පළවෙනි පරිච්ඡේදය :
ඇයගේ දෑස් නතර වී තිබුනේ බිත්තියේ එල්ලා තිබූ මා සහ සෙත් පෙම්වතුන් වූ දිනයේ………මා විසින් සිතුවම් කරන ලද ඔහුගේ චිත්‍රයටය……….
“ ඔව් සාරා……..මේ සෙත්ගෙ ඒ චිත්‍රෙ තමයි………”
“ අනේ හරිම ලස්සනයි මැඩම්……….මේ ෆේෂල් එක්ස්ප්‍රෙසන්ස් බලන්න……… හරිම ලයිව්………. මැඩම් නම් හරිම දක්ශ කෙනෙක් මැඩම්……….”
“ ඔය චිත්‍රෙ ගැන ලොකු කතාවක් තියනව සාරා……..ඉදගන්නකො මම ඒක ඔයාට දැන් කියන්නම්……..”
“ මම ඇදපු හැම චිත්‍රයක්ම සෙත් දැකල තිබුනට සෙත් මේ චිත්‍රෙ කවදාවත් දැකල තිබුනෙ නැහැ………….. දැකල තිබුනෙ නැහැ නෙමෙයි………ඇත්තටම මම පෙන්නල තිබුනෙ නැහැ…….
ඒකට හේතුවක් තිබුන……… මම හිතන් හිටියෙ කවදහරි අපි මැරි කරන දවසට සෙත්ට මේ චිත්‍රෙ ගිෆ්ට් එකක් විදිහට දෙන්න………
………ඒත් දැන් කවදාවත් එහෙම දවසක් නම් එන්නෙ නැහැ කියල මට හොදටම ව්ශ්වාසයි……….ඒත් කවදම හරි මම මැරෙන්න ඉස්සරින් සෙත්ව මට මුණගැහුනොත්………. අනිවාර්යයෙන්ම මම මේ චිත්‍රෙ සෙත්ට දෙනව………..
මා එසේ පවසන විට සාරාගේ ප්‍රීතිමත් මුහුණ කලු වළාකුලකින් වැසී ගියාක් මෙන් වූයේ……..මා සිටින්නේ කෙතරම් දුකකින්දැයි ඇය වටහාගත් නිසා විය යුතුය……..
“ හරි දැන් අපි ඉස්සරින්ම මොනව හරි කාල බීල ඉම්මු……..සාරා බ්‍රෙක්ෆස්ට් අරගෙනද ඉන්නෙ…….
මම නම් බේත් බොන්න තියන නිසා බ්‍රෙක්ෆස්ට් ගත්ත……….”
“ ඔව් මැඩම් මම බ්‍රෙක්ෆස්ට් අරගෙන ඉන්නෙ…….”
“ හරි එහෙනම් අපි කොෆී එකක් හරි ෆෘට් ජූස් එකක් හරි බීල ඉම්මු………සාරා බොන්න කැමති මොකක්ද…….?
“ කොෆී එකක් හොදයි මැඩම්……..”
ඉන්පසු සාරාත් මාත් එකතු වී අපගේ දිවා ආහාරය සදහා කුකුළු මස් මිශ්‍ර ස්පැගටි එකක් පිළියෙල කරගත්තෙමු……..
මුලුතැන්ගෙයි වැඩකටයුතු නිමවී එය අස්කරගත් පසු………ෆෘට් ජූස් දෙකක් සහ කෙටි ආහාර කීපයක්ද රැගෙන සාලයේ සුවපහසු අසුන් දෙකක හිදගත්තේ………..සාරා මෙතෙක් වේලා බලා සිටි මගේ කතාවේ ඉතිරිය ඇයට පැවසීමටය……….
ඉතින් තව ටිකක් වෙලා මට නින්ද ගියා……..බේත් නිසා වෙන්න ඇති……… ඒ වෙනකොට මාව ඉමජන්සි කෙයා එකෙන් වෝඩ් එකකට දාල තිබුනෙ……
ඇහැරුනාට පස්සෙ මම පේරන්ට්ස්ලට කතා කරන්න මගෙ මොබයිල් ෆෝන් එක අරන් ඩයල් කලා……….
ඇත්තටම ඒ වගේ අපහසුවක් වෙන කවදාවත් අම්මලට කතා කරද්දි මට දැනිල නැහැ…………මම කොහොමද මේක අම්මලට කියන්නෙ කියල මම කල්පනා කලේ……….එයාල මේක අහල දුක් වෙනව මට දරාගන්න අමාරු උනා……..
මම කෝල් එක ගත්තම කතා කලේ අම්ම……… මම අම්ම ඔයාට කොහොමද කියල අහනකොටම……….අම්ම මගෙන් ඇහුව දුව ඇයි ඔයාට සනීප නැත්ද කියල………..
එතකොටම මට මහ හයියෙන් ඇඩුන……….තව වචනයක්වත් කතා කරගන්න බැරුව ගියා………..
එතකොට සෙත් ෆෝන් අරගෙන් ටිකක් එහාට ගිහිල්ල කතා කරන්න ගත්ත………සෙත්ගෙ පේරන්ට්ස්ලත් ඒ එක්කම ගිහිල්ල කතා කරනව මම දැක්ක……….
ටික වෙලාවකින් සෙත් ෆෝන් එක ගෙනල්ල මට දුන්න……….මම හරි අමාරුවෙන් හිත හයිය කරගෙන අම්මත් එක්ක කතා කලා……… සෙත්ල අම්මට ඔක්කොම විස්තරේ කියල තිබුන……..
අම්ම අමාරුවෙන් අඩන එක පාලනය කරගෙන මට කතා කලේ………ඒ වෙලාවෙ තාත්ත ගෙදර හිටියෙ නැහැ………..
අම්ම මට කිව්ව……….දුව ටිකක්වත් බයවෙන්න එපා………..අපි කරන්න පුලුවන් හැමදේම ඔයා වෙනුවෙන් කරනව කියල……….
මගෙ හිත ගොඩක් සනසල………තව ටිකකින් තාත්තත් එක්කම ආයෙ කතා කරන්නම් කියල………අම්ම ෆෝන් එක තිබ්බ………
ඒ වෙලාවෙ සෙත්ගෙ පේරන්ට්ස්ල රූම් එකෙන් ගිහින් හිටියෙ……… සෙත් මගෙ දිහා බලන් හිටියෙ හරිම දුකෙන්……… එයා එහෙම දුකින් ඉන්නව මම කවදාවත් දැකල නැහැ……….
“ මම මැරෙයිද සෙත්………..? අනේ මට බයයි සෙත්……”
දෙවෙනි පරිච්ඡේදය :
“බයවෙන්න එපා කල්පනා….මං ජීවත් වෙලා ඉන්නකන් ඔයාට කිසිදෙයක් වෙන්න දෙන්නෙ නැහැ…….”
සෙත් ඒක කිව්වෙ හරිම ආදරෙන් මගෙ ඔලුව අතගාන ගමන්…..
ඒ වෙලාවෙ මට දැනුනෙ…. මම මගෙ තාත්ත ලග ඉන්නව වගේ හැගීමක්……
මම දිගටම හිටියෙ හොස්පිට්ල් එකේ….. හැමදාම මට එක එක ජාතියෙ ටෙස්ට් කලා…… තාත්ත ඒ හැමදෙයකටම වියදම් කරල හැමදෙයක්ම ඇරෙන්ජ් කලා…. සෙත් එක්ක කතා කරල……
ඒ වගේම එයාල උපරිම ට්‍රයි කලේ ඉක්මනින්ම මෙහෙට එන්න…..ඒත් වීසා ප්‍රොසෙස් එකට ගොඩක් කල් යන නිසා එයාලට ඒක කරගන්න අමාරු උනා….
හරිම වේදනාකාරී කාලයක් හොස්පිට්ල් මම ගෙව්වෙ…… මගෙ වේදනාව එන්න එන්න වැඩි වුනා…..
එක දවසක් මට හොදටම අමාරු උනා….. මාව හොදටම ඉදිමෙන්න ගත්ත….. හුස්ම ගන්න අමාරු වෙලා මාව ඉන්ටෙන්සිව් කෙයාර් දාල ඔක්සිජන් දුන්න……. මට හරියට මතක එච්චරයි…….
ඊට පස්සෙ මම හිටියෙ…. සිහින ලෝකෙයි….පියවි ලෝකෙයි අතර තැනක කියල මට හිතෙන්නෙ……
එක වෙලාවකදි මම දැක්ක…….මම සෙත් එක්ක ලස්සන මල් වත්තක ඉන්නව……අපි පාරවල් දිගේ ඇවිදගෙන යනව…..හිම වැටුනු තැන් වල ඇවිදගෙන යනව……..
සීත කාලෙදි සුරංගනා ලෝකයක් වගේ තියන අපේ යුනි එකේ වෙරළ දිගේ අපි දෙන්න ලස්සනට ඇවිදගෙන යන හැටි දැක්ක….
තවත් වෙලාවකදි මම දැක්ක ලංකාවෙ අපේ ගෙදර මම පේරන්ට්ස්ලත් එක්ක හරි සතුටින් ඉන්නව….. අම්මගෙ උකුලෙ ඔලුව තියාගෙන ඉන්නකොට අම්ම මගෙ ඔලුව අතගානවා….පුදුම සනීපයක් මට දැනුන ඒ වෙලාවෙ……
ඒත් එක්කම හොස්පිට්ල් එකේ නර්ස්ල….. ඩොක්ටර්ස්ල……මාව වටකරගෙන ඉන්නව වගෙත් දැක්ක….. සමහර වෙලාවලදි හරිම වේදනාවක් දැනුන……ගතවෙන කාලය ගැන හැගීමක් වත් මට තිබුනෙ නැහැ…….
එක වෙලාවකදි මට යමක් තේරුම් ගන්න පුලුවන් තරමට සිහිය ලැබුන…… එතකොට මගෙ ලග හිටියෙ සෙත්ගෙ අම්ම…..
“ආන්ටි මට මොකද උනේ…. කෝ සෙත්…??”
“දුව ඔයාට සර්ජරි එකක් කරල තියෙන්නෙ….. පුතා දැන් එයි…. ඔයා දැන් ටිකක් රෙස්ට් කරන්නකො…..”
මගෙ බඩ හරිය ඔක්කොම හිරිවැටිල වගේ තිබුනෙ….. මගෙ ඇගට කිසිම පණක් තිබුනෙ නැහැ…… අයෙත් මට නින්ද ගියා…..
ඊට පස්සෙ මම ඇහැරෙනකොට….. මගෙ ලග හිටියෙ නර්ස් කෙනෙක් විතරයි….. මම එයාගෙන් සෙත්ලව ඇහුවම කිව්ව….
දැන් රෑ වෙලා තියෙන්නෙ….. එයාල ගියා…..හෙට උදේ එයි කියල…..
පස්සෙන්ද මම නැගිටිනකොට සෙත්ගෙ අම්ම මගෙ ලග හිටිය….
මම ඉස්සරින්ම ඇහුවෙ සෙත් කෝ කියල…… .මොකද මම දන්නව මොන වැඩක් තිබුනත් සෙත් මාව බලන්න එනව කියල……
“අනේ ආන්ටි කියන්න සෙත් කෝ කියල…… මට එයාව බලන්න ඕන…..”
“පුතා පුලුවන් වුන ගමන් එයි දුව ඔයාව බලන්න……”
“අනේ ආන්ටි එහෙම කියන්න එපා…. මට සෙත්ව බලන්න ඕන….”
“පුතා ඉක්මනින්ම එයි ඔයාව බලන්න….. මේක අහන්නකො එතකන්……”
“දුව එදා ඔයාට ගොඩක් අමාරු උනා……ඔයා හැදිල තිබුනෙ ලෝකෙ කලාතුරකින් කෙනෙකුට හැදෙන කිඩ්නි ඩිසීස් එකක්…..
ඒකෙන් පුංචි කාලෙකදි කිඩ්නීස් දෙකම හොදටම ඩැමේජ් වෙනවලු……”
ඊලගට සෙත්ගෙ අම්ම කියපු දේ ඇහුව මට හිතුනෙ…… කවුරුහරි මාව උස්සල පොළොවෙ ගැහුව වගේ…….
තුන්වන පරිච්ඡේදය :

එදා ඔයාව හොදටම ඉදිමෙන්න අරගෙන සිහිය නැතිවුනා….ඊට පස්සෙ ඔයාව මෙෂින්ස් වලට ගහල තිබුනෙ……
ඩොක්ටර්ස්ල කිව්ව පුලුවන් තරම් ඉක්මනට ඔයාට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කලේ නැත්තං….. ඔයාගෙ ජීවිතේ ගැන කොහොමටවත්ම විශ්වාසයක් තියන්න බැහැ කියල……..
ඔයාගෙ පේරන්ට්ස්ලට කිව්වත්……ඒ අයටත් කරගන්න දෙයක් තිබුනෙ නැහැ……එයාලට ඒ තරම් ඉක්මනින් මෙහෙට එන්න බැහැනෙ…..
“පුතා හිටියෙ පිස්සෙක් වගේ…… එයා තීරණයක් අරගෙන තිබුන…. ඔයාට එයාගෙ කිඩ්නි එකක් දෙන්න……ඇත්තටම අපි නම් කැමති වුනේ නැහැ……
ඔයාට තේරුම් ගන්න පුලුවන්නෙ දුව…… අපිට එකපාරටම ඒ වගේ දෙයක් දරාගන්න පුලුවන් උනේ නැහැ……ඒත් පුතා ඒ තීරණය වෙනස් කලේ නැහැ……..”
“......දෙයියනේ සෙත් මට එයාගෙ කිඩ්නි එකක් දුන්නද…???
ඇයි ආන්ටිල එයාට එහෙම කරන්න දුන්නෙ…..?? මම දන්නව නම් එයාට කවදාවත් එහෙම කරන්න දෙන්නෙ නැහැ…..කෝ දැන් සෙත් මට දැන්ම එයාව බලන්න ඕන…..”
“අනේ දුව දගලන්න එපා……ඔයාට ට්‍රාන්ස්ප්ලාන්ට් එකක් කරලනෙ තියෙන්නෙ…….පුතා හොදින් ඉන්නව මෙහෙ රූම් එකක……..එයාට ඔයාව බලන්න එන්න පුලුවන් උන ගමන් එයා එයි…..එයත් ඔයාව බලන්න හරිම ආසාවෙන් ඉන්නෙ……”
“අනේ බැහැ බැහැ මට මේ දැන්ම සෙත්ට කතා කරන්න ඕන…..
මට ෆෝන් එකෙන් කතා කරන්න අරගෙන දෙන්න……”
“හා ඉන්න….මම කෝල් එකක් අරන් දෙන්නම්……..
ටික වෙලාවකින් සෙත්ගෙ අම්ම මට සෙත්ට කතා කරන්න කෝල් එකක් අරන් දුන්න…….
“අනේ සෙත්….. ඔයාට කොහොමද…..ඔයා හොදින් ඉන්නවද….."
ඇයි සෙත් ඔයා මේ වගේ දෙයක් කලේ……අනේ ඇයි එහෙම කලේ. …??”
“අඩන්න එපා කල්පනා……. දැන් ඒක ඉවරයි……මට ඔයා මැරෙනව බලන් ඉන්න පුලුවන්ද……. මම මට පුලුවන් දේ කලා….
අපේ වාසනාවට මගෙ කිඩ්නි එක ඔයාට මැච් වෙනව කියල කිව්ව කරපු ටෙස්ට් වලින්…..ඉතින් එච්චරයි….. “
“දැන් අපි දෙන්නටම හොදයිනෙ…… අපිට ආයෙ වෙනද වගේම ඉන්න පුලුවන්……..දැන් කිසිම දෙයක් හිතන්නෙ නැතුව ඉක්මනට සනීප වෙන්න…….”
ඇත්තටම මට ඊට පස්සෙ කතා කරගන්නවත් බැරුව ගියා…..
මේ වගේ මිනිස්සු ඉන්න පුලුවන්ද ලෝකෙ මට අදහගන්නවත් බැරුව ගියා……
මම එහෙම කියල සාරාගෙ දිහා බලනකොට……මම දැක්ක සාරාගෙ ලස්සන මූණට කලු වලාකුලක් පාත් වෙලා වගේ….. සාරා හිමින් ඇස් වල තියන කදුළු පිහිදගන්නවත් මම දැක්ක……..
“….ඔව් මැඩම් ඒ වගේ අය ඉන්නව…. අනිත් අයගෙ සතුට වෙනුවෙන් තමුන්ගෙ මුලු ජීවිතයම පරිත්‍යාග කරන අය ඉන්නව…..”
කියල සාරා සංවේදීව කියද්දි මට හිතුනෙ…..මේ වගේ බටහිර රටක…. මේ වගේ සංස්කෘතියක….. වෙන කෙනෙකුගෙ කතාවකට මේ වයසෙ ළමයෙක් මෙහෙම සංවේදී වෙයිද කියල…..
සමහර වෙලාවට මිනිස්සුන්ගෙ හැගීම්……එයාල ක්‍රියා කරන විදිහ…. තේරුම් ගන්න හරි අමාරුයි…..
“ඉතින් මැඩම් ඊට පස්සෙ මොකද උනේ….??”
මම කල්පනාකාරීව සාරා දෙස බලා සිටින විට…..ඇය මා ඇමතීය……
“දවස් දෙකතුනකට පස්සෙ…….සෙත්ව අරගෙන ආව මාව බලන්න…….. ඒක හරිම සංවේදී මොහොතක් උනා……”
“අපිට ට්‍රීට් කරපු ඩොක්ටර්ස්…. නර්ස්ල…. ගොඩක් දෙනෙක් එතන හිටිය…… ඒ අය හැමෝම අපිට විශ් කලා….. ඒ අය කිව්ව එයාලට මේ ආදරේ ගැන හරි පුදුමයි කියල……
ලෝකෙ ඉන්න හොදම ආදරවන්තයව හම්බවෙලා තියෙන්නෙ මට කියල.......එක ඩොක්ටර් කෙනෙක් කිව්වෙ අපි දෙන්න දිහාම ගොඩක් ලෙන්ගතුව බලන ගමන් ……
ටික දවසකින් සෙත්ට ගොඩක්ම හොද වුනා….. එයා හැමවෙලාවෙම වගේ මගෙ ලගට ඇවිල්ල හිටියෙ…….. මටත් සෑහෙන දුරට හොද වෙලා තිබුන……..
කොහොම හරි ලොකු උත්සාහයකින් පස්සෙ……අපේ පේරන්ට්ස්ලටත් මෙහෙට එන්න වීසා ලැබිල තිබුන…..
එයාලට මාව හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් කරන්න ඉස්සරින් මෙහෙට එන්න ලැබුන……
සෙත්ගෙ තාත්ත අපේ තාත්තගෙ ඉල්ලීමට….. එයාල එන්න ඉස්සරින් යුනි එක ලගින්ම වගේ අපිට එපාර්ට්මන්ට් එකක් අරගෙන තිබුන තිබුන රෙන්ට් එකට……. ඒක ගොඩක් ලේසි වුනා අපිට…..
අම්මල මෙහෙට එනකොටත් මම හිටියෙ හොස්පිට්ල් එකේ…..සෙත්ගෙ තාත්ත තමයි එයාලව එයාර් පෝට් එකෙන් අරගෙන ආවෙ……. අනේ මට අම්මලව දැකල ඇති වුන සතුට……
මගෙ අම්මයි… තාත්තයි…. සෙත්ට දණගහල නොවැන්ද ටික විතරයි……..සෙත්ට… එයාගෙ අම්ම තාත්තට…. අනේකවාරයක් ස්තූති කලා……. මගෙ ජීවිතේ බේරල දුන්නට……
මම හොස්පිට්ල් එකෙන් ඩිස්චාර්ජ් වෙලා අම්මල එක්ක ගියේ අපි ගත්ත එපාර්ට්මන්ට් එකට…….
මගෙ තාත්ත මාසයකින් විතර ලංකාවට ගියා……බිස්නස් වැඩත් බලන්න තියන නිසා….. මොකද ඒ වෙද්දිත් මගෙ අසනීපෙ වෙනුවෙන් එයාලට ලොකු ගානක් වියදම් වෙලා තිබුනෙ…….
අම්ම මාත් එක්ක මාස තුනක් හිටිය…… එයාට වීස ලැබිල තිබුනෙ මාස තුනක් ඉන්න විතරයි…… ඒ නිසා……
ඒ වෙද්දි සෙත් සම්පූර්ණයෙන්ම වගේ සනීප වෙලා තිබුන….. එයා පුලුවන් වුන හැමවෙලාවකම මාව බලන්න ආව….
එතකොට සෙත් එයාගෙ මාස්ටර් ඩිග්‍රි එක සම්පූර්ණ කරල යුනි එකෙන් ගිහින් හිටියෙ……
එයා බලාපොරොත්තු වුන විදිහටම එයාට ඇඩ්වටයිසින් කම්පනි එකක හොද ජොබ් එකක් ලැබුන……
මමත් සෑහෙන දුරට සනීප වෙලා හිටියෙ ඒ වෙනකොට……. ඒත් මට මුලු ජීවිත කාලෙම බේත් බොන්න අවශ්‍ය වෙනව කියල ඩොක්ටර්ස්ල කිව්ව…….
මගෙ සෙකන්ඩ් ඉයර් එකත් පටන් ගත්ත ඒ අතරෙ……. යුනි එක පටන් අරගෙන සති දෙකක් විතර යද්දි අම්මට ලංකාවට යන්න වුනා වීසා ඉවර නිසා…….
ඉතින් උපදෙස් ගොඩක් දීල….. හරිම දුකෙන් අම්ම ලංකාවට පිටත් වුනා…… මට පුදුම දුකක් දැනුනෙ අම්ම ගියාම…… සෙත්…එයාගෙ අම්මල හිටිය නිසා ඒ දුක ටිකක් අඩු වුනා…..
මම බොහොම පරිස්සමින් යුනි එකේ වැඩත් හොදින් කරගත්ත….. සෙත් ඉස්සරින් වගේම හැමතිස්සෙම මම ගැන හොදින් හොයල බැලුව……
සෙත්ටයි…..මටයි නිවාඩු තියන හැමවෙලාවකම අපි හම්බවුනා….. මගෙ යුනි එකේ දෙවෙනි අවුරුද්දත් ලස්සනට.... ගොඩක් සාර්ථකව.... මගෙ ජීවිතේට අලුත් අත්දැකීම් එකතු වෙලා ලස්සනට ගෙවිල ගියා……..
මම යුනි එකේ හැමදෙයක්ම හොදින් කර ගත්ත…… ඒ හැමදේකටම සෙත් මගෙ ලගින්ම ඉදල මට උදව් කලා....
හැමදෙනාම බලාපොරොත්තු වුන ව්දිහට මම අපේ බැච් එකේ බැච් ටොප් වුනා…. එදා මට පුදුම සතුටක් දැනුනෙ…… මම සෙත්ව බදාගෙන ඇඩුව.
සෙත් නැත්තං මම බැච් ටොප් නෙවෙයි ජීවතුන් අතරවත් නැහැ…….. ඉතින් මේ හැම ජයග්‍රහනයකම අයිතිකාරය සෙත් විතරමයි…. සාරා………
Comments
Post a Comment