ලේලිගේ දිනපොත - 33 : නීති උපදෙස්

Image
නීති උපදෙස් පැතීම නැන්දම්මගෙ නිරීක්ෂණය  දැන් දවස් තුනහතරකට ඉස්සරින් මගෙ හොදම යාලුවෙකුට ප්‍රශ්නයක් වෙලා මගෙන් නීති උපදෙසක් බලාපොරොත්තු වුනා.  ඉතින් මම එයත් එක්ක කතා කලේ ගෙදරදි සාලෙ ඉදගෙන. මම දැක්ක නැන්දම්ම මම කතා කරනව  බොහොම උනන්දුවෙන් බලන් ඉන්නව. මම යාලුවත් එක්ක කතා කරල ඉවර වුනාම නැන්දම්ම මගෙ ලගට ඇවිල්ල ඇහුව, “ආ දුවේ, දැන් දුවේ ඔය ඕන කෙනෙකුගෙ ප්‍රශ්න වලට නීතියෙන් උත්තර තියනවද” කියල  “ඔව් අම්මෙ ඉතින් ගොඩක් දේවල් නීතියෙන් විසදගන්න පුලුවන්” කියල මම උත්තර දුන්න. යෙහෙළියන්ගේ පැමිණීම  අද මම ගෙදර ඉදල වැඩ කරන දවසක්.දවල් මම වැඩ කර කර ඉන්නකොට මට ඇහුන ගෙදරට කවුරු හරි ආව කියල.  ටික වෙලාවකින් කාමරේ දොරට ගගහ නැන්දම්මා “දුවේ දුවේ පොඩ්ඩක් එලියට එන්නකො” කියල කිව්ව. එළියට ඇවිත් බලද්දි නැන්දම්මාගේ යාළුවෝ දෙන්නෙක් පුටුවල වාඩිවෙලා ඉන්නව. “දුව අදුරනවනෙ මේ මගෙ යාලුවො දෙන්නෙක්. එයාල ඇවිල්ල ඉන්නෙ දුවව හම්බුවෙන්න” කියල නැන්දම්ම කියනව. “මාව ඒ මොකටද??” කියල හිනාවෙලා මම ඇහුවෙ නැන්දම්ම ඒ ගමන සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල හිතන ගමන්. ඊට පස්සෙ නැන්දම්මා හරි ආඩම්බරයෙන් “මේකයි දුවේ, ම...

ගිනි සිතුවම් - Episode - 03 : සුන්දර මතක

° පළවෙනි පරිච්ඡේදය :

Gini Sithuwam - Episode 03  කල්පනාට සම්මාන ලැබීම


ඔය අතරෙ සෙත් දවසක් මාව එයාලගෙ අම්මලට අදුන්නල දෙන්න මාව එයාලගෙ ගෙදරට එක්කගෙන ගියා.

සෙත් වගේම එයාගෙ අම්මයි, තාත්තයි දෙන්නත් ගොඩක් කරුණාවන්ත අය….., එයාල හරිම ආදරෙන් මාව පිළිගත්ත.…….මට සංග්‍රහ කලා…..මාත් එක්ක ආදරෙන් කතා කලා……

ඒත් මට හිතුන එයාල අපේ එෆෙයාර් එකට නම් ඒ තරම් කැමැත්තක් නැහැ කියල……… ඒක මට ඒ ඇයි කියල තේරුම් ගන්න බැරි දෙයක්........

ඒ ගැන පස්සෙ දවසක මම සෙත් එක්ක කතා කලා…….

“මෙහෙමයි කල්පනා මගෙ පේරන්ට්ස්ල ඔයාට හොදටම කැමතියි……ඒකෙ කිසිම ඉෂු එකක් නැහැ……ඒත් ප්‍රශ්නෙ මේකයි……මේ… මේ…. අම්මල බයවෙලා ඉන්නෙ මම ඔයත් එක්ක ලංකාවට යයි කියල……මොකද ඔයත් ෆැමිලි එකේ එකම ළමයනෙ……….ඒක නිසා

“ඔන්න ඕකයි අම්මලට තියන ප්‍රශ්නෙ…… අපි මෙහෙම කරමු කල්පනා……..අපි ඔයාලගෙ අම්මලටත් මෙහෙ එන්න කියමු……

ටික කාලෙකට හරි…… එයාලට එහෙයි….මෙහෙයි මාරුවට ඉන්න පුලුවන්නෙ…….අපිත් එයාලව ගිහිල්ල බලල එමු……..”

අපි එහෙමයි අනාගතේ ගැන හීන දැක්කෙ……. බටහිර රටක හැදුන වැඩුන උනාට සෙත්ට තිබුනෙ හරිම යහපත් ගතිගුණ……

සෙත් ඉන්නෙ ලෝකෙ කොහෙද….. ඒ ඕනෙ තැනක සෙත් එක්ක ඉන්න තරමට මම සෙත්ට ආදරේ කරන්න පටන් අරගෙන ඉවරයි එතකොට…..

මම මගෙ පේරන්ට්ස්ලටත් සෙත් ගැන කිව්ව……..සෙත් ගෙ ෆොටෝස් දෙකතුනකුත් ලෙටර් එකක් එක්ක ඇරිය…….

මම අම්මලට කෝල් කරන වෙලාවක කතා කරන්නත් දුන්න……

ඒගොල්ලො සෙත්ව ඇත්තටම දැකල නැති නිසා…….සෙත් ගැන ලොකු අවබෝධයක් තිබුනෙ නැහැ……..ඒත් මගෙ හිත රිදෙන්න මුකුත් කිව්වෙ නැහැ……..

අපි බලමුකො දුව…….මුලින් දුව ඉගෙනගන්න වැඩ ටික ඉවර කරගෙන ඉන්නකො.......කියල තමයි අම්මල කිව්වෙ...........

ඔහොම අපි දෙන්න ගොඩක් සතුටින් ඉන්න අතරෙ අපේ ස්ටඩීස් වැඩත් ගොඩක් හොදට කරගත්ත……සෙත් මගෙ වැඩ වලටත් ගොඩක් උදව් කලා…….....

මගෙ නිර්මාණ ලෙක්චර්ස්ල ගොඩක් අගය කලා……...එයාල කිව්වෙ කෙනෙකුට කලාතුරකින් පිහිටන ටැලන්ට් එකක් මට තියනව කියල………..ඒ ටැලන්ට් එක ඩිවලොප් කරගන්න එයාල මට සෑහෙන්න උදව් කලා.......

මම යුරෝප් වල තියන කම්පටිෂන්ස් වලට චිත්‍ර ඇදල ඒවලින් වින් කරල ගොඩක් අවෝර්ඩ්ස් එහෙමත් අරගත්ත……….

ඒවලින් හිතාගන්න බැරි තරම් කෑෂ් වලිනුත් මට ගොඩක් තෑගි ලැබුන………

මේ යුනි එකෙනුත් මාව ගොඩක් අගය කලා……..

සෙත්ටත් ලස්සනට චිත්‍ර අදින්න පුලුවන් උනාට එයා හැමතිස්සෙම කම්පටිෂන්ස් වලට යන්න මාව උනන්දු කරල මට ගොඩක් උදව් කලා……… . මම තමයි ගොඩාක්ම දක්ශ කියල……..

මම අවෝර්ඩ්ස් සෙරමනි වලට නෝර්වේ වලටයි……ෆ්‍රාන්ස් වලටයි…….ගිහිල්ල තියනව ඒ දවස්වල………

ඒ හැමතැනකටම මාත් එක්ක සෙත් ආව……....අපි ඒ රටවල් වල ලස්සන තැන් වල ඇවිදින්න ගියා.........ඒ දවස් හරිම සුන්දරයි.......

මම ගොඩක් ආස උන දෙයක් තමයි……….ෆ්‍ර්‍රාන්ස් වල ලූවර් මියුසියම් එකේ මොනාලිසා ගෙ පේන්ටින් එක දැක්ක එක………

ඒ පේන්ටින් එක කවදහරි ඇත්තටම දකින්න ඕනෙ කියන එක මට තේරෙන කාලෙ ඉදලම මම දැක්ක හීනයක්...........

“ඔය අතරෙ මම ස්වීඩන් වල දකින ෆස්ට් වින්ටර් එක ආව….

සීත උනාට මේ අයිලන්ඩ් එකේ ලස්සන මාව පිස්සු වැට්ටුව කිව්වොත් ඒක තමයි ඇත්ත………

බීච් එකත් එක්ක සුදුම සුදු පාටට පේන අයිලන්ඩ් එකේ ලස්සන..........මම වගේ චිත්‍ර අදින කෙනෙකුට කොයි තරම් වටිනවද කියල එක්ස්ප්ලේන් කරන්න මට වචන නැහැ සාරා………”

මට ඕන උනේ ඒ හැම සුන්දර දෙයක්ම මගෙ අත් වලින් චිත්‍ර විදිහට අදින්න…….

“මම තාම අයිලන්ඩ් එකේ වින්ටර් එක දැකල නැහැනෙ මැඩම්………මැඩම් කියන විදිහට මටත් වින්ටර් එක එනකල් ඉවසිල්ලක් නැහැ ඒක බලන්න…………”

“ඔව් සාරා මට වින්ටර් එක තවත් ලස්සනට පෙනුනෙ සෙත් මගෙ ලග හිටිය නිසා වෙන්න ඇති……..

සෙත් මට වැඩියෙ අවුරුදු 2යි වැඩිමල්………ඒත් එයා මාව බලගත්තෙ මගෙ හැම වැඩකටම උදව් උනේ හරියට පුංචි ලමයෙක්ව බලාගන්නව වගේ……

ඒ වගේම සෙත්ගෙ පේරන්ට්ස්ලත් මට ගොඩක් ආදරය කලා........මං ගැන ගොඩක් හොයල බැලුව........මට කෑම බීම හදල දුන්න........

ඒත් මට තේරුම් ගන්න බැරි මොකක්ද වෙනසක් එයාලගෙ තිබුන........ඒ පේරන්ට්ස්ල හැමතිස්සෙම මට කිව්වෙ දුව ඔයා ස්ටඩීස් ඉවර උනාමත් දිගටම මෙහෙ ඉන්න කියල..........



° දෙවෙනි පරිච්ඡේදය :


Gini Sithuwam - Episode - 03  සුන්දර මතක

ඒ දවස්වල මොබයිල් ෆෝන් තිබුනට.......... දැන් වගේ ස්මාර්ට් ෆෝන් තිබුනෙ නැහැනෙ….... කෝල් එකක් ගන්න, මැසේජ් එකක් යවන්න  විතරයි පුලුවන් වුනේ........

ඉතින් මුණගැහිලම තමයි අපි ගොඩක් කතා කලේ……...අපේ ආදරේ හරිම සුන්දර විදිහට ගලාගෙන ගියා……

“මැඩම් දෙයක් අහන්නද ? ………. මැඩම් වැරදි විදිහට හිතන්න එපා මෙහෙම ඇහුවට. ලංකාවෙදි මැඩම්ට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉදල නැත්ද ?

“මට කැමති උන අයයි….. මම කැමති උන අයයි කීප දෙනෙක්ම ඉදල තියනව…….ඒත් ඒව එෆෙයාර් එකක් වෙනකල් දුර යන්න අවස්ථාවක් ලැබුනෙ නැහැ……ඒ නිසා සෙත් තමයි මගෙ ෆස්ට් ලව් එක වගේම ලාස්ට් ලව් එකත්……….”

“ඉතින් සාරා ඔයාට දැන් මහන්සිත් ඇති නේද කතාව අහන් ඉදල…… ඉතුරු ටික වෙන දවසක කියන්නද……?”

“නැහැ මැඩම්…අද මොන තරම් පරක්කු උනත් මේ මුලු කතාවම අහල තමයි මම යන්නෙ…..මට ඒ තරම්ම ඉන්ටරස්ටින් මේ කතාව……..

“මැඩම්ට මහන්සිද මැඩම් ?”

“...නැහැ සාරා……දැන් දවලුත් වෙලා දන්නෙම නැතුව……

අපි දැන් ලන්ච් එකට මොනව හරි අරගෙන ඊට පස්සෙ ආයෙ කතා කරමු…….

“ලොකු දෙයක් නම් කන්න බැහැ මැඩම් බඩගිනි නැහැ……

“හරි බලමුකො…… අපි කැමති දෙයක් ගමු….එන්න…

“මා අහාරයට චිකන් සැලඩ් ඇණවුම් කලද.…… සාරා කැමැත්තක් දැක්වූයේ අතුරුපසක් ලබාගැනීමට පමණි…….. ඇයට කොතෙක් පෙරැත්ත කලද ඇය ආහාරයට ගත්තේ අතුරුපස පමනි………

ඇයත් අතීතයේ මා වැනිමය………මාද බොහෝවිට සෙත් ගෙන් බැණුම් අසමින්..... කෑම වේල් මග හරිමින්....... අතුරුපස පමණක් ආහාරයට ගන්නෙමි………….

මාව පුදුමයට පත් කරමින් ඇය ඇණවුම් කලේ බනානා ස්ප්ලිට් නැතහොත් බනානා බෝට් නමැති අතුරුපසයි……

 මට එය පුදුමයක් වූයේ එකල මාගේත් ප්‍රියතම අතුරුපස එය වූ බැවිනි……

ඉදුනු කෙසෙල් ගෙඩියක් දෙකට පලා එයට වර්ග කිහිපයක අයිස් ක්‍රීම් ස්කූප් දමා…….එයට උඩින් චොකලට් සෝස්, විප්ඩ් ක්‍රීම්, නට්ස්, චෙරිස් වැනි දේවල් දමා…….. විසිතුරු ආකාරයට ලස්සන බදුනක පිරිනමන ඒ අතුරුපස කෑමට මම බෙහෙවින් රුචි වීමි……….

මා ආසාවෙන් එය කන ආකාරය මා ඉදිරිපිට පුටුවේ වාඩිවී බලා සිටින සෙත්ව මට මේ දැනුත් මැවී පෙනෙන්නාක් මෙනි……

හිමිව තිබූ මනරම් අතීතයක සුන්බුන් සොයනා මා.........නැවත පියවි සිහියට ගෙන ආවෙ සාරා ගේ මිහිරි කටහඩයි……

“මොනවද මැඩම් ඔච්චර කල්පනා කරන්නෙ ….?”

“ඉස්සර මගෙත් ආසම ඩිසර්ට් එක ඕක තමයි….. මට ඒක මතක් උනා…..මම ආසාවෙන් ඕක කන විදිහ සෙත් මට හිනාවෙවී බලන් ඉන්න හැටි මතක් උනා……..”

“අනේ සොරි මැඩම්…….මැඩම්ට දුක හිතුන නම්……”

“නැහැ සාරා……...දුක හිතිල හිතිලම මට දුක හිතෙනව කියල දෙයක් දැන් නැහැ ……ඒ ගැන හිතන්න එපා…….”

“හරි……අපි දැන් කතාව නවත්තපු තැන ඉදල පටන් ගම්මුකො…………

ඉතින් ඔහොම සුන්දරව දවස් ගෙවිල ගිහිල්ල……..මගෙ ෆස්ට් ඉයර් එකේ ෆයිනල් එක්සෑම් එහෙමත් ලංවුනා…..

සෙත්ගෙ සෙකන්ඩ් ඉයර් එක…….ඊට පස්සෙ ඉතින් එයා යුනි එකෙන් යනව………අවුරුදු දෙකයිනෙ පෝස්ට් ග්‍රැජුවේට් ඩිග්‍රි එකට……….

ඔය අතරෙ සැරින්සැරේට මට අසනීප වෙන්න ගත්ත…… උණ…..යූරින් ඉන්ෆෙක්ශන්ස්…… බඩේ රිදිල්ල ..ඇගට දැනෙන මහන්සිය……..වගේ දේවල් සැරින්සැරේට ඇතිවෙන්න ගත්ත……

ඒ ඒ වෙලාවට බෙහෙත් අරගෙන බීල හිටිය මිසක්…..මම ඒ ලෙඩ වැඩියෙ ගනන් ගත්තෙ නැහැ………

මම මුලු ෆෝකස් එකම දීල තිබුනෙ ස්ටඩීස් වලට…….

මොකද ගොඩාක් දේවල් තිබුන කරගන්න…….මට හැමදෙයක්ම උපරිමයෙන් කරන්න ඕනෙකමක් තිබුන නිසා…….. මම මට පුලුවන් උපරිමයෙන්ම කැපවුනා ඩිග්‍රි එකේ වැඩ වලට……..

මම සෙත්ටවත් වැඩියෙ මගෙ අසනීප කියන්න ගියෙ නැහැ…......එයාට වැඩියෙ මොකුත් දැනෙන්න දෙන්නෙ නැතුව අමාරුවෙන් හංගගෙන හිටිය………

නැත්තන් මට මොකුත් වැඩක් කරගන්න ලැබෙන්න නැහැ….. බේත් ගන්න යන්න කරදර කරනව………ඕනෑවට වැඩියෙ මහන්සි වෙන්න එපා කියල බනිනව……….ඒක නිසා…….....

මම මගෙ පේරන්ට්ස්ලටවත් වැඩියෙ මගෙ අසනීප කියන්න ගියෙ නැහැ..........මුලින් එයාලට ඒ ගැන කියල.........ඊට පස්සෙ අම්ම කෝල් කරන හැමවෙලාවකදිම ඒ ගැන අහන්න ගත්ත..........

මගෙ අසනීප ගැන හිතල එයාලත් ගොඩක් දුක් වෙන නිසා......... කොයි තරම් අසනීප උනත්.......මම අම්මට කිව්වෙ දැන් හොදයි කියල...........

කොහොම හරි මට ඕන උනේ එක්සෑම්ස්වල වැඩ ටික ඔක්කොම හොදට කරගන්න........ මොන තරම් අසනීප උනත්........ ඒව ඉවසගෙන........

Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම