නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

මුතූගේ ලියවිලි : 02

ප්‍ර්‍රීතිමත් ජීවිතයකට පියවර -02

 පාඨක ප්‍රතිචාර :

ලේලිගේ දිනපොතට පැමිණි තවත් පාඨක ප්‍රතිචාරයක් ගැන පුංචි විග්‍රහයක් කරන්නයි අදත් මගෙ අදහස.

මට මැසෙන්ජර් හරහා පණිවිඩයක් එවූ එක්තරා යුවතියක් ඇගේ කතාව මා හට එවමින්

“අක්කෙ මම ඔයාගෙ ලේලිගේ දිනපොත හැමදාම බලනව. සමහර දේවල් කියවද්දි මට මගෙ අතීතය මතක් වෙනව. මම ඔයාට මට ලියන්න පුලුවන් විදිහට මගෙ කතාව ලියල එවන්නම්”

“ඔයාගෙ කතාව කියවන අයගෙ අදහස් වලින් මම දකිනව ඔයාගෙ කතාව විවාහ වෙලා නැති නංගිල ගොඩක් දෙනෙක් බලනව කියල”

"පුලුවන් නම් ඒ හැමෝටම බලන්න මේ කතාව ලියන්න.මං වගේ වෙන්නෙ නැතුව තව එක්කෙනෙක්ට හරි මේ කතාවෙන් පාඩමක් ඉගෙනගන්න පුලුවන් නම් ඒක ලොකු දෙයක්”

කියල ලියල තිබුන. ඇගේ ඉල්ලීමට ඇය විසින් එවූ කතාව සංස්කරණය කරල, ඇගේ අනන්‍යතාවය හෙලි නොවන විදිහට මම ඇගේ කතාව ලිව්ව, මුලින්ම අපි ඒක බලමු.


බිනරිගේ කතාව

ඉක්මන් විවාහය

මුතූගේ ලියවිලි - 02 : බිනරිගේ කතාව : බිනරිගේ හදිසි විවාහය


මම බිනරි. අවුරුදු 25 යි. මම පවුලෙ එකම ගැහැණු දරුව. මට අවුරුදු 2ක් බාල මල්ලි කෙනෙක් ඉන්නව.

මම උසස් පෙලට කලේ වාණිජ්‍යය. මට තාරුකව හම්බවුනේ උසස් පෙලට පංති යනකොට. එතකොට තාරුක ඉගෙනීම ඉවර කරල බැංකුවක රස්සාවක් කරමින් හිටියෙ.

අපි අතරෙ ප්‍රේම සම්බන්දයක් ඇතිවුනා. මගෙ උසස් පෙළ ඉවර වෙද්දි මේ ගැන අපේ ගෙවල් දෙකෙන්ම දැනගෙන හිටිය.

තාරුකට පවුලෙ හිටියෙ අම්ම ව්තරයි. තාරුක පොඩි කාලෙම තාරුකගෙ තාත්ත ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා. තාරුකගෙ අම්ම ටීච කෙනෙක්.

ඉතින් උසස් පෙළ ඉවර වුනාට පස්සෙ තාරුක කිව්ව එයා මම රස්සාවක් කරනවට කැමති නැහැ. ඒක නිසා තව ඉගෙනගන්න ඕනෙ නැහැ අපි බදිමුයි කියල.

අපේ ගෙදරින් මගෙ ඉගනීම නතර කරල කසාද බදිනවට අකමැති වුනත් මගෙ බල කිරීම නිසා අම්මල ඒකට කැමති වුනා

ඉතින් අපි ඉක්මනින්ම කසාද බැන්ද. එතකොට මට වයස අවුරුදු 21 යි. බැදල තාරුකලගෙ ගෙදර ගිය දවසෙ ඉදලම මම හිටියෙ කිසිම සතුටකින් නෙමෙයි


පවුලේ ප්‍රශ්න 

ඒකට හේතු ගොඩක් තිබුන. තාරුකගෙ අම්ම හරිම අපිරිසිදුවට ඉන්න පුරුදු වුන කෙනෙක්. එයත් එක්ක ගෙදර පිරිසිදුවට තියාගන්න අමාරුයි නෙමෙයි බැහැ. 

ගෙදර උයන දේවල් කරන්න ඕනෙ එයාටමයි. මම උයල එයාට හරියන්නෙ නැහැ. හැබැයි උයල ඉවර වුනාම කුස්සිය අපායක් වගේ එහෙමම තියල යනව. 

මට අස්කරන්න කියන්නෙත් නැහැ. මම අස්කෙරුව වුනත් නැති වුනත් එයාට ඒක ගානක්  නැහැ. ආයෙ එයාට පුලුවන් වුන වෙලාවකට උඩින් පල්ලෙන් අස්කරනව.

හෝදන්නෙ නැතුවම තියන හැලියක් ගද ගගහ තිබිල ආයෙ උයන්න ගද්දි තමයි හෝදන්නෙ.

ගේ කොයිතරම් අතුගෑවත් වැඩක් නැහැ, එලියට යන යන පාරට වැලි  ගොඩක් එක්කම සෙරෙප්පු දාගෙන ඇතුලට එනව.

ගේ ඇතුලෙ වැල් බැදගෙන රෙදි වනනව. වැස්ස දවස් වලට සාලෙත් කොහෙන් කොහෙන් හරි වැලක් බැදගෙන රෙදි වනනව.

බාත් රූම් එකත් කොච්චර හේදුවත් වැඩක් නැහැ මඩ ගොඩක් වගේ.

මේ උදාහරණ ටිකක් විතරයි. තව ගොඩක් දේවල් තියනව. කොයිතරම් තරම් කිව්වත් මේ එක දෙයක්වත් වෙනස් කරන්න බැරුව ගියා.

තාරුකටත් මේ කිසිම දෙයක් ගැන ගානක් තිබුනෙ නැහැ. එයා පොඩි කාලෙ ඉදල පුරුදු වෙලා වෙන්න ඇති.


බිනරිගේ තීරණය 

තාරුකට අපි වෙන ගෙයක් කුලියට අරං යමු කියල කිව්වත් අම්මව තනියම දාල යන්න බැහැ කියල එයා යන්න කැමති වුනේ නැහැ.

කාලයක් යද්දි මට මේ හැමදේම එපා වුනා.ජීවිතේ එපා වෙන තරමටම  කළකිරීමක් ආව.ඊට පස්සෙ මම  අපේ ගෙදර ගියා. මගෙ අම්මයි තාත්තයි අපි දෙන්නව සමාදාන කරන්න පවුල් උපදේශක කෙනෙක් ලගටත් අරගෙන ගියා.

ඒ උපදේශන දෙන එක්කෙනා තාරුකගෙ අම්මවත් අරගෙන එන්න කියල කිව්වත් ඒ අම්ම එන්න කැමති වුනේම නැහැ. 

අන්තිමේදී පවුල් උපදේශකගෙ උපදෙස වුනෙත් අපි දෙන්නට වෙනම ගෙයක් අරගෙන යන්න කියල.

ඒත් අම්මව තනියම දාල යන්න බැහැ කියල තාරුක ඒ අදහසට කොහොමවත් කැමති වුනේ නැහැ.

අන්තිමේදි තාරුකයි මායි ඩිවෝස් වුනා. මම දැන් ඉන්නෙ මගෙ අම්මලත් එක්ක. 

මම උසස් පෙළින් පස්සෙ ඉගෙනීමත් නතර කරපු නිසා හොද රස්සාවක් කරන්න විදිහකුත් නැහැ. දැන් මම ශොප් එකක කැශියර් කෙනෙක් විදිහට රස්සාව කරගෙන ඉන්නව.

හදිස්සි වෙලා ජීවිතේ තීරණ ගන්න ගෑනු ළමයින්ට මගෙ කතාව හොද පාඩමක්.


බිනරිගේ කතාවේ ප්‍රධාන අභියෝග හා ගැටලු :

ඉක්මන් තීරණ සහ අනාගත දූරදර්ශී බවේ අඩුව

බිනරිගේ කතාවේ එන ප්‍රධානම වරද වන්නේ වයස අවුරුදු 21දී ඉතා ඉක්මනින් විවාහ ජීවිතයට එළඹීමයි.

තමන්ගේ අධ්‍යාපනය හෝ වෘත්තීය ජීවිතයක් පිළිබඳ ස්ථාවරත්වයක් නැතිව, හැඟීම්වලට මුල් තැන දී ගත් මේ තීරණය ඇයව පසුව අසරණ භාවයට පත් කළා.

ජීවන රටාවන්ගේ නොගැලපීම

මුතූගේ ලියවිලි - 02 : බිනරිගේ කතාව : බිනරිගේ නැන්දම්මගෙ අපිළිවෙල වැඩ

බිනරි සහ ඇගේ සැමියාගේ මව (නැන්දම්මා) අතර පවතින ගැටුම හුදෙක් ගෙදර දොරේ වැඩ පිළිබඳ ගැටලුවක් පමණක් නොවෙයි. 

එය පරම්පරා දෙකක හෝ පුද්ගලයින් දෙදෙනෙකුගේ සනීපාරක්ෂාව සහ ජීවන ගුණාත්මකභාවය පිළිබඳ පවතින පරතරයයි. එක් අයෙකුට සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන දේ අනෙකාට අසහනකාරී විය හැකියි.

​සහකරුගේ පෞරුෂය සහ බැඳීම්

තාරුක තම මව කෙරෙහි දක්වන බැඳීම අගය කළ යුතු වුවත්, විවාහයෙන් පසු ඔහුට ස්වාධීන පවුල් ජීවිතයක් ගත කිරීමට තිබූ අකමැත්ත හෝ අසමත්කම මෙහිදී ප්‍රධාන සාධකයක් වෙනවා. 

"අම්මව තනියම දාලා යන්න බැහැ" යන තර්කය තුළ බිනරිගේ මානසික සුවතාවය සහ පවුල් ජීවිතයේ යහපැවැත්ම යටපත් වී තිබෙනවා.


​මෙම කතාවෙන් උගත හැකි පාඩම් :

වටිනාකම් : අධ්‍යාපන සහ ස්වාධීනත්වය: 

බිනරිගේ ජීවිතයේ අවාසනාවන්තම කරුණ වන්නේ අධ්‍යාපනය අත්හැර දැමීමයි. ආර්ථික වශයෙන් ශක්තිමත් කාන්තාවකට ඕනෑම තීරණයක් ගැනීමට සහ ජීවිතය නැවත ගොඩනැගීමට ඇති හැකියාව වැඩියි.

 "හොඳ අධ්‍යාපනයක් තිබුණා නම් අද මට මේ තරම් අසරණ වෙන්න වෙන්නේ නැහැ" යන කාරණය සෑම තරුණියක්ම සිතට ගත යුතුයි

පූර්ව විවාහ සාකච්ඡා  

විවාහ වීමට පෙර තමන් ජීවත් විය යුතු පරිසරය, පවුල් සංස්ථාව සහ එකිනෙකාගේ අපේක්ෂාවන් ගැන විවෘතව කතා කිරීම අත්‍යවශ්‍යයි. 

බිනරිට තාරුකගේ නිවසේ පරිසරය ගැන මීට වඩා අවබෝධයක් තිබුණා නම් සමහරවිට ඇය මේ තීරණය වෙනස් කරගන්නට තිබුණා.

​උපදේශනය සහ විසඳුම්: 

මුතූගේ ලියවිලි - 02 : බිනරිගේ කතාව : බිනරි හා තාරුක පවුල් උපදේශන ගැනීම

ගැටලු ඇති වූ විට බිනරි පවුල් උපදේශකයෙකු වෙත යාම ඉතා හොඳ පියවරක්. නමුත්, අනෙක් පාර්ශවය (නැන්දම්මා හෝ සැමියා) වෙනස් වීමට සූදානම් නැතිනම්, එවැනි විවාහයකින් බැහැර වීම සමහර විට ජීවිතය බේරාගැනීමක් විය හැකියි.

​බිනරිගේ කතාව ඇය අත්විඳි පරාජයක් වුවත්, ඇය ඒ තුළින් ලත් අත්දැකීම් අන් අයට බෙදාදීම ඉතා උදාර ක්‍රියාවක්.

​බිනරි අද වන විට වෙළඳසැලක සේවය කරමින් තම ජීවිතය යම් මට්ටමකට ගොඩනගාගෙන තිබීම සතුටට කරුණක්. 

ඇය තවමත් තරුණයි. මේ අත්දැකීම ඇයගේ ජීවිතයේ පරිණත බව තහවුරු කරන පාඩමක් ලෙස සලකා, නැවත අධ්‍යාපනය හෝ වෘත්තීය කුසලතා වර්ධනය කරගෙන වඩාත් ස්ථාවර අනාගතයක් ගොඩනගා ගැනීමට ඇයට හැකියාව තිබෙනවා.

​"විවාහය යනු ජීවිතයේ අවසානය නොව, නව ජීවිතයක ඇරඹුමයි. ඒ ඇරඹුම සතුටින් පවත්වා ගැනීමට නම් ඔබව ආර්ථික වශයෙන් සහ බුද්ධිමය වශයෙන් ශක්තිමත් කර ගැනීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි."


( මේ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස්  දැනගන්නත් මම ගොඩක් කැමැත්තෙන් ඉන්නව )


<< මුතූගේ ලියවිලි පෙර කොටස 

මුතූගේ ලියවිලි ඊලග කොටස>>


Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න   



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම