කියලා මගේ දිහා බැලුවා. මම ඉතින් නැන්දම්මා ලඟට ගිහින්,
"අනේ අම්මේ, ඔය වගේ කතා කියන්න එපා. හෙම්බිරිස්සාවක්නේ. අම්මා නැති වුණොත් අපිට කව්ද ඉන්නෙ? ඕක ඉක්මනට හොදවෙයි බයවෙන්න එපා” කිව්ව.😒
නැන්දම්මා එකපාරටම කිවිසුම් අරින එක නතර කරලා මගේ දිහා බලද්දී, මහත්තය අම්මට කිව්ව බේත් ගන්න යමු කියල
“බෑ පුතේ, ඔය දොස්තර බේත් මට අල්ලන්නෙ නැහැ. ඉගුරු කොත්තමල්ලි ටිකක් බිව්වම හරි යයි.” කිව්ව.
හස්බන්ඩ් “බබා එහෙනම් ඔයා අම්මට ඉගුරු කොත්තමල්ලි ටිකක් හදල දෙන්න.” කිව්ව.
දවල් වෙද්දී නැන්දම්මා සාලේ සෝෆා එකේ දිගාවෙලා,
"අනේ මට කෑම කන්න බෑ.. කටට කිසිම රහක් නෑ. තිත්තයි. හොද සැරට තියන මොනව තිබ්බොත් නම් බොන්න පුලුවන් " කියලා කෙඳිරිගාන්න ගත්තා.
හස්බන්ඩ් මට කිව්වා, "පැටියෝ, අම්මාට සැරට, රහට සුප් එකක් හදලා දෙන්නකෝ" කියලා.
මම ඉතින් හොඳට ගම්මිරිස් , සුදුලූනු එහෙම දාලා සැර එළවළු සුප් එකක් හදලා ගිහින් නැන්දම්මාට දුන්නා.
නැන්දම්මා සුප් හැන්දක් කටේ තියල
"අනේ මන්දා.. මේවායේ කිසිම සැරක් නෑනේ. දැන් කාලේ ළමයි ලෙඩෙකුට කටට සැරට රහට සුප් ටිකක් හදන්නවත් දන්නෙ නැහැනෙ කටට කිසිම රසක් දැනෙන්නේ නැහැ"
කියලා හස්බන්ඩ් ඉස්සරහා මාව බිංදුවටම දැම්ම.😒
“අනේ බබා හොද ළමය වගේ ගිහින් තව ගම්මිරිස් චුට්ටක් දාන් එන්න ඕකට. එතකොට අම්ම බොයි”
කියල හස්බන්ඩ් කිව්ව නිසා මම ආයෙ ගිහින් තව ගම්මිරිස් ටිකක් දාගෙන ආව.
ඒකෙන් හැන්දක් දෙකක් බිව්ව නැන්දම්මා “අපෝ කිසිම සැරක් රහක් නැහැ. මට මේක බොන්න බැහැ” කියල පැත්තකට කෙරුව
මම ඉතින් හස්බන්ඩ්ගෙ අතට තවත් හැන්දක් දීලා,
"අනේ බබා මම මේකට ගම්මිරිස් කුඩු මේස හැඳි තුනක්ම දැම්මා, අම්මට කොච්චර අසනීපද කියනවනම් මේකෙ රහ දැනෙන්නෙවත් නැහැනෙ. ඔයා පොඩ්ඩක් රස බලන්නකෝ" කිව්වා.
හස්බන්ඩ් සුප් හැන්දක් කටේ තිබ්බා විතරයි, "අම්මෝ..!! මේක මාර සැරයිනේ යකඩ කටක් තියෙන්න ඕනේ මේක බොන්න" කියලා කඳුළුත් ඇවිල්ල කුස්සියට දිව්වා වතුර බොන්න.
නහය අගටම සැර වැදිච්ච නැන්දම්මා, "මට දැන් ටිකක් සනීපයි වගේ" කියලා සුප් කෝප්පය පැත්තකින් තිබ්බා. 🔥 (කෙලින්ම බවුන්සර් පාරක් වැදුණා)
හවස් වෙද්දී පියසීලී ඇන්ටි ගෙදරට ආවා නැන්දම්මාට සනීප නෑ කියලා ආරංචි වෙලා. නැන්දම්මා ආයෙත් අර 'අසාධ්‍ය රෝගියාගේ' රෝල් එකට බැස්සා.
"අනේ පියසීලී .. මට නැගිට ගන්නවත් බෑ. ලේලි ඉතින් එයාගේ වැඩ පාඩුවේ කරගෙන ඉන්නවා. මම ඉතින් කාමරේට වෙලා මැරෙන්න වැටිලා ඉන්නවා" කිව්වා හරිම අහිංසක විදිහට.
මම ඉතින් තේ හදාගෙන නැන්දම්මගෙ කාමරේට ගියා.
දෙන්නටම තේ ටික දීල, නැන්දම්මාට වැඩ කරගන්න අමාරු නිසා එයාගෙ හෝදල ගෙනල්ල තියපු රෙදි ටික අල්මාරියට දාන්න අල්මාරිය ඇරිය විතරයි මැරෙන්න වැටිල වගේ හිටිය නැන්දම්මා එකපාරටම කිසිම අමාරුවක් නැතුව නැගිටල කෑගැහුව
“එපා එපා !! මම දාගන්නම්”🤬 කියල.
පියසීලී ඇන්ටි බයවෙච්ච පාරට ඇන්ටිගෙ අතේ තිබුන තේ කෝප්පෙත් බිම වැටිල බිදුන.
ඇන්ටි එකපාරටම හිනාවෙලා, "අයියෝ, මෙයාට හෙම්බිරිස්සාවක් හැදුනත් මුළු ලෝකෙම පෙරලන්න හදනව. ඔය හොඳට පණ තියෙන්නේ" කියලා නැන්දම්මාගේ පිටට තට්ටුවක් දැම්මා.
නැන්දම්මා ලැජ්ජාවටම "මම මූණ සෝදන් එන්නම්" කියලා බාත්රූම් එකට දිව්වා. 🚿 සාමාන්‍ය හෙම්බිරිස්සාව විනාඩි පහෙන් සනීප වුණා.
රෑ වෙලා හස්බන්ඩ් ඇඳට එනකොට හොඳටම හිනාවෙවී ආවේ. "ඔයා නම් මාරම ලේලි කෙනෙක් අනේ.. අම්මගේ අසනීප ඔක්කොම විනාඩි පහෙන් හොද කරානේ" කිව්ව.
අද හෙම්බිරිස්සා මැච් එකේ ස්කෝර් එක:
මගෙන්, වෛද්‍ය විද්‍යාවත් පුදුම කරවන ක්ෂණික සුවය ලබා දීමේ 'සික්සර්ස්' දෙකක්.
නැන්දම්මා, අසාධ්‍ය ලෙඩෙක් වෙන්න ගිහින්, යාළුවා ඉස්සරහදීම 'ක්ලීන් බෝල්ඩ්' වුණා.
හස්බන්ඩ් සුප් එකේ සැරට අහුවෙලා 'ඉන්ජර්ඩ්' වුනා.😁
° තුන්වන පරිච්ඡේදය :
වැස්ස නිසා ගොඩක් රෙදි එකතු වෙලා තිබුන. ඉතින් හස්බන්ඩ් නුත් එක්කම මම හේදිලා ඉවරවුන රෙදි ටික වැලට දැම්ම.
ඊට පස්සෙ මං ගේ මොබ් කරනකන් මහත්තය වොෂ් රූම් එක හේදුව. මම දැක්ක නැන්දම්මා සැරින්සැරේට ඔරව ඔරව බලනව.😬 මට හිතුන මැච් එකකට තමයි ලෑස්ති වෙන්නෙ කියල.
අන්තිමේට බළල මල්ලෙන් එලියට පැන්න.
“අනේ දෙයියනේ කවද මේ වගේ වැඩ කරපු කෙනෙක්ද මගෙ පුතා. මමවත්, අක්කල දෙන්නවත් මේන් කියල ගෙදර වැඩක් ගත්තෙ නැහැ පුතාගෙන්”
“අපි අතට පයට ඔක්කොම කරල දුන්න මිසක්. පව් දෙයියනේ! මගෙ කොල්ල” කිව්වෙ අඩනව වාගේ.
“අනේ අම්මෙ, මමත් කැමති නැහැ මෙයාගෙන් වැඩ ගන්න ඒත් මොනව කරන්නද මෙයාට ෆැටි ලිවර්, හයි කොලෙස්ටරෝල් දෙකම තියනවනෙ”
“ඩොක්ටර් කිව්ව අනිවාර්යයෙන්ම වැඩ කරන්න කියල. ඉතින් මමත් කැමති නැති වුනාට මෙයාට වැඩ කරන්නම වෙනව අම්මෙ” කියල මම කියද්දි .
“එහෙමද” කියල නැන්දම්මා යන්න ගියේ ඔරවගෙනම තමයි. (මම පාදයක් ඉදිරියට තියල කඩුල්ල බේරගත්ත 😊) මහත්තය කැස්සක් හදාගෙන ඉක්මනින් එතනින් මාරු වුනා..
හවස් වෙද්දී ගෙදරට ආවා පියසීලී ඇන්ටි. දෙන්නත් එක්ක සාලේ වාඩි වෙලා මුළු ගමේම මිනිස්සුන්ගේ ඕපදූප කියවන්න පටන් ගත්තා.
ටික වෙලාවකින් කතාව කැරකිලා ආවේ සුපුරුදු පරිදිම ගෙවල්වල ලේලිලාගේ අඩුපාඩු ගැන.
නැන්දම්මා මටත් ඇහෙන්න හයියෙන්, "අනේ පියසීලී, මගේ ලේලිත් ඉතින් රත්තරන් කෙල්ල. හැබැයි ඉතින් ගෙදරක පිළිවෙළක්, පිරිසිදුකමක් නෑනේ”
“දූවිලි පොදක් දැක්කොත් මට නම් ඉන්න බෑ. මම ඉතින් මේ ඇඟට අමාරු අස්සෙත් හැමතැනම පිහදානවා," කියලා “මගෙ ඔලුව අතගාල ටොක්කක් ඇන්න”🤫
මම ඉතින් ඒ වෙලාවේ ඒ දෙන්නට තේ අරගෙන එමින් හිටියෙ.
"ඔව් පියසීලී ඇන්ටි, අම්මා පිරිසිදුකමට වගේම තමයි පරණ දේවල් වලටත් හරි ආසයි. ගෙදර තියන දූවිලි වැදිල තියන පත්තර සගරා වගේ දේවල්වත් අයින් කරන්න දෙන්නෙ නැහැ”
“ඉතින් ඒව එහෙම්ම තියෙද්දි දූවිලි නැතුව ගේ තියාගන්න විදිහක් මම තාම කල්පනා කරනව”. මම කිව්වෙ දුක් මූණක් මවාගෙන.
පියසීලී ඇන්ටි අම්ම දිහා උපහාස බැල්මකින් බලද්දි, අම්ම මගෙ දිහා බලලුවෙ මාව කා.පි.ය වගේ බැල්මකින්.. "ක්ලීන් බෝල්ඩ්"
රෑ වෙද්දී හස්බන්ඩ් කාමරයට ආවේ ඔලුව කස කස. "බබා.. ඔයා අම්මට පියසීලී ඇන්ටි ඉස්සරහා එහෙම කිව්වේ ඇයි? අම්මා දැන් කාමරේට වෙලා අඬනවා," කිව්වා.
මම ඇඳෙන් නැගිටලා හස්බන්ඩ් ලඟට ගිහින්, "අනේ පැටියෝ, මම අම්මට කතා කරන්නම්. මම ඉතින් බොරුවක් කිව්වේ නෑනේ”
“අම්මා පිරිසිදුකමට ආසයි කිව්ව නිසා මම පිරිසිදු කරන්න ඕන තැන් ටිකක් මතක් කරලා දුන්නා විතරයි," කියලා අහිංසක හිනාවක් දැම්මා. 😇
මහත්තයා "උඹ නම්" කියන බැල්මෙන් මගේ දිහා බලලා නිදාගන්න ලෑස්ති වුණා.
📊 අද මැච් එකේ ස්කෝර් එක:
මගෙන්: සාර්ථක කඩුලු රැක ගැනීම් දෙකයි
නැන්දම්මා: දූවිලි වලින් පටන් අරගෙන, තමන් කපපු වළේ තමන්ම වැටිලා 'හිට් විකට්' වුණා.
මහත්තයා: අම්මයි බිරිඳයි අතර "අම්පයර්" වෙන්න ගිහින්, තීරණයක් දීගන්න බැරුව 'රන් අවුට්' වුණා. 🏃♂️
ලේලිගේ දිනපොත Next Episode
ලේලිගේ දිනපොත Previous Episode
Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න
Comments
Post a Comment