ලේලිගේ දිනපොත - 30 : වෛද්‍ය හමුව
- Get link
- X
- Other Apps
නැන්දම්මගේ අසනීපය
මොන මැච් එකක්ද අද නැන්දම්ම සෙල්ලම් කරන්න යන්නෙ කියල බාගෙට ඇහැරගෙනම හිතන ගමන් මම ගිහිල්ල දොර ඇරිය.
“ඇයි අම්මෙ මේ උදේ පාන්දර කෑගහන්නෙ??” කියල මම අහනකොට…….
උඹලට තාම පාන්දරද???😕
කියල අහනකොට මහත්තයත් නැගිටගෙන ඇවිල්ල “ මොකද මොකද අම්මෙ මේ පාන්දර බෙරිහන් දෙන්නෙ??” කියල ඇහැව්ව.
“අන්න අනිත් එකා…..පාන්දර…..පාන්දර නෙමෙයි මේ ගෙදර එකෙක් මැරුනත් උඹල දන්නෙ නැහැ”
“කව්ද දැන් මේ ගෙදර මැරුණෙ??” කියල මමයි මහත්තයයි දෙන්නම ඇහුවෙ එකට.
“මැරුණට නෙමෙයි තව ටිකක් ගියොත් එහෙමත් වෙයි. මගෙ දණිස් අමාරුව හොදටම වැඩිවෙලා දැන්. ටිකක් වෙලාවක් හිටගෙන හිටියත් හරියට අමාරුයි”
“කාටවත් තේරෙන්නෙ නැහැනෙ මගෙ වේදනාව. අද නං දොස්තර මහත්තයෙක් හම්බුවෙන්න යන්නම ඕනෙ” කියද්දි
“ඉතින් අම්මෙ යමු. කව්ද බැහැ කිව්වෙ?? අම්මනෙ හැමදාම බේත් ගේන්න යමු කිව්වම අද බැහැ පස්සෙ යමු කිය කියා කල් දාන්නෙ. ඔන්න අද නං අනිවාර්යයෙන්ම යමු” කියල මහත්තය කිව්ව.
වෛද්‍යවරයා මුණගැසීම
උදේ ඉන්න බැහැ කකුල් රිදෙනව කියල මැරෙන්න ගිය නැන්දම්ම දවාලෙ තාප්පෙ ලගට වෙලා පියසීලී ඇන්ටිත් එක්ක කතා කර කර ඉන්නව බලද්දි.
මම ඉතින් පිටිපස්සට ගිහිල්ල නැන්දම්මට කිව්ව “අම්මෙ අම්මගෙ දණිස් අමාරුව වැඩිවෙයිනෙ ඔහොම හිටං ඉදල” කියල එතකොට නැන්දම්ම කියනව
“මේ මගෙ දණිස් අමාරුව ගැන තමයි දුවේ මම මේ පියසීලී එක්ක කිය කිය හිටියෙ” කියල. 🙃 අනේ මංද මේව අහද්දි මගෙ ඔලුවත් විකාර වෙනව.
හැන්දෑවෙ මමයි, මහත්තයයි, නැන්දම්මයි තුන්දෙනාම ගියා නැන්දම්මට බේත් ගන්න.
වෙලාව එනකම් වාඩි වෙලා ඉද්දී නැන්දම්මා වටේ හිටපු හැමෝටම තමන්ගේ ලෙඩ ලැයිස්තුව කියනවා.
"දණහිස් දෙක රිදෙනවා.”
"කොන්දත් රිදෙනවා."
"උදේට ඇඟ ගල් වගේ."
"රෑට නින්දත් නෑ."
මට හිතුණා ඩොක්ටර්ටත් ලොකු කාලයක් යයි කියලා නැන්දම්මගෙ ලෙඩ ටික දැනගන්න.අන්තිමට අපි ඩොක්ටර් ලගට ගියා.
ඩොක්ටර් හිනාවෙලා ඇහුවා……
"ඉතින් අම්මෙ….. මොකක්ද ප්‍රශ්නේ?".කියල.
නැන්දම්මා විනාඩි පහක් විතර නොනවත්වා ලෙඩ ටික විස්තර කළා.ඩොක්ටර් ඉවසීමෙන් අහගෙන ඉඳලා,
"දැන් අම්ම පොඩ්ඩක් ඇවිදින්න බලන්න” කිව්වා .
නැන්දම්මාත් ටිකක් හෙමින් ඇවිද්දා.ඩොක්ටර් හිනා වෙලා……
"හොඳයි අම්මෙ, දැන් ඔය බංකුවට නැගලා ආයෙ බැහැලා බලන්න."කියල එතන තියන පුංචි බංකුවක් පෙන්නුව.නැන්දම්මා ඒකත් කළා.
වෛද්‍ය උපදෙස්
ඩොක්ටර් ඊට පස්සෙ බේත් ටික ලියලා කිව්වා….
"ලොකු ප්‍රශ්නයක් නම් පේන්න නෑ. ව්‍යායාම ටිකක් කරන්න. ඇවිදින්න. බර අඩු කරගන්න. බේත් ටිකක් දෙන්නම්." කියල
එතකොට නැන්දම්මාගේ මූණ වෙනස් වුණා." ඉතින් ඩොක්ටර් මට පරීක්ෂණ මොකුත් කරන්න ඕනෙ නැද්ද ? මගේ ලෙඩේ ඔච්චර පොඩි එකක් නෙමෙයි." කියලා කිව්වා.
ඩොක්ටර් හිනාවෙලා……."අම්මේ, අපි මේ බේත් බීල පස්සෙ අවශ්‍ය වුනොත් එහෙම කරමු. මේ බේත් වලට අම්මට හොද වෙයි. බයවෙන්න එපා” කිව්වා.
එතකොට මම හෙමින් කිව්වා,
"අම්මේ, ඩොක්ටර් කියන දේ අහලා බේත් බීලා ව්‍යායාම කරමු." කියල. නැන්දම්මා "හ්ම්..." කියලා සද්ද නැතුව හිටිය ඊට පස්සෙ.
එළියට ආවම මහත්තයා බිල් එක ගෙවන්න ගියා.ඒ අතරේ නැන්දම්මා මට හෙමින් කිව්වා….
"දුවේ... මේ ඩොක්ටර් හරි නෑ වගේ නේද??. මගේ ලෙඩේ තරමවත් තේරුම් ගත්තෙ නෑනෙ” කියල.
මම හිනා වෙලා කිව්වා, "අනේ අම්මේ... ඩොක්ටර් ලෙඩේ හොදට බලල තමයි අම්මට බේත් දුන්නෙ. බයවෙන්න එපා.අම්මට දැන් හොද වෙයි" කියල
ව්‍යායාම
ඒ වෙලාවේම මහත්තයාත් ඇවිත්,"අම්මේ, ඩොක්ටර් කියපු ව්‍යායාම හෙට ඉඳන් පටන් ගමු. හැන්දෑවට මමයි බබයි ඇවිදින්න යනවා. අම්මත් එන්න." කියල කිව්ව.
නැන්දම්මා ටිකක් කල්පනා කරලා,"හෙට නම් බෑ පුතේ... අපි ලබන සතියෙ වගේ විතර ඉදල යමු" කියල කියපු ගමන් මටයි මහත්තයාටයි එකපාරටම හිනා ගියා.
මොකද අපි දන්නව ඒ කවදාවත් යන එකක් නෙමෙයි කියල.
🏆 අද ඩොක්ටර් එක්ක සෙල්ලම් කරපු මැච් එකේ Score එක,
ඩොක්ටර්: අනවශ්‍ය ටෙස්ට් නැතුව හරි තීරණය දීලා දක්ශම ක්‍රීඩකය වුණා.
මහත්තයා: දෙපැත්තම සන්සුන් කරපු හොඳම කැප්ටන් වුනා.
මම: මම අද ‘අම්පයර්’ චරිතයට ප්‍රවිශ්ට වෙලා හිටිය.
නැන්දම්මා: ලොකු ලෙඩක් හොයාගෙන ගිහින්, "ව්‍යායාම කරන්න" කියන ප්‍රතිඵලය අරගෙන ‘රිටයර්ඩ් හර්ට්’ වෙලා ගෙදර ආවා. 😂
- Get link
- X
- Other Apps
%20(1)%20(1).webp)
%20(1).webp)
Comments
Post a Comment