ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන


lelige dinapotha - 12, නෑදෑ ගමන

ගිය සතියේ මැච් එකෙන් "හිට් විකට්" වෙච්ච නැන්දම්මා වැඩියෙ සද්ද නැතුව හිටිය. අද අපි ලෑස්ති වෙන්නෙ මහත්තයගෙ පොඩි අක්කගෙ ගෙදර යන්න.

එයාට අම්මව බලන්න එන්න විදිහක් නැහැ කියල අම්මවත් එක්කගෙන රෑ කෑමට අපිට එහෙ එන්න කිව්ව.

පොඩි අක්කා බැඳලා ඉන්නේ සල්ලි තියෙන, හැබැයි සතේට ලෝබ "බිස්නස්කාර" පවුලකින්. නැන්දම්මාට ඕන වුණා පොඩි දුවගේ ගෙදර සිරියාවයි, එහෙන් ලැබෙන සැපයි පෙන්නන්න.

​ඉතින් මහත්තයයි, මමයි, නැන්දම්මයි තුන්දෙනාම හවස් වෙද්දී පොඩි අක්කලාගේ ලොකු ලක්සරි ගෙදරට ගොඩවැදුණා.

​අපිව දැක්ක ගමන් පොඩි අක්කා දුවගෙන ඇවිත් නැන්දම්මාව බදාගත්තා.

"අනේ අම්මේ.. ඔයා එනකම්මයි බලාගෙන හිටියේ. මම අම්මා එනවා කියලා අද විශේෂයෙන්ම 'ස්පෙෂල්' කෑමක් හැදුවා," කියලා මගේ දිහා බැලුවේ "ත.මු.සෙ.ලාට කොහෙන්ද මෙහෙම සැප" කියන ලයින් එකෙන්. 😎

​නැන්දම්මා සෝෆා එකේ වාඩි වෙලා, "අනේ මගේ පොඩි දූගේ ගෙදර ආවාම තමයි හිතට නිවනක් තියෙන්නේ. නැත්නම් ඉතින් මහ ගෙදර අපිට කවුරු සලකන්නද?" කියලා මට ඇහෙන්න වක්‍ර ප්‍රහාරයක් එල්ල කරා.

​ටික වෙලාවකින් පොඩි අක්කා කෑම මේසේ ලෑස්ති කරලා අපිට කතා කරා. නැන්දම්මා අපිවත් ඇදගෙන මේසේ ළඟට ගියේ දුවගේ "ස්පෙෂල්" කෑම වේල අපිට පෙන්නන්න.

​හැබැයි මේසේ දිහා බලපු මටයි මහත්තයාටයි හිනා යන්න ආවේ එකපාරටමයි.

මුළු මේසෙටම තිබුණේ කපපු පාන් පෙති ටිකකුයි, එළවලු තම්බපුව ටිකකුයි, ඉන්න අයගෙ ගානටම තියන බැදපු පොඩි කුකුල් මස් කෑලි ටිකකුයි, නාටු වෙච්ච කෙසෙල් ඇවරියකුයි, වතුර වීදුරු ටිකයි.

​නැන්දම්මාගේ මූණ එකපාරටම අඟුරු කෑල්ල වගේ වුණා. හැබැයි දුවව බේරගන්නත් එපැයි.🙁

"අනේ.. මගේ දුව දන්නවා මට රෑට බර කෑම හොද නැති බව. ඒකයි මටම ගැලපෙන්න මේ සැහැල්ලු කෑම වේලක් ලෑස්ති කරල තියෙන්නෙ.රසට, ගුණට," කියලා බොහොම අමාරුවෙන් පාන් කෑල්ලක් කටේ ඔබාගත්ත.

​මම ඉතින් නිකන් ඉන්නවද? "බවුන්ස්" බෝලෙට හරහට බැට් එක දැම්මා.

"අනේ ඔව් අම්මේ, අක්කාගේ 'ස්පෙෂල් ' කෑම වේල දැක්කාම මට මාර සන්තෝසයි. සල්ලිකාරයෝ වුණාට අක්කලා කොච්චර සරලද? නාස්තියක් ඇත්තෙම නැහැ. මම හිතුවේ අක්කා මස්, මාළු, ෆ්‍රයිඩ් රයිස් හදලා ඇති කියලා. මමත් ඉතින් පොඩි අක්කගෙන් මේ සරල රෙසපි එක ඉල්ල ගන්න ඕනේ, කියලා හිනාවුණා.

​පොඩි අක්කා ලැජ්ජාවටම, "නෑ.. මේ.. අම්මට ඉතින් බර කෑම හොද නැහැනෙ ඒකයි” කියාගෙන හරි හදිස්සියක් වගේ කුස්සියට ගියා.(ක්ලීන් බෝල්ඩ් 😆)

​කෑම කාලා ඉවරවෙලා අපි සාලේ වාඩි වෙලා ඉද්දී, පොඩි අක්කාගේ මහත්තයා ආඩම්බරෙන් කතාවට සෙට් වුණා.

​"අම්මේ.. මම ලබන මාසේ අලුත් BMW කාර් එකක් ගන්නවා. සල්ලි බැදල තියෙන්නෙ තාම වාහනේ ලංකාවට ආවෙ නැහැ” කිව්ව.

​නැන්දම්මා අපේ දිහාත් බලල දිහා, " අනේ සාදු සාදු, දැක්කානේ මගේ බෑණාගේ වැඩ? තරුණ වයසටම BMW ගන්නවා. මගේ පුතාටත් ඉතින් මෙහෙම දියුණු වෙන්න තිබුණා, හොඳ හයියක් ලැබුණා නම්," කියලා මට ‘ටොක්කක්’ ඇන්නා.

​මහත්තයා සෝෆා එකේ කොනකට වෙලා බිම බලාගත්තා.😔

​ඒ වෙලාවේම කුස්සිය පැත්තෙන් සද්දයක් ඇහුණා. පොඩි අක්කාගේ අවුරුදු 6ක පුතා දුවගෙන සාලෙට ආවා. ඇවිත් කෙළින්ම තාත්තා ළඟට ගිහින් හයියෙන් කෑගැහුවා.

"තාත්තේ.. තාත්තේ.. අර වොෂින් මැෂින් එක හදන්න ආපු අන්කල් සල්ලි ඉල්ලනවා. අම්මා කිව්වා තාත්තා ගෙදර නැහැ කියලා කියන්න කියලා. මම එහෙම කියන්නද ?"

​මුළු සාලෙම "ගල්" වුණා මහා පරිමාණයෙන් BMW ගන්න යන බෑණාගේ මූණ නිකන් තැම්බුන බීට්රූට් අලයක් වගේ වුණා. පොඩි අක්කා සාලෙට ආවෙත් මූණම රතු කරගෙන.

​නැන්දම්මා ලැජ්ජාව වහගන්න, "අනේ.. මේ ළමයි කරන විහිළු," කියලා හිනාවෙන්න හැදුවා.😊

​මම ක්ෂණිකව "සික්සර්" පාරක් ගැහුවා.

" කීයක්ද අක්කෙ දෙන්න තියෙන්නෙ? පැටියෝ නිකන් අක්කල සවුත්තු වෙන්න ඕනෙ නැහැනෙ. ඔන්න ඔය සල්ලි ටික ඔයා දීල දාන්න . පස්සෙ ඉල්ලගන්න පුලුවන්නෙ” කිව්ව

මහත්තය අක්කගෙන් ගාන කීයද ඇහුවම අක්ක 6000 යි කිව්ව.

​මහත්තයා පර්ස් එක ඇරලා රුපියල් 6000ක් අරන් බබා අතේ යැව්වා.

“නෑ මල්ලි, දන්නෙ නැත්ද, මේ දවස්වල පොඩ්ඩක් හිරවෙලා ඉන්නෙ. කාර් එකටත් සල්ලි බැන්දනෙ” කිව්ව මස්සිනා ලැජ්ජාවටම කාමරේට රිංගගත්ත. පොඩි අක්ක කසාය බීපු ගොලුව වගේ බලන් හිටිය. නැන්දම්මාට කරකියාගන්න දෙයක් නැතුව, "අනේ මට මහන්සියි, අපි ගෙදර යමු පුතේ," කියලා සාලෙන් නැගිට්ටා.

​රෑ 10ට විතර අපි ආපහු ගෙදර එන්න කාර් එකට නැග්ගා. නැන්දම්මා මුළු ගමනෙම කිසිම සද්දයක් නැතුව එළිය බලන් ආවා.

​මහත්තයා මගේ කනට කරලා හෙමින් කිව්වා, "බබා.. අද අක්කලාගේ සල්ලිකාර ෂෝ එක විනාඩි පහෙන් 'ෆ්‍රීස්' වුනා නේද කියල. 😆

​ අද පොඩි අක්කාගේ ගෙදර මැච් එකේ Score එක: ​මමයි මහත්තයයි දෙන්න : අද හොද ඉනිමක් සෙල්ලම් කලා.

​පොඩි අක්කයි, මස්සිනයි : තමන්ගේ ළමයගෙන්ම 'ක්ලීන් බෝල්ඩ් වුනා.

නැන්දම්මා : දුවගේ සිරියාව පෙන්වන්න ගිහින්, ලැජ්ජාව නිසාම 'රිටයර්ඩ් හර්ට්' වෙලා ඉක්මනින්ම පිටියෙන් ඉවත් වුණා 💨



Next Episode 👇

https://muthuwrites43.blogspot.com/2026/06/13.html

Previous Episode 

https://www.muthuwrites.com/2026/06/episode-03-by-muthuwrites.html


Click here to read all episodes of Muthuwrites.

Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම