නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි. වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය. ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි. ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ. එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...
Comments
Post a Comment