ගිනි සිතුවම් - Episode 04 ( කුතුහලයෙන් පිරුණු ආදරණීය කතාව ) by Muthuwrites

° පළවෙනි පරිච්ඡේදය :

Sinhala love story by Muthuwrites, novel scene ,

මගෙ ෆස්ට් ඉයර් එකේ…..තිසීස් එක…….ප්‍රොජෙක්ට් එක…….සෑහෙන සාර්ථකව කරගත්ත………ඊට පස්සෙ තිබ්බෙ එක්සෑම් එක……..ඒකත් හොදටම කරගන්න මම ගොඩක් මහන්සි උනා…….


සෙත් එහෙමත් ගොඩක් බිසි වෙලා හිටියෙ…….එයාගෙ ෆයිනල් එකනෙ……… එයාට මටත් වඩා සෑහෙන වැඩ ගොඩක් තිබුන කරන්න.......එයාගෙ ඒ වැඩ අතරෙත් එයා මං ගැන ගොඩක් හොයල බැලුව……..


 …….අන්තිම දවසෙ එක්සෑම් එකට යද්දිත් මට ගොඩක් පේන්ස් එහෙම තිබුන...........කොලෙජ් එකේ මෙඩිකල් සෙන්ටර් එකෙන් බෙහෙත් ගත්ත වෙලාවෙ දුන්න පේන් කිලර්ස් අරගෙන...........


කොහොම හරි පේන්ස් ඔක්කොම අමතක කරල එක්සෑම් එකේ වැඩ ටිකත් හොදටම කර ගත්ත..............


ඒත් එක්සෑම් එක ඉවරවෙලා හෝල් එකෙන් එලියට එනව විතරයි මට මතක……… මට යාන්තම් මතකයි...... සෙත් ඈත හිටිය වගේ…….. මට සෙත්ව බොද වෙලා වගේ පෙනිල...........ඊලගට හැමදේම අදුරු උනා…………


ඊට පස්සෙ සිහිය එනකොට මම හිටියෙ හොස්පිට්ල් එකක ඇදක් උඩ………… මගෙ ලගම ඉදගෙන මගෙ අතක් අල්ලගෙන හිටියෙ සෙත්……..මට ඒ වෙද්දිත් හොදටම බඩ, කොන්ද හරියෙ පේන්ස් එනව…….


“ මොනවද මට උනේ…….....ඇයි මේ….....හොස්පිට්ල් එකක් නේද ........?"


" හරි ……හරි…… ඔක්කොම කියන්නම් කල්පනා  ඉන්න…......කලබල වෙන්න එපා…….ඔයා එක්සෑම් ඉවර වෙලා හෝල් එකෙන් එලියට එනව මම බලාගෙන හිටියෙ……


.ඔයා ටිකක් ඉස්සරහට ඇවිල්ල එතන තිබුන කනුවක් අල්ලගෙන බිම ඉදගත්ත……... මම ඉක්මනට ලගට ඇවිල්ල බලද්දි ඔයා ෆේන්ට් වෙලා………."


“ඊට පස්සෙ අපි ඉක්මනට 112 කතා කරල ඔයාව හොස්පිට්ල් එකට ගෙනාව…….ඔයාව ඉමජන්සි කෙයාර් දාල මේ ඉන්නෙ……..දැන්  ඔයාට මොනවද තියන අමාරු ?”


කියල අහනකොටම නර්ස් කෙනෙකුයි, ඩොක්ටර් කෙනෙකුයි ආව මගෙ ලගට


“දැන් කොහොමද ඔයාට දැනෙන්නෙ……..”


ඒ ඩොක්ටර් ඇහුව.....


“මගෙ බඩ, කොන්ද ඔක්කොම හොදටම රිදෙනව… ……හුස්ම ගන්නත් අමාරුයි වගේ……..”


“අපිට මෙයාගෙ යූරින්, බ්ලඩ් චෙක් කරන්න ඕන…….. ස්කෑන් එකක් ගන්නත් ඕන........නර්ස් ඒක ලෑස්ති කරන්න……......."


ඒ හැමදේම කරනකල් මම ලොකු පේන් එකක් ඉවසගෙන හිටියෙ.........

අන්තිමේදී මට හුස්ම ගන්නත් ගොඩක් අමාරු උනා...........


දැන් අපි මෙයාට ඔක්සිජන් දෙනව............සේලයින් එකකුත් දෙනව පේන් කිලර්ස් එක්ක……පේන් කිලර් එකට පේෂන්ට් ට නින්ද යයි…….. ටෙස්ට් වල රිපෝට් ආවම අපි බලමු………”


මං ගැන විස්තර ඇහුව සෙත්ට නර්ස් කිව්වෙ එහෙම..............


මට ආයෙ ඇහැරෙනකොට........ඉවසගෙන ඉන්න බැරි තරමට නැතත් සෑහෙන්න පේන්ස් තිබුන…….


ඒ වෙලාවෙ සෙත්  වගේම එයාගෙ පේරන්ට්ස්ලත් එතන හිටිය………සෙත් මගෙ දිහා බලාගෙන හිටියෙ බයවෙලා වගේ……..


මම සෙත්ගෙන් මට මොකද වෙලා තියෙන්නෙ කියල ඇහුවමත් එයා හරි උත්තරයක් දුන්නෙ නැහැ………


මම සෙත්ගෙ පේරන්ට්ස්ලගෙනුත් ඇහුව මට මොකද වෙලා තියෙන්නෙ කියල……..එයාල හිටියෙත් බයවෙලා වගේ……..


සෙත්ගෙ අම්ම එතකොට මට කිව්ව……..දැන් ඩොක්ටර් එනව දුව…….බයවෙන්න එපා කියල……


‍ටික වෙලාවකින් ඩොක්ටර්ස්ල දෙන්නෙක් ඇවිල්ල මාත් එක්ක කතා කලා………..


“ඔයාගෙ නම මොකක්ද ?”


“කල්පනා”


“කල්පනා ඔයාට කොහොමද දැන් දැනෙන්නෙ…….?”


“මට හරි අමාරුයි ඩොක්ටර්……..මට මොනවද වෙලා තියෙන්නෙ……."


...........මං දිහා බලාගෙන ටිකක් වෙලා කල්පනා කරපු එක ඩොක්ටර් කෙනෙක්...........ගොඩක් කරුණාවන්ත විදිහට මට කතා කලා…….


“  කලබල  වෙන්න එපා කල්පනා....…….අපිට දැන් ඔයාට දෙයක් කියන්න තියනව……..ඒක ටිකක්  බෑඩ් නිව්ස් එකක්………ඔයා ඒක අහන්න සූදානම්ද……..?”


“ ඔව් ඩොක්ටර් කියන්න........"


මම හිටියෙ  සෑහෙන්න බයවෙලා වෙව්ලනව වගේ උනත්......... හිතට ධෛර්ය අරගෙන උත්තර දුන්න……..




° දෙවෙනි පරිච්ඡේදය :


Sinhala love story by Muthuwrites, novel scene ,

“........කල්පනා  අපි ඔයාගෙ විස්තර දැනගත්ත……. ඉතින් ඔයාගෙ පේරන්ට්ස්ලත් මෙහෙ නැති නිසා……… අපිට  ඔයා එක්ක මේ වෙලාවෙ මේ ගැන කතා කරන්නම වෙනව……..


 ඔයාට ගොඩක් ලොකු කිඩ්නි ඩිසීස් එකක් ඇවිල්ල තියෙන්නෙ……..ඔයාගෙ කිඩ්නීස් දෙකම හොදටම ඩැමේජ් වෙලා…….ඔයාට ඉක්මනින් ට්‍රාන්ස්ප්ලාන්ට් එකක්  කරන එක තමයි එකම සොලුයුශන් එක වෙන්නෙ……….ඒක ඉමීඩියට්ලි කරන්න වෙනව…….


“ඉතින් ඔයාගෙ පේරන්ට්ස්ල එක්කත් කතා කරල ඉමීඩියට්ලි ඇක්ශන් එකක් ගන්න වෙනව……….”


“.........බය වෙන්න එපා කල්පනා..…….අපි කොහොම හරි හැමදේම සෙට්ල් කරගමු……….ඔයා මුලින්ම ඔයාගෙ හිත ශක්තිමත්ව තියාගන්න මේ වෙලාවෙ………..මේ වෙලාවෙ ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නෙ………”


ඒ ඩොක්ටර් හරිම  කරුණාවන්ත විදිහට කතා කලේ…….තව මොනවද මොනවද ගොඩක් දේවල් කිව්ව……..ඒත් ඒ එකක්වත් ඇහෙන මානසිකත්වයකින් නෙමෙයි මම ඒ වෙලාවෙ හිටියෙ……..


ඊට පස්සෙ ඒ ඩොක්ටර්ස්ල සෙත් එක්කයි……..සෙත්ගෙ තාත්ත එක්කයි තව මොනවද කතා කර කර ඉදල එතනින් ගියා……..


මට ඒ වෙලාවෙ දැනුන හැගීම් විස්තර කරන්න මට තේරෙන්නෙ  නැහැ………හරියට මගෙ හැමදේම නැති උනා වගේ මට හිතුනෙ……….මගෙ මුලු ලෝකෙම කඩන් වැටුන වගේ මට දැනුන……….


මම දැක්ක සෙත් ගොඩක් දුකින් මගෙ දිහා බලන් ඉන්නව…….


සෙත්ගෙ අම්ම මගෙ ලගට ඇවිල්ල මගෙ අතින් අල්ලගෙන මට කිව්ව………බයවෙන්න එපා දුව……..අපි ඉන්නව ඔයත් එක්ක…….කියල……


මට ඕන උනේ ඉක්මනින් මගෙ අම්මලට කතා කරන්න……..


අම්මට තුරුල් වෙලා මගෙ දුක කියන්න මට ඕනෙ උනා……


ඒත් මම කොහොමද එහෙම කරන්නෙ…… අම්මල හැතැප්ම දහස් ගණනක් ඈත ඉන්නකොට……….මට පුදුම දුකක් ඒ වෙලාවෙ ඇති උනේ………


මම මගෙ පේරන්ට්ස්ලට කතා කරන්න ඕනෙ කියල සෙත්ට කිව්වම…….සෙත්ගෙ අම්ම මට කිව්ව…….. දුව තාම ඔයාට ගොඩක් අමාරුයිනෙ……..තව චුට්ටක් රෙස්ට් කරල තව ටිකකින් ඔයා අම්මලට කතා කරන්න………   ඊට පස්සෙ අපිත් එයාල එක්ක කතා කරන්නම්…..කියල…………


“ඉතින් සාරා දැන්නම් මට හොදටම මහන්සියි………දැන් අපි යන්න ඕන……..වෙන දවසක ආයෙ හම්බවෙමු…….”


“සාරා හෙට ඔයාගෙ ප්‍රෝග්‍රෑම් මොනවද………? බෝයි ෆ්‍රෙන්ඩ් එක්ක මොනව හරි ප්‍රෝග්‍රෑම්ස් දාගෙන ඉන්නවද……..?”


“නැහැ මැඩම් හෙට අපි මීට් වෙන්නෙ නැහැ………හෙට ෂෝන්ගෙ බාස්කට් බෝල් ක්ල්බ් එකේ ටූනමන්ට් එක…….එයා ඒකට යනව……අදත් ගියේ ඒ ප්‍රැක්ටිසස් වලට තමයි…….මට හෙට මොකුත් ව්ශේෂ දෙයක් නැහැ මැඩම්……….”


“හොදයි සාරා එහෙනම් අපි මෙහෙම කරමු………හෙට උදේට මම චර්ච් යනව………ඊට පස්සෙ ඉන්නෙ ගෙදර………සාරා හෙට මගෙ ගෙදරට එන්න උදේ 10.30 ට විතර……..අපි ලන්ච් එකත් අරන් කතා කරමු……..”


“අනේ හොදයි මැඩම්……..මැඩම්ට කරදරයක් නැහැ නේද……?”


“නැහැ සාරා…….කරදරයක් නම් මම එන්න කියන්නෙ නැහැනෙ……”


“හොදයි මැඩම්…….මමත් උදේට චර්ච් යනව…….ඊට පස්සෙ මම මැඩම්ගෙ ගෙදර එන්නම්………”


ඉන්පසු අපි කැෆේ බ්ලොම් එකෙන් පිටවී ආවෙමු…….. සාරා පැමිණ තිබුනේ බයිසිකලයෙනි………ඇය බයිසිකලය තල්ලු කරගෙන මගේ අපාර්ට්මන්ට් එක ලගට පැමිණ ඉන්පසු පිටත් වී ගියාය………..


ගෙදරට පැමිණි පසු……වෙනදාට නැති පාලු හැගීමක් දැනුනේ ඇයිදැයි වටහාගත නොහැකි වූවත්……….හැමදේම වෙනදා මෙන් නැති බව පමණක් මට දැණිනි………


ඒ වසර ගණනාවකට පසු මගෙ අතීතය ගැන කෙනෙකු සමග කතා කිරීමෙන් දැනුන හැගීමක් විය හැකිය………


එදින රාත්‍රියද මට වෙනදාට වැඩියෙ දිගු විය………


” මට මේ විදිහෙ දුකක් දෙන්න නම්…….ඇයි මට ඔයාගෙ ජීවිතේටත් වැඩියෙ ආදරේ කලේ සෙත්……” 


 දහදහස් වතාවකටත් වැඩියෙන් මම මගෙ සිතෙන් අසා ඇති ප්‍රශ්ණය අදත් ඇසුවේ……..පිළිතුරක් නැති බව දැන දැනමය……….


පසුදා උදයේ ඉරුදින දිව්‍ය පූජාවට සහභාගී වූයේ…… දැන් මගේ ජීවිතයට ඇති ලොකුම සැනසීම එය වූ නිසාවෙනි………


සෑම දිනකම දිව්‍ය පූජාවේදී මුණගැසෙන හිතවතුන් කිහිපදෙනකු සමග වචන කීපයක් හුවමාරු කරගැනීමෙන් පසුව………සුපර් මාකට් එකට ගොස් අත්‍යවශ්‍ය බඩු ටිකක් රැගෙන ඉක්මනින් ගෙදරට පැමිණියේ………සාරා නිවසට එන නිසාවෙනි…………..


නිවසට ගොස් උදේ ආහාරය ගෙන………….සාරාට සහ මට දිවා ආහාරය පිළියෙල කරන්නට සූදානම් වෙමින් සිටියදී……සීනුව නද දෙන ශබ්දය ඇසිණි……….


මා ඉදිරිපසට ගොස් දොර අරින විට…….මලක් මෙන් හිනැහෙමින් ලස්සන මල් පොකුරක්ද අතැතිව සිටියේ සාරාය………….


“ ගුඩ් මෝනින් මැඩම්…….. “


“ වෙරි ගුඩ් මෝනින් සාරා……… “


“ හරියටම වෙලාවට ඇවිල්ල නේද……..?”


“ මට ඊයෙ රෑ හරියට නින්ද ගියෙවත් නැහැ මැඩම් අද එන්න තියන නිසා…….”


සාරා පැවසුවේ සුරතල් හඩින් හිනාවෙමින් ඇය ගෙනා මල් පොකුර මගෙ අතේ තබමිනි……….


“ සාරා එච්චරටම කැමතියිද මගේ කතාව අහන්න…….”


“ අනේ ඔව් මැඩම්……..”


“ සාරා ෆ්‍රොක් එකට හරිම ලස්සනයි……මම ඔයාව ඔහොම දැකලම නැහැනෙ…….”


“ ඔව් මැඩම්…….අද ඉතින් චර්ච් ගියානෙ……..”


“ ඉතින් එන්න සාරා ඇතුලට…….”


“  ෂා….මැඩම්ගෙ ගේ හරිම ලස්සනයි……..”


නිවස තුලට පැමිණ සාලය පුරා දෑස් යවමින් සාරා කීවාය…….. එකෙනෙහිම දෑස් එක් තැනක නතර කරගත් ඇය විශ්මය රැදුනු වතින්………


“ මැඩම්…..මේ….මේ……අර……”


යනුවෙන් පවසද්දී……..මම ඇගේ දෑස් නතර වූයේ කොහිදැයි බැලුවෙමි………..



ගිනි සිතුවම් Previous Episode




Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 12 නෑදෑ ගමන ( හාස්‍යයට පමණි ) - by Muthuwrites

ලේලිගේ දිනපොත - 14 සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම ( හාස්‍යයට පමණි ) - by Muthuwrites