ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ලේලිගේ දිනපොත - 19 : වණ්ඩු ආප්ප හා උණු වතුර


° පළවෙනි පරිච්ඡේදය :

වණ්ඩු ආප්ප

Lelige Dinapotha - 19  වණ්ඩු ආප්ප

කුස්සියෙන් ආව සද්දෙට උදේ උඩ ගිහින් ඇහැරුනේ. වෙලාව බලද්දි පාන්දර 4 යි. අද හස්බන්ඩ් කෑම ගෙනියන්නෙ නැහැ කියල කිව්ව ඔෆිස් එකේ ලන්ච් එකක් කියල.



පාන්දරම උයන්න ඕනෙ නැති හින්ද පාන්දර නැගිටින්න ඕනෙ වුනේ නැහැ. ඊයෙ නැන්දම්මටත් ඒක කියල තිබුනෙ.

ඒත් මේ නැන්දම්මට නම් නින්ද යන්නෙ නැද්ද මන්ද මහ පාන්දර නැගිට ගන්නෙ. කන් දෙක තදට වහගෙන තව ටිකක් නිදිය ගත්ත 😴

හයට විතර නැගිටල කුස්සියට යද්දි කුස්සියෙ ඇත්තටම යක්කු ක්‍රිකට් මැච් එකක් ගහල වගේ.

මගෙ පිටිපස්සෙන් කුස්සියට ආපු හස්බන්ඩ්නුත් ඇස් දෙක ලොකු කරගෙන කුස්සිය දිහා බලන් ඉන්නව මම දැක්ක.

“මොනවද අම්මෙ ඔය කරන්නෙ?” කියල අහනකොට

“ අද පොඩි දුව එනවනෙ. මම මේ එයාලට වණ්ඩු ආප්ප ටිකක් හැදුව. කොහෙද ඒගොල්ලන්ට ඕව කන්න හම්බුවෙන එකක්‍ යෑ”

කියල කිව්වෙ හරියට රාජතාන්ත්‍රික රාජකාරියක් වගේ.

මම ඉතින් සෑහෙන වෙලාවක් අරගෙන කුස්සියත් අස් කරල උදේ කරන්න තියන වැඩ ටිකහ් ඉවර කරල කාමරේට ගියා මගෙ ඔෆිස් එකේ වැඩ වලට.

දවල් දහය විතර වෙද්දි පොඩි අක්ක ආව සද්දෙ ඇහුන මට. ඉතින් මමත් ගියා ඉක්මනට එයාලගෙ මැච් එක කොහොමද ප්ලේ කරන්නෙ කියල බලන්න ඕන නිසා 😊

“අනේ දුවේ මම අද උදේම නැගිටල ඔයාලට කන්න වණ්ඩු ආප්ප හැදුව. කන්නකො. චූටි පැටියත් කැමති වෙයි” කියල වණ්ඩු ආප්ප තුනහතරක්ම දීසියකට දාල අක්කලට දුන්න.

අක්ක එක වණ්ඩු ආප්පයක් දිග ඇරල කටට ගත්ත විතරයි එයාගෙ මූණ ඇඹුල් වෙනව මම දැක්ක. ඒ වණ්ඩු ආප්ප දකිනකොටමත් ගොඩක් හයිය පාටයි.

අක්ක වණ්ඩු ආප්පෙ කන එක නවත්තල අම්මට කිව්ව “අම්මෙ ඊයෙ ඉදල මටයි, පුතාටයි දෙන්නටම බඩේ අමාරුවක්. බේතුත් බීල ඉන්නෙ”

“දැන් ඕව කෑවොත් තව අමාරු වෙයි,අම්ම ඔය ටිකක් ඔතල දෙන්න අපි ගිහිල්ල කන්නම්” කියල.

අක්කට එහෙම කියල කට ගන්න හම්බවුනේ නැහැ පොඩි එකා ගත් කටටම ඇහුව “කවදද අම්මෙ බඩේ අමාරු හැදිල බේත් ගත්තෙ??🤔” කියල.

“කට වහගෙන ඉන්නව ළමයො, හැමඑකටම කට දානව” කියල ළමයට බැනපු අක්ක මගෙ දිහාටත් නොරුස්සනා බැල්මක් දැම්ම.

“ඔව් බඩේ අමාරුවක් නම් හොද නෑ තමයි දුවේ, එහෙනම් මම ඔතල දෙන්නංකො ගෙනියල කන්න ” කියල අම්ම කිව්ව.

ඔහොම ගිහිල්ල දවල්ට කන වෙලාවත් ආව. මම ඉතින් ගිහිල්ල කෑම ටික මේසෙට ඇරල ලෑස්ති කරල දුන්න.

“අනේ පොඩි අක්කෙ මම චිකන් ඩෙවල් එකකුයි , වටලප්පනුයි හැදුව ඔයාල අද එන හිංදම, ඒත් ඔයාලට බඩේ අමාරුවක් හිංද කන්න බැහැනෙ”

“ඉතිං ඔයාලට කන්න වෙන්නෙ බෝංචියි, පරිප්පුයි තමයි” කියල මම මැච් එකේ පාලනය තනිකරම මගෙ අතට ගත්ත.

අක්කගෙ මූණ නිකං ගොරක ලෙල්ලක් වගේ වුනා.

ඒත් ඒ මැච් එක මම අන්ත පරාජයකට පත් වුනේ, නැන්දම්ම අන්තිම ඕවර්ස් ටිකේදි හොදටම සෙල්ලම් කරපු හින්ද.

හැන්දෑවෙ අම්ම වණ්ඩු ආප්පත් එක්කම අර කෑම ඔක්කොම පොඩි අක්කලට ගෙනියන්න ඔතල දුන්න බඩේ අමාරු හොද වුනාම කන්න කියල 😦




° දෙවන පරිච්ඡේදය :

උණු වතුර

Lelige Dinapotha - 19  උණු වතුර

අද නම් උදේ ඇහැරුනේ හස්බන්ඩ් කහින සද්දෙට. ඊයෙ රෑ ඉඳන් හස්බන්ඩ්ට හෙම්බිරිස්සාවක් හැදිල.

ඇඟ පත රිදෙනවා කියලා කොට්ට මෙට්ට පෙරළගෙන මිනිහා ඇඳට වැටුණේ නිකන් ICC තරඟාවලියකදීම ආබාධයකට ලක් වෙච්ච ක්‍රීඩකයෙක් වගේ.

🤒 බය වෙච්ච පාර නැන්දම්මා උදේම කාමරයට කඩා වැදුණේ අත්බෙහෙත් වට්ටෝරුවකුත් ලෑස්ති කරගෙන.

​නැන්දම්මා මහත්තයාගේ ඔළුව අතගාන ගමන් මට ඇහෙන්නම, "අනේ මන්දා පුතේ, දැන් කාලේ ඉතින් කෑම බීම පිළිවෙළක් නෑනේ. ඇඟේ ප්‍රතිශක්තියක් ඇත්තෙම නෑ.

“අපේ කාලේ නම් අපි ලෙඩක් දුකක් හැදුණාම කොත්තමල්ලි ටිකක් බීලා වැඩපල ටිකත් කර ගත්ත.

“මේවා ඉතින් වෙලාවට කලාවට ගුණවත් කෑම බීම නොලැබුන එකේ ප්‍රතිඵල තමයි”

​මම ඉතින් හරිම අහිංසක විදිහට, "අනේ ඒක නම් ඇත්ත අම්මේ. මාත් මේ බැලුවේ මෙයාට කොහෙන්ද මෙච්චර ප්‍රතිශක්තිය අඩු වුණේ කියලා”

“මමත් මෙහෙට ඇවිල්ල තාම මාස හයක් විතරයිනෙ. මෙයා මෙච්චර කල් හරිහමන් විදිහකට කාල නැහැනෙ බලද්දි”

කියල කියද්දි නැන්දම්මා එතනින් ගියා නෙමෙයි ඉගිල්ලුනා 😂 (පළවෙනි බෝලෙටම ‘ස්ට්‍රේට් ඩ්‍රයිව්’ එකක් )

දවල් මට ඔෆිස් එකෙන් හදිස්සි මීටින් එකක් කෝල් කලා.

හස්බන්ඩ්ට ඩිස්ටර්බ් වෙන හින්ද මම ලැප්ටොප් එකත් අරගෙන කාමරෙන් එලියට යන්න හදනකොටම හස්බන්ඩ් මගෙන් උණුවතුර ටිකක් ඉල්ලුව.

මම ඉතින් ඉක්මනට කුස්සියට ගිහිල්ල “අම්මෙ අරය උණුවතුර ටිකක් ඉල්ලනව බොන්න. ගිහිල්ල දෙනවද, මට මේ හදිස්සි මීටින් එකක්” කියල කිව්ව.

මීටින් එක පටන් අරන් මිනිත්තුවක්වත් යන්න ලැබුනෙ නැහැ හස්බන්ඩ් මහ හයියෙන් මොර දෙනව.

මම ඉක්මනට ගියේ ඒ ගහන මැච් එක මොකක්ද බලන්න. බලද්දි අම්ම හස්බන්ඩ්ට බොන්න ගෙනියල දීල තියෙන්නෙ හොදටම උණු වෙච්ච වතුර එකක්.

හස්බනුත් එකපාරටම බීල. ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ දැන් හස්බන්ඩ්ගෙ කටත් පිච්චිලා.😩

“අනේ ඇයි අම්මෙ මෙච්චර උණු වතුර දුන්නෙ??” කියල මම අහද්දි,

“මම ඕනෙකමින් දෙනවයෑ මගෙ පුතාට. එච්චර උණුයි කියල මම හිතුවෙ නැහැ” කියල එතනින් යන්න ගිහින්, ආයෙ හැරිල…

“හැබැයි හැම රාජකාරියකට වැඩියෙ ගෑණියෙකුට වටින්නෙ තමන්ගෙ මිහිහගෙ රාජකාරිය” කියල එතනින් ගියේ ගස්සගෙන.

හස්බන්ඩ් කටත් පුච්චගෙන මගෙ දිහා බලන් හිටියෙ තර්ඩ් අම්පයර් LBW එකක තීරණය දෙනකන් ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න ක්‍රීඩකයෙක් වගේ.

මම ඉක්මනට කුස්සියට ගියේ හස්බන්ඩ්ගෙ කටට ගාන්න මී පැණි එක අරන් එන්න.

මුලින් මම හොදින් සෙල්ලම් කෙරුව වුනත්, පස්සෙ නැන්දම්මා දක්ශ පිති ප්‍රහාරයක නිරත වුනා. අද නම් හස්බන්ඩ් රියල් ඉන්ජර්ඩ් එකකට ලක්වුනා. 😓

ලේලිගේ දිනපොත Next Episode



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම