න ඕන.

අම්මගෙ අල්මාරියෙ මගෙ සාරි බ්ලවුස් එකක් තියනව. ඒකත් එක්කම මේ රෙද්ද මාල ඇන්ටිට ඉක්මනට ගිහිල්ල දෙන්න. මම එයාට විස්තර කියන්නම්” කියල.

මම නැන්දම්මගෙ මූණ දිහා බැලුව.

“ මගෙ දුවල දන්නව මම ඔය ව්ච්චූරණ කෑම වලට කැමති නැහැ කියල. ඒක නිසා තමයි එහෙම ඒව එවන්නෙ නැත්තෙ “ කියාගෙන නැන්දම්මා කාමරේට ගියා නෙමෙයි විසි වුනා.

නැන්දම්ම තනියම සෙල්ලම් කරපු මැච් එකෙන් ලකුණු නොලබාම දැවී ගියා.හැබැයි ඒ දැවී යාම පොඩි සංවේගජනක දැවී යාමකුත් වුනා.😑


° දෙවෙනි පරිච්ඡේදය :

ලොකු අක්කාගේ පැමිණීම


Lelige Dinapotha - 16  ලොකු අක්කාගේ පැමිණීම



අද සෙනසුරාදා දවසක් වෙලත් උදෙන්ම නැගිටින්න වුණේ කුස්සිය පැත්තෙන් ඇහුණ මහා භාජන පෙරළෙන සද්දෙට.

තාම පාන්දර හතර පහුවෙලා විතරයි. මම ඇස් දෙක පිහදාගෙන කුස්සියට යද්දි, නැන්දම්මා ඔන්න මහ ලොකු මෙහෙයුමක.

කොල ජාති ගොඩක් ලග තියාගෙන අබරනව, මිරිකනව එක කෝලමයි. 🙄

“ මොනවද අම්මෙ ඔය කරන්නෙ පාන්දරම ?? “ ඈනුමක් ඇරපු මම ඇහැව්වෙ, මාව දැකලත් කිසිම කතාවක් නැතුව එක දිගටම උනන්දුවෙන් වැඩේ කරන නිසා.

“ මම මේ කැද එකක් හදනව. අද ලොකු දුව එනවනෙ පොඩි කෙල්ලත් එක්කම.

ඉස්සර මගෙ දුවල හරි කැමතියි මේ කැද වලට. මාලගෙ ගෙදර ගිය වෙලේ මේ කොල දැකල මම කඩන් ආවෙ අද හදන්න “

කියද්දියි මට වැඩේ තේරුනේ. ඊයෙ ලොකු අක්ක මහන්න දීපු බ්ලවුස් එක අරගෙන අද මෙහෙන්ම ඇදගෙනත් යන්න එනව කිව්ව.

ලොකු අක්කගෙ දුවවත් අරගෙන එනව කිව්වෙ මෙහෙ තියල රෑට යද්දි අරන් යනව කිව්ව.

අම්ම මේ පාන්දර ඉදන් ලෑස්ති වෙන්නෙ ආගන්තුක සත්කාරයට.

අද දවසෙ මැච් එක මොන වගේ වෙයිද කියල හිත හිත මම ගිහිල්ල ආයෙ ටිකක් නිදියගත්ත.

ආයෙ හයට විතර නැගිටල කුස්සියට යද්දි මට හිතුනෙ යක්කු මැච් එකක් ගැහුවොත් මෙහෙම තියෙයි කියල.🤨

ඒවත් අස්කරල උදේට පාන් කන්න සීනි සම්බෝල ටිකක් හැදුව. උදේ අටහමාර වගේ වෙද්දි අක්කයි, දුවයි ආව.

එයාල ආව ගමන්ම අම්ම මහා ලොකු වස්තුවක් පෙන්නන්න ගෙනියනව වගේ ඇදගෙන ගියේ කුස්සියෙ තියන කැද එක පෙන්නන්න.

“ඊයෙ මාලලාගෙ වත්තෙ මේ කොල දැකල මම කඩන් ආවෙ දුවේ. ඔයාල ඉස්සර හරි කැමතියි නෙ මේවලට. ඔන්න ඇතිවෙනකං බොන්න” නැන්දම්මා කිව්වෙ මහා කරුණාවකින්.

“අනේ අම්මෙ මේ ඉවෙන්ට් එකට යන්න තියන අස්සෙ ඔය කැද බිබී ඉන්න බැහැ. වෙන දවසක බොමු. මම යනව ලෑස්ති වෙන්න” කියල ලොකු අක්ක කියද්දි අම්ම මගෙ දිහා බලල

“ලොකු තානාන්තර දරද්දි ඔහොම තමයි. හරියකට කන්න බොන්නවත් වෙලාවක් නැහැනෙ” කිව්ව.

ඊට පස්සෙ නැන්දම්මා හැරුනෙ පොඩි කෙල්ල දිහාවට.

“චූටි දුවේ, ඔයා බොන්න මේ කැද, හරිම රසයි” කිව්ව නැන්දම්මා කෙල්ලට අලි පතන් කැද කෝප්පයක් බෙදල දුන්නෙ “ඔක්කොම බොන්න ඕනෙ දුවේ” කියාගෙන

.කැද කෝප්පෙ සයිස් එකටම බය වුන කෙල්ල ඇස් දෙක ලොකු කරගෙන මගෙ දිහාත් බලල “අම්මේ” කියල මහ හයියෙන් කෑ ගහගෙන අක්කව හොයාගෙන දිව්ව. 🙄

ඊලගට ලොකු අක්ක ඇවිල්ල කිව්ව “ අනේ අම්මෙ දුවට කැද බොන්න බල කරන්න එපා. අන්තිමට මට මෙයාව මෙහෙ තියල යන්නත් බැරි වෙයි”කියල.

“කොහෙද දැන් හැදෙන ළමයින්ට ගුණ දෙයක් කන්න බොන්න බැහැනෙ. අගුණ දේවල් වලටම තමයි කැමති.

ලොකු එවුනුත් එකයි, පොඩි එවුනුත් එකයි” කියල මගෙ දිහා බැලුවෙ මටත් වක්‍රාකාරයෙන් පාරක් එල්ල කරල.

ලොකු දුවගේ යොකර් පහරට අසීරුවෙන් මුහුණ දී නොදැවී සිටි නැන්දම්මා ,

මිණිබිරියගෙන් එල්ල වූ ෆුල් ටොස් පන්දුවෙන් දැවී පිටියෙන් ඉවත් වුනා.🏏

අද නැන්දම්මාගේ කැද මැච් එක අවසාන වූනේ එහෙමයි…..



Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/17-by-muthuwrites.html


Previous Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/15-by-muthuwrites.html



Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න











Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම