ගිනි සිතුවම් - Episode - 02 ( කුතුහලයෙන් පිරුණු ආදරණීය කතාව ) - by Muthuwrites
° පළවෙනි පරිච්ඡේදය :
ෆැමිලි එකේ එකම ළමය විදිහට පේරන්ට්ස්ලත් එක්කම හිටිය මට එයාලගෙන් ඈත් වෙලා මෙහෙ ආපු දුක නැති කලේ මේ ලස්සන පරිසරය……
චිත්‍ර ශිල්පිනියක් විදිහට මට ඒක හොදටම දැනුනා……..”
“කව්රුහරි සුදුසුම තැනක සුදුසුම දෙයට මේ යුනි එක නිර්මාණය කරල තියනවයි කියල මට හිතුනෙ……..”
“මට ආව දවස්වල මේ හැමදේම නුහුරුයි. භාෂාව තමයි ලොකුම ප්‍රශ්නෙ උනේ……මෙහෙ ගොඩක් යූස් කරන්නෙ ස්වීඩිෂ් නෙ.”
“යුනි එකේදි ඒක ප්‍රශ්නයක් උනේ නැහැ. ගොඩක් යූස් උනේ ඉන්ග්ලිෂ්…….
ඒත් එදිනෙදා වැඩවලට තමයි ටිකක් ප්‍රශ්නයක් උනේ භාෂාවෙන්…….ඒ දවස්වල දැන් තරමටවත් ඉන්ග්ලිෂ් යූස් උනේ නැහැ………”
“ඒත් ඉතින් කොහොම කොහොම හරි හැමදේකටම පුරුදු උනා….”
“මම එතකොට හිටියෙ සෝදර්මාම් වල තිබුන ස්ටුඩන්ට් අපාර්ට්මන්ට් එකක…….මෙට්‍රෝ එකේ තමයි යුනි එකට ආවෙ….”.
“ආසාවට ඇවිදගෙන ආපු දවසුත් තියනව……..
ටිකක් දුර උනත් ඒ දවස්වල ඉතින් තරුණයිනෙ ගානක් නැහැ…..”
“ආනේ……. මැඩම් අපි ඉන්නෙත් සෝදර්මාම් වල තමයි……
හැබැයි අපි එන්නෙ බයික් වලින්……..”
“ඔව් ඒ දවස්වලත් අපි එක්ක හිටිය ගොඩක් අය බයික් වල ආව මට මතකයි…….”
“ඉතින් මෙහෙ ඇවිල්ල සති දෙකකට විතර පස්සෙ ආර්ට් ගැලරි එකේ එක්සිබිශන් එකක් තිබුන…….
ලෙක්චර්ස් ඉවරවෙලා මමත් ගියා ඒක බලන්න…….”
එදා තමයි මට මගෙ ජීවිතේ විශේෂම කෙනා මුණගැහුනෙ…….
ඒ එක්සිබිශන් එකේ එක කොටසක් තිබුන චිත්‍ර විකුණන්න තියන……එතන හරිම ලස්සන චිත්‍රයක් තිබුන……
ඒක නම් කරල තිබුනෙ “ෆයර්” කියල……..ඒක ඇත්තටම හරිම ලස්සනයි…… මම ඒ චිත්‍රෙ ලගට ගිහිල්ල ඒ දිහා බලාගෙනම ඉන්නකොට මට පිටිපස්සෙන් කටහඩක් ඇහුන…….
“එක්ස්කියුස් මී…..ඔයා මේ ච්ත්‍රෙ ගන්නද ඉන්නෙ?”......කියල ගැඹුරු කටහඩකින් ඉන්ග්ලිෂ් වලින් ඇහුව…….
මම ඒ කටහඩට අනිත් පැත්ත හැරුණ විතරයි එයා ගොලු වෙලා වගේ මගෙ දිහා බලාගෙන හිටිය…..”
එතන හිටියෙ අඩි හයක් විතර උස හරිම කඩවසම් ඒෂියන් බෝයි කෙනෙක්……
ඊට පස්සෙ මම… “එක්ස්කියුස් මී”.... කියල කිව්වම…..එයා මගෙන් ඉන්ග්ලිෂ් වලින්ම ඇහුව ඔයා ඉන්දියන්ද කියල…….
“නැහැ……මම ශ්‍රී ලන්කන්”...….මමත් ඉන්ග්ලිෂ් වලින් උත්තර දුන්න.
“ඒ කියන්නෙ ඔයා සිංහල කෙනෙක්ද…..?” අමුතු උච්චාරණයකින් උනත් මාව ගොඩක් පුදුම කරල එයා සිංහලෙන් ඇහුව…….
“ඇත්තටම ඒ මම මෙහෙට ආවට පස්සෙ කෙනෙක් සිංහලෙන් කතා කරනව ඇහුවමයි.”
“ඔව් මම සිංහල…….එතකොට ඔයත් සිංහලද…..?
“ඔව්….. මම සෙත් රාමනායක…..”
“ආනේ…….මම මෙහෙ ලංකාවෙ කෙනෙක් දැක්කමයි.”
“ඔයා විතරක් නෙවෙයි……..මේ මමත් දැක්කමයි……”
අපි දෙන්නටම හොදටම හිනා ….. මට නම් හරිම සතුටුයි හිතුන ලංකාවෙ කෙනෙක් දකින්න ලැබුන එක ගැන යුනි එකේ….
“ඔයා ඉස්සරින් මගෙන් මොකක්ද ඇහුවෙ….?”
“ආ…..ඔයා මේ ච්ත්‍රෙ ගන්නද ඉන්නෙ කියල….”
“අනේ….නැහැ…..මම මේ චිත්‍රෙ ගොඩක් ලස්සන හින්ද බලන් හිටිය විතරය…….
ඕ……තෑන්ක් ගෝඩ්…
…..ඇයි එහෙම කිව්වෙ….?
“මම මේ චිත්‍රෙට හරිම කැමතියි…..ඉතින් මම ඒක ගන්නයි අද ආවෙ…….ඔයා ඒක ගන්නවනං මට ගන්න බැහැනෙ…..ඉතින් දැන් චිත්‍රෙ මිස් වෙන්නෙ නැහැනෙ …..ඒකයි එහෙම කියවුනේ……
“මමත් මේ චිත්‍රෙට හරිම කැමතියි……..ඒත් ගන්න හිතුවෙ නම් නැහැ…….
“මගෙ නම නම් මම කිව්වනෙ……ඔයාගෙ නම මොකක්ද ?
“මම කල්පනා…….කල්පනා ජයමාන්න.”
“පොස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රි එකකට නේද ආවෙ……මොකක්ද කෝස් එක ?
“.....පේන්ටින්…..”
“ෂා……මමත් පේන්ටින්……සෙකන්ඩ් ඉයර්…..
“මම ස්කොලෂිප් එකක් ලැබිල ආවෙ….”
“ඕ…..ගෝඩ්… එහෙනම් ඔයා ගොඩාක් දක්ශ කෙනෙක් වෙන්න ඕන…….මොකද මේ යුනි එකේ ස්කොලෂිප්ස් වලට තියෙන්නෙ මාර කම්පටිෂන් එකක්……ස්කොලෂිප්ස් වලට විතරක් නෙවෙයි පේ කරල එන අයටත් චාන්ස් එකක් ගන්න ටිකක් අමාරුයි…….”
සෙත් හරිම අමුතු විදිහකට සිංහල කතා කලේ…….එහෙම කතා කරද්දි ලස්සනයි…….අහගෙන ඉන්න ආස හිතෙනව.
“ඔයා ලංකාවෙ කොහෙද ?....... මම නම් නිගම්බෝ වල…….
“අන්න එතන තමයි කල්පනා පොඩි ප්‍රශ්නයක් තියෙන්නෙ…….”
බැරෑරුම් පෙනුමක් විහිලුවට මුහුණේ මවාගත්ත සෙත් එහෙම කිව්ව.
”මම ලංකාවෙන් ඇවිල්ල තියෙන්නෙ ඉපදුන දවස්වලමයි……මෙහෙම හොදට සිංහල කතා කලාට මම ඊට පස්සෙ කවදාවත් තාම ලංකාවට ගිහිල්ල නැහැ……..
අනේ…..ඇයි ඒ……
“යුද්ධ….., කෝලහාල…….අරව මේව කියල අම්මල යන එක දවසෙන් දවස කල් දානව….…කොහොම හරි ඉක්මනට යන්න ඕන…….”
සෙත් හරිම ෆ්‍රෙන්ඩ්ලි වගේම ටිකක් දගකාර,ඇට්‍රැක්ටිව් එක්කෙනෙක් කියල මට ඒ කතා කරපු චූටි වෙලාවට
"මම දැන් යන්න ඕන...."
"කල්පනා කොහෙද ඉන්නෙ ?"
“සෝදර්මාම් වල ස්ටුඩන්ට් අපාට්මන්ට් වල......"
" ආ.......හොදයි...... අපේ ගෙවල් නම් තියෙන්නෙ ඕස්ටමාම් වල..........හරි එහෙනම් කල්පනා දැන් යන්න පරක්කු වෙනවනෙ............. මට තව වැඩ වගයක් තියනව කරගන්න..........අපි ආයෙ හම්බවෙමු .
මම ඊට පස්සෙ යුනි එකෙන් පිටවෙලා මෙට්‍රෝ ස්ටේශන් එකට ආව අපාට්මන්ට් එකට යන්න...........
° දෙවෙනි පරිච්ඡේදය :
මට තේරුම් ගන්න බැරි මොකක්ද ලොකු සතුටක් එදා මගෙ හිත පුරාම තිබුන මට මතකයි……..එදා වෙනදටත් වැඩියෙ වටපිටාව මට හරි ලස්සනට පෙනුන………
ඊට පස්සෙන්ද අපේ ලෙක්චර්ස් ඉවරවෙන වෙලාවට සෙත් ඇවිල්ල හිටිය මාව මුණගැහෙන්න……..මට හරිම පුදුමයක් වගේම ලොකු සතුටක් දැනුන……
“ඔයා කොහොමද මම මෙතන ඉන්නව කියල දන්නෙ…..”
“ඕක මහ ලොකු දෙයක්ද ?....... මම සෙකන්ඩ් ඉයර් එකට ගියේ ෆස්ට් එකේ ඉදලනෙ…..
“ඕ…….ඒකත් ඇත්ත නේ? “
“අපි කැෆේ එකට ගිහිල්ල මොනව හරි බොන ගමන් කතා කරමුද ?........”
එදා අපි මේ කැෆේ එකේ ඉදගෙනමයි කතා කලේ……..ඊට පස්සෙ සෙත් එදා මාත් එක්ක මෙට්‍රෝ ස්ටේශන් එකට යනකන්ම ආව……
අපි දෙන්න ඊට පස්සෙ හොදම යාලුවො උනා……..සෙත් එයාගෙ නමටම ගැලපෙන හරිම කරුණාවන්ත එක්කෙනෙක් කියල මම දැනගත්තෙ එයාව ලගින් ආස්‍රය කරනකොට………
සෙත් මට යුනි එකේ වැඩ වලට වගේම එදිනෙදා වැඩවලටත් ගොඩක් උදව් කලා……..මම අදුරන කිසිම කෙනෙක් නැති, භාශාවක් දන්නෙ නැති මට ඒක හරිම වටින දෙයක් උනා…….
සෙත්ට තිබුනෙ හරිම කරුණාවන්ත ගතිගුණ……ඇත්තට ඒ වෙනකල් මට ඒ වගේ කෙනෙක් මට හම්බවෙලා තිබුනෙම නැහැ………
සෙත් මොන වගේ කෙනෙක්ද කියල ඇහුවොත් මට දෙන්න තියන උත්තරේ සෙත් මේ ලෝකෙ ඉන්න හොදම මනුස්සයටත් වැඩියෙ ටිකක් හොද ඇති…….මම ඇයි එහෙම කිව්වෙ කියල ඔයාට මම මේ කතාව තව ටිකක් කියාගෙන යද්දි තේරෙයි සාරා………..
සෙත් ඔයා වගේම හරිම අමුතු විදිහට සිංහල කතා කලේ………..මම හරි ආසයි එයා සිංහල කතා කරද්දි අහන් ඉන්න…..හරිම ලස්සනයි ඒ ඇක්සන්ට් එක……..
ඔහොම ටික කාලයක් ගියාට පස්සෙ ……..එක ලස්සන හැන්දෑවක මුහුද ලග තිබුන බෙන්ච් එකක අපි දෙන්න ඉදගෙන හිටපු වෙලාවක සෙත් මට කිව්ව එයාට මට ව්ශේෂ දෙයක් කියන්න තියනව කියල……..
“මම මීට ඉස්සරින් ෆස්ට් සයිට් ලව් කියන එක විශ්වාස කලේ නැහැ කල්පනා…….ඒත් මම ඒක දැන් විශ්වාස කරනව……”
“ඇයි එහෙම කියන්නෙ…..?”
“......මම ඔයාට ආදරේ කරන්න ගත්තෙ ඔයාව මුලින්ම දැක්ක වෙලාවෙමයි……”
“එදා ඔයාගෙ මූණ දැකපුවම මට ඇතිවුන හැගීම් විස්තර කරන්න මට තේරෙන්නෙ නැහැ…….
මට ඒ වෙලාවෙ ඇත්තටම කතා කරගන්න බැරුව ගියා……
“මම ඔයාට ගොඩක් ආදරෙයි කල්පනා……..ඔයාටත් එහෙම හැගීමක් මං ගැන තියනව කියල මට දැනෙනව……. ඒකයි මම මේ ගැන ඔයත් එක්ක කෙලින්ම කතා කලේ………
මට හොදට හිතල උත්තරයක් දෙන්න…….”
සෙත් කියද්දි මගෙ ඇගම සීතල වෙනව වගේ දැනුනෙ…….මට වචනයක්වත් කතා කරගන්න බැරුව ගියා…….
ඇත්තම කිව්වොත්….. හිතන්න දෙයක් නැහැ………මම මේ වගේ දෙයක් සෙත් ගෙන් අහන්න බලාපොරොත්තුවෙන් හිටිය වගේ මට දැනුනෙ…….
ඊට පස්සෙ අපි දෙන්නම කතා නැතුව ටිකක් වෙලා මුහුද දිහා බලාගෙන හිටිය…….
“........ඔයාට මට කියන්න කිසිම දෙයක් නැත්ද කල්පනා ?........
“නැහැ සෙත්…….මම හිතුවෙ මං මොනවද ඔයාට කියන්නෙ කියල…….ඇත්තම කිව්වොත් ඔයා දැන් මගෙන් ඇහුවෙ……. මම ඔයා මාත් එක්ක කතා කරයි කියල මම හිතාගෙන හිටිය දෙයක් කියලයි මට දැනුනෙ…….”
“.......හිතන්න දෙයක් නැහැ සෙත්……මමත් ඔයාට ගොඩක් ආදරේ කරනව……..”
“මම එහෙම කිව්වම සෙත්ගෙ මූණෙ තිබුන හැගීම් මට තාමත් මතකයි……… මම එදා හොස්ටල් එකට ගිහිල්ල ඒ වෙලාවෙ සෙත්ගෙ මූණ තිබුන හැගීම් එක්ක සෙත්ගෙ ලස්සන චිත්‍රයක් ඇන්ද……..”
“ඒ චිත්‍රෙ තාමත් මා ලග තියනව.”
“මම කොයිතරම් ලස්සන චිත්‍ර ඇදල තිබුනත් මම ඇදපු ලස්සනම චිත්‍රෙ ඒ චිත්‍රෙ කියල මං හිතන්නෙ……..”
එදා අපි දෙන්න බීච් එකෙන් පිටවෙලා ගියේ ආදරවන්තයො විදිහට……….
එදා ඉදල තමයි මගෙ ජීවිතේ ලස්සනම කාලෙ පටන් ගත්තෙ…….
“ඒක හරිම පිවිතුරු ආදරයක්……… සෙත් මාව බලාගත්තෙ හරියට තාත්ත කෙනෙක් දුවෙක්ව……. එහෙම නැත්තං සහෝදරයෙක් සහෝදරියක් බලාගන්නව වගේ…….. හරිම ආදරෙන්……සැලකිල්ලෙන්……….”
“අපි මේ අයිලන්ඩ් එකේ ඇවිදපු නැති තැනක් නැහැ ……..
ඇස් රිදෙනකල් ඉර බහින වෙලාවට මුහුදට උඩින් අහසෙ පාට මොනවද කියල හොයන එක……..අයිලන්ඩ් එක වටේ කොයිතරම් වෙලාවකින් කොයිතරම් දුරක් යන්න පුලුවන්ද කියල බලන එක……… ගෝල්ඩන් ක්‍රවුන් බ්‍ර්ජ් එකේ ඉදල රෑ වෙන හැටි බලන් ඉන්න එක……. අපේ ප්‍රියතම විනෝදාංශ උනා……..”
Next Episode 👇
https://muthuwrites43.blogspot.com/2026/06/episode-03.html


Comments
Post a Comment