ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ගිනි සිතුවම් - Episode 01 : කුතුහලයෙන් පිරුණු ආදරණීය කතාව

හැදින්වීම :

Gini Sithuwam Introducing image

 

ඔබ අහල තියනවද ඇත්ත ප්‍රබන්ධයට වඩා විශ්මයජනකයි කියල. ඔව් එය ඇත්තක්. මේත් ඒ වගේ විශ්මයජනක සත්‍ය කතාවක්.

ඒත් ඒ ඔබේවත්, මගේවත් පොදු කතාවක් නෙවෙයි. මේ අපි ජීවත් වෙන ඉරහද යටම ජීවත්ව මිය ගියා වූද, තවමත් ජීවත්ව සිටින්නාවූද ඔවුන්ගේ අතිශය විශ්මයජනක වූ කතාවයි.

ඔවුන්ගේ ඒ කතාව කියවන්න මම ඔබට දයාබරව ආරාධනා කරනව.


° පළවෙනි පරිච්ඡේදය :

Gini Sithuwam - 01  Stockholm මුහුදු වෙරළේ


හිරු අවරට යනවිට අහසේ තිබෙන්නේ තැඹිලි,රෝස පැහැයන් වලින් යුත් අමුතුම වර්ණයකි……..

බෝල්ටික් මුහුදේ සුළග මුසුවුන චමත්කාර හැන්දෑව විදිමින් සිටින මගේ ඇස්…..ආසියාතික සම්භවයක් ඇති ඒ ලාබාල පෙම්වතුන් යුවළ දෙසට ඇදුනේ කී වෙනි වතාවටදැයි මටම සිහි නැත……..

කොතෙක් වෙර දරා තබා ගන්නට හැදුවත් දිය යට තිබෙන රබර් බෝලයක් අතහැරුනු විට උඩට එන්නාක් මෙන් මතුවන මගේ අතීත මතක අමතක කිරීම දැන් මම අතහැරම දමා සිටිමි………..

මගේ ඉතිරි ජීවිත කාලයත් ඒ මතක සමගම ජීවත් වීමට මා හිත හදා ගත්තේ දැනට බොහෝ කලකට ඉහතදීය…….

එහෙත් මේ පෙම්වතුන් යුවළ දකින වාරයක් පාසා මගේ සිතට දැනෙන හැගීම් තේරුම් ගැනීමට මටම නොහැකිය……

එයට හේතුව මගේ අතීතය මට කැඩපතක් සේ දිස්වීම යැයි අවසානයේ මම තේරුම් ගත්තෙමි…….

මම කල්පනා ජයමාන්න, ජීවත් වන්නේ ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ……..

එහි ෂෙප්ස්හෝමෙන් දූපතේ පිහිටා ඇති රෝයල් ඉන්ස්ටිටියුට් ඔෆ් ආර්ට් සරසවියේ චිත්‍ර කලාව පිලිබද කතිකාචාර්යවරියක් ලෙස සේවයේ යෙදෙමි…….

මා කතිකාචාර්යවරියක් ලෙස සේවය කිරීමට මෙහි පැමිණ මේ ගෙවී යන්නේ හය වන අවුරුද්දයි……

මින් වසර විසිහතකට පෙර ශිෂ්‍යත්වක් ලැබ පශ්චාත් උපාධියක් හැදෑරීමට පැමිණ දෙවසරක් මෙහි සිටියෙමි…..

චිත්‍ර කලාව හැදෑරීමට ලොව සුදුසුම ස්ථානය මේ යැයි මට සිතේ……..

බෝල්ටික් මුහුදින් වටවුන මේ මනරම් දූපතට පැමිණීමට ඇත්තේ පාලමකිනි…….

දූපත වටාම අතිශය සුන්දර වූ වෙරළ දිගේ ඇවිද යා හැකිය…..

මා මෙහි ගෙවූ පළමු ශීත සමයේදී මුලු දූපතම හිම වැටී සුදු පැහැ වූ විට මට එය පෙනුනේ පියවි ඇසින් දකින සුරංගනා ලෝකයක් මෙනි………

මේ පරිසරය කෙතරම් සුන්දරදැයි පවසනවානම් එය අති දක්ශ ශිල්පියෙකු අතින් නිමවු චචමත්කාරජනක චිත්‍රයක් වැනිය…….

දිනක් රාජකාරිය නිමවී කෝපි කෝප්පයක්ද අතැතිව බංකුවක වාඩිවී මුහුද දෙස බලා සිටි මගේ කල්පනාව බිදුනේ එහාපසින් ඇසුනු මිහිරි කටහඩකිනි……

“මැඩම් එක්ක ටිකක් කතා කරන්න පුලුවන්ද?”

ඉංග්‍රීසි බසින් ඉතා විනීත හඩකින් අසන්නේ මා සැමදාම දකින ආසියාතික සම්භවයක් ඇති යෞවනියයි…….

ඇගේ පෙම්වතා පෙනෙන්නට සිටියේ නැත……..

ඇය කෙතරම් රූමත් යුවතියක්දැයි මට පෙනුනේ ඇයව මෙලෙස සමීපව දකින විටය……..

ඇයට තිබුනේ සුරතල් පෙනුමැති ආකර්ශනීය සුන්දරත්වයකි……

"ඔව් පුලුවන්...කියන්න."

"මැඩම් ඉන්දියන්ද ?"

" නැහැ. මම ශ්‍රී ලංකාවේ."

"ඔහ් මගෙ තාත්තත් ශ්‍රී ලංකාවේ......අම්ම නම් ඉන්දියන්. මම ඉපදිලා තියෙන්නෙ මෙහෙ.... හැබැයි මට හොදට සිංහල පුලුවන්." 

අමුතුම ඌරුවකට භාෂාව හසුරුවමින් වුවද ඇය පැවසුවේ ව්‍යක්ත සින්හල බසිනි.

"අදුනගන්න ලැබුනට හරිම සතුටුයි......මම කල්පනා ඔයාගෙ නම මොකක්ද?"

"මම සාරා”

"සාරා ආවෙ මේ අවුරුද්දෙ නේද?"

"ඔව් මැඩම්... බැවුලර් ෆස්ට් ඉයර්."

“මොකක්ද කෝස් එක?”

“පේන්ටින්”

“ආ… හොදයි…..මගෙ සබ්ජෙක්ට් එකත් පේන්ටින්.”

“අනේ ඇත්තද මැඩම්.”

“කෝ අද ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් නැත්ද?”

“එයා තාම ලයිබ්‍රරි එකේ වැඩක්…… මම මැඩම් එක්ක කතා කරන්න ඕන නිසා ඉක්මනින් ආව.”

“ආ…..ඒ කියන්නෙ මාත් එක්ක කතා කරන්නමයි ආවෙ.”

“ඔව් මැඩම්.”

“යුනි එකේ මොනව හරි දෙයක් ගැනද?”

මා එසේ අසද්දී ඇය කල්පනාකාරීව මදක් මුහුද දෙස බලා සිටින්නට විය.

මා දේශන පවත්වන්නේ පශ්චාත් උපාධි සිසුන් සදහාය. නමුත් මැය ප්‍රථම උපාධිය හදාරන්නියකි…….

මෙම සරසවියේ ප්‍රථම උපාධිය තිබෙන්නේ බොහෝවිට ස්වීඩිෂ් භාෂාවෙන් පමණි…… එයට බොහෝවිට පැමිණෙන්නේත් ස්වදේශික සිසුන්ම පමණි

මදක් කනස්සලු මුහුණින් නැවත මදෙස බැලූ ඇය,

“මම මැඩම්ගෙන් මේ දේ අහන එක හොදයිද කියල මට තේරෙන්නෙ නැහැ…..ඒක වැරැද්දක් නම් මට සමාවෙන්න…. ඒත් මට මැඩම් එක්ක මේ ගැන කතා කරන්නම ඕනෙ.”

“කමක් නැහැ සාරා….. ඕන දෙයක් අහන්න.”

“මම මේ යුනි එකට ඇවිල්ල ටික දවසකට පස්සෙ ඉදල ගොඩක් දවස්වලදි දැකල තියනව මැඩම් අපි දිහා බලාගෙන ඉන්නව……තව මොන තරම් කපල්ස් හිටියත් මැඩම් බලන්නෙ අපි දිහා විතරයි……ඒක මට හොදටම නෝටිස් උනා.

මැඩම්ව දකිනකොට මට හිතෙනව එහෙම බලන්නෙ නිකන්ම වෙන්න බැහැ…… මොනව හරි හේතුවක් තියෙන්න ඕන කියල…අනේ ප්ලීස් මැඩම් මම වැරදි දෙයක් කිව්වනම් මට සමාවෙන්න.”

අනපේක්ෂිතව ඇය පැවසූ දෙයට එකවරම පිළිතුරක් නොදී මම මදක් කල්පනා කලෙමි.

මා කිසිවෙකු සමග මගේ පෞද්ගලික ජීවිතය ගැන කතා ලෙහෙසියෙන් කතා කරන අයෙකු නොවෙමි……

විශේෂයෙන් ජීවිතයේ පළමු වතාවට මා සමග කතා කල අයෙකු සමග කොහොමටවත් එසේ කිරීමට සිතන්නේ නැත…….

. එහෙත් පුදුමය නම් මට ඇයව ප්‍රතික්ෂේප කිරීමට නොසිතීමයි.

“හරි…. සාරා අපි ටිකක් කතා කරමු. ඒත් අද නෙවෙයි…. මම ඔයාට කෝල් කරන්නම් මට නම්බර් එක දෙන්න.”

දුරකථන අංක හුවමාරු කරගැනීමෙන් පසුව මම ඇයට සමුදී එතැනින් නික්මුනෙමි.

එදින සිට සෑමදිනකම ඇය මට සුබ රාත්‍රියක්, සුබ උදෑසනක් කියා මගේ දුරකථනයට පණිවුඩ එවූ අතර…… හමුවන සෑම අවස්තාවකදීම සිනහවී අතවනා යනු මිස කතා කිරීමට පැමිණියේ නැත……

ඇගේ මේ විනීතභාවයට මම බොහෝ සේ පැහැදුනෙමි……

මම ෂෙප්ස්හෝමෙන් දූපත අසලම පිහිටි බ්ලාසියෙහෝමෙන් හි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක ඇති නිවසක තනිවම ජීවත් වන්නෙමි….

එය පිහිටා ඇත්තේ සරසවියට ඇවිදගෙන යා හැකි දුරකිනි…

අති නවීන පහසුකම් වලින් යුත් නිවස නිසා මට ආයාසයකින් තොරව එදිනෙදා වැඩකටයුතු කරගනිමින් ජීවත් වීමට හැකිය.

හැකි අවස්ථාවන් වලදී කෑම සාදා ගන්නෙමි නැතහොත් මෙහි ඇති සුපිරි වෙළද සලකින් මට සුදුසු යමක් ගෙන අනුභව කරන්නෙමි.

මෙහි ජීවිතය සරලය. පුද්ගල සම්බන්ධතාද රාජකාරී කටයුතු වලට පමණක් සීමා වී ඇත……..

තනිකමක් දැනෙන අවස්තාද නැතුවා නොවේ……. එහෙත් ඒ පිළිබද වැඩිදුර සිතීමට ගොස් ඇතිවෙන වේදනාවට වඩා නොසිතාම සිටීම යෙහෙකි…….

මට සාරා මතකයට ආවේ මේ දැන් ඇගෙන් පැමිණි සුබ රාත්‍රියක් පණිවිඩය සමගිනි. ඇය තවම මගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටී…..මම තීරණයක් ගත්තෙමි.

° දෙවන පරිච්ඡේදය :

Sithuwam  - 01 Episode  Stockholm අවන්හලේ

මම ඇයට පණිවිඩයක් තබමින් හෙට ඇයව මුණගැසීමට කැමති බව දන්වා යැව්වෙමි…….බොහෝ සේ සතුටු වූ ඇය එය පිළිගැනීමෙන් පසු, අපි කථිකා කරගත් පරිදි සරසවියේම පිහිටි කැෆේ බ්ලොම් හීදි මුණගැසුනෙමු. 

එය මුහුදට මුහුණලා සුන්දර වූ ස්ථානයක පිහිටා ඇති අවන්හලකි……..එදින සෙනසුරාදා දිනයක් වූ බැවින් එහි වැඩි දෙනෙකු සිටියේ නැත. 

කෙටි කෑම වර්ග කිහිපයක් සහ කෝපි ද ඇණවුම් කල මම ප්‍රීතිමත් දෙනෙතින් මා දෙස බලා සිටිනා යෞවනිය ඇමතුවෙමි

“ඉතින් සාරා….. කොහොමද?”

“හොදින් ඉන්නව මැඩම්.”

“කෝ අද ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්?”

“ෂෝන් බාස්කට් බෝල් ප්ලේ කරන්න ගියා.”

“ඉතින් සාරා….කියන්නකො ඔයා ගැන විස්තර ටිකක්.

“මගෙ හෝම් ටවුන් එක මැල්මෝ…… මෙහෙ ඉදල ට්‍රේන් එකේ පැය පහක් වගේ යනව යන්න.”

“ මගෙ අම්ම සයිකලොජිස්ට් කෙනෙක්……. තාත්ත ෆ්ලවර් ශොප් එකක් කරනව……මම විතරයි පවුලෙ ඉන්නෙ.”

“එතකොට මට ෂෝන්ව හම්බවුනේ හයි ස්කූල් එකේදි……අපි දෙන්නටම හොදට චිත්‍ර අදින්න පුලුවන්.

“අපිට ලොකු ආසාවක් තිබුන මේ යුනි එකට එන්න…… වාසනාවට අපි දෙන්නටම ඒ චාන්ස් එක ලැබුන……මේ යුනි එකට එන්න ලොකු කම්පිටිශන් එකක් තියනව.

එක දිගට කට උල් කරමින් ගිරවියක සේ කියවාගෙන ගිය ඇය කතාව නතර කරමින් මා දෙස බලාසිටින්නට විය.

“එතකොට ඔයාල මෙහෙ හොස්ටල් වලද ඉන්නෙ?”

“ඔව් මැඩම්.

“ඉතින් සාරා ඔයා කිව්ව නේද මං ගැන දැනගන්න කැමතියි කියල.”

“ඔව් මැඩම්… මම හරිම කැමැත්තෙන් ඉන්නෙ.

“එදා ඔයා මාත් එක්ක කතා කරද්දි ඇහුව නේද සාරා…..මම ඔයාල දිහා බලන් ඉන්නව ඒකට ලොකු හේතුවක් තියනව කියල ඔයාට හිතෙනව කියල…….ඔව් ඔයා හිතුව දේ හරි ඒකට හේතුවක් තියනව….. ඒක ගොඩක් දිග කතාවක්

 “එදා සාරා මාත් එක්ක කතා කලාට පස්සෙ මම මේ ගැන ගොඩක් හිතුව….. මම තව කොයිතරම් කාලයක් ජීවත් වෙයිද කියල කියන්න මම දන්නෙ නැහැ….. ඒ නිසා මට හිතුන මේ ගැන කාත් එක්ක හරි කතා කරන්න

 “ඉතින් මම ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න සාරා එක්ක කතා කරන්න හිත හදාගත්ත.

“ඇයි මැඩම්…තව කොයිතරම් තරම් කාලයක් ජීවත් වෙයිද කියල කියන්න දන්නෙ නැහැ කිව්වෙ…….මැඩම් තාම ඒ තරම් වයසට ගිහින් නැහැනෙ……

“සාරා මගෙ කතාව ඇහුවට පස්සෙ ඒ ඇයි කියල තේරුම් ගනියි…..

“මම ඉපදුනේ 1974 අවුරුද්දෙ ලංකාවෙ නිගම්බෝ  කියන සිටි එකේ. ඒකත් මේ වගේම මුහුද ලග තියන සිටි එකක්.

“සාරා ලංකාවට ගිහින් තියනවද?”

“නැහැ මැඩම්…..ඒත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ කවද හරි යන්න.

“මගෙ තාත්ත බිස්නස්මන් කෙනෙක්……තාත්තට ටුවරිස්ට් හොටෙල් එකක් වගේම ටුවරිස්ට්ලව ලංකාව වටේම ට්‍රිප්ස් අරන් යන ට්‍රාන්ස්පෝට් සර්විස් එකකුත් තිබුන.

“මමත් ඔයා වගේම කතෝලික.

ඇයගේ ගෙලෙහි ඇති කුඩා රන් මාලයේ එල්වා තිබෙන  කුරුසිය දෙස බලමින් මම පැවසුවෙමි

“මම ගියේ නිගම්බෝ වලම තිබුන ගර්ල්ස් ස්කූල් එකකට.”

“කොහෙන් ලැබුන හැකියාවකද කියල මටම තේරුම් ගන්න බැරි වුනත් පුංචි කාලෙ ඉදලම මට පුදුම ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් උනා…….

ඒ වගේම චිත්‍ර අදින එක තමයි මම ආසම කරන දේ උනෙත්…..

චිත්‍ර වලින් මට ලැබුන අවෝර්ඩ්ස්, සහතික රූම් එකක් පිරෙන තරමට තිබුන…….ඒ වගේම මම ඉගෙනගන්නත් ගොඩක් දක්ශයි…….

මගෙ පේරන්ට්ස්ලට ඕන උනේ මාව ඩොක්ටර් කෙනෙක් කරන්න……ඒත් මට තිබුන එකම ආසාව චිත්‍ර ශිල්පිනියෙක් වෙන එක…….ඒක හින්දම මම හයි ස්ටඩීස් වලට තෝරගත්තෙ ආර්ට්ස්……..

පේරන්ට්ස්ල ඒකට ගොඩක් අකමැති උනත් මම තීරණය වෙනස් කලේ නැහැ……

ඊට පස්සෙ මම කොළඹ යුනිවර්සිටි එකේ ආර්ට් ඩිග්‍රි එකක් කලා……. ඔයා අහල නැතුව ඇති සාරා……ඒ කාලෙ අපේ රටේ යුද්ධයක් තිබුන……තැන තැන බෝම්බ පිපිරුව……කලබල තිබුන…….ඉතින් ගොඩක් වෙලාවට යුනිවර්සිටි වහලත් තිබුන……

ඒ නිසා සාමාන්‍යයෙන් යන කාලෙට වැඩියෙ වැඩි කාලයක් ගියා ඩිග්‍රි එක ඉවර කරන්න……

කොහොම හරි මම ගොඩක් හොදින් යුනි එකේ වැඩ ටික කරල……..අපේ බැච් එකේ බැච් ටොප් උනා

ඒ වගේම යුනි යන කාලෙත් මම පිටරටවල් වල තිබුන එක්සිබිශන් වලට චිත්‍ර ඇරල……..ඒවලිනුත් අවෝර්ඩ්ස් එහෙම ගොඩක් අරගත්ත…..

ඔය අතරෙ ෆොරින් මැගසින් එකකින් මම දැක්ක මේ යුනි එකේ පෝස්ට් ග්‍රැජුවේට් ස්කොලෂිප්ස් වලට කෝල් කරල තියනව…….

 කොළඹ යුනි එකේ ඉන්නකොට මම මේ යුනි  එක ගැන විස්තර දැනගෙන හිටිය…….ලැබෙයි කියල ලොකු විශ්වාසයක් නැති උනත් මම ඇප්ලයි කලා………

ඇත්තටම මම හිතුවෙවත් නැති විදිහට මට මෙහෙට එන්න ලැබුන…… ඒ චාන්ස් එක ලැබුන එකම ඒෂියන් කෙනා විදිහට…..

“අපේ පේරන්ට්ස්ල ගොඩක් අකමැති උනා මුලින්ම මම ස්වීඩන් එනවට…….. මම එයාලට මේකෙ වටිනාකම කියල දීල කොහොම හරි එයාලව කැමති කරගත්ත…….”

“1999 අවුරුද්දෙ අගෝස්තු මාසෙ මම පළවෙනි වතාවට මම ස්ටොක්හෝම් වලට ආව……..ඒ ගමන මගෙ ජීවිතේ මේ තරමටම වෙනස් වෙයි කියල මම එදා හිතුවෙ නැහැ……”

“සාරා ඔයාට මොනව හරි කියන්න තියනව වගේ.”

මගෙන් යමක් ඇසීමට මෙන් බලාසිටින සාරාගෙන් මම විමසුවෙමි.

“නැහැ මැඩම් මේකයි… මට හිතුන මැඩම් ඒ දවස්වල හරිම ලස්සන ඇතියි කියල…….මොකද මැඩම් තාමත් ලස්සනයිනෙ….

“වෙන්න ඇති.”  මම සිනහවකින් පැවසූවෙමි.

“ඔන්න ඔතන ඉදල තමයි මගෙ කතාව පටන් ගන්නෙ…..

 කතාව කිව්වට මේක අවසානයක් නැතුව එක තැනකින් නතර උන කතාවක්……..

ඒක සාරාට තේරෙයි මම කතාව කියද්දි………”

“මේ යුනි එකට ආපු මුල් දවසෙම මම මේ පරිසරයෙ ලස්සනට වශී උනා කිව්වොත් වැරදි නැහැ……


Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/02.html


Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න





Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම