ලේලිගේ දිනපොත - 24 : මහත්තයගෙ ඉවිල්ල හා අපූරු රැස්වීම
- Get link
- X
- Other Apps
පළවෙනි පරිච්ඡේදය :
මහත්තයගෙ ඉවිල්ල
නැන්දම්මගෙ මතය
අද නිවාඩු, උදේ පාන්දරින්ම ඇහුනෙ නැන්දම්මගෙ පොට් එලාම් එකේ සද්දෙ. ඒත් නැගිටින්න තරම් සනීපයක් තිබුනෙ නැහැ. උගුර හොදටම රිදෙනව. ඇගට උණත් වගේ 😒
මහත්තය ගිහින් නැන්දම්මට කියල තේ දෙකක් හදාගෙන ආව. දිව පිච්චෙන උණුවෙන් ඒක බිව්වම දාඩිය දාල උණ ගතිය ටිකක් අඩු වුනා. මම ආයෙම ටිකක් නිදියගත්ත.
නැගිටිනකොට උදේ10 ත් පහුවෙලා. ඒත් ඇගට ඒතරම් සනීපයක් තිබුනෙ නැහැ.
වොශ් රූම් ගිහිල්ල උදේ කෑමත් අමාරුවෙන් ටිකක් කාල ආයෙත් ටිකක් ඇලවෙලා හිටිය.
ඊට පස්සෙ දවල්ට උයන්න හිතාගෙන කුස්සියට යනකොට මහත්තය දාඩියත් දාගෙන කුස්සියෙ ලොකු වැඩක්.
"බලන්නකො පැටියො, අද අම්මටත් සනීප නැතිවෙලානෙ. මම හිතුවෙ අද මම උයන්න කියල"
කියද්දි මම දැනගත්ත නැන්දම්මට මම අසනීප වෙද්දි හැදෙන සුපුරුදු කොන්දෙ කැක්කුම හැදිල කියල.
"හරි එහෙම නම් උයන්නකො බලන්න. අපි බලමුකො කොහොමද රස කියල"
" ඉන්නකො, මම රසට උයල පෙන්නන්නංකො"
කියල කියද්දිම නැන්දම්මා ඉණට අත්දෙකත් තියාගෙන LBW එකක් ඉල්ලන වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වගේ කාමරේ ඉදල දුවගෙන ආවෙ අපේ කතාව ඇහිල.
"පිස්සුද පුතා ඔයා උයන්න යන්නෙ ?? ඕව පිරිමි කරන වැඩ නෙමෙයි. ලැජ්ජ නැද්ද ළමයො තමන්ගෙ මහත්තයට කියල උයාගෙන කන්න??" 😡
කියල මගෙන් ඇහුවෙ හොද මැච් එකකට ආරම්භයක් දෙන ගමන්.
"අනේ අම්මෙ, උයන එක පිරිමි වැඩක් නෙමෙයි කියල අම්ම කියන්නෙ කොහොමද ? ලංකාවෙ හෝටල් වලත් වැඩියෙන්ම උයන්න ඉන්නෙ පිරිමිනෙ අම්මෙ"
කියල මම කියද්දි ,
"ඒ හෝටල් වල, මේ ගෙවල් වල දැන් ඉන්න එවුන්ට හොද නරකක් කියල දෙන්න බැහැනෙ දෙයියනේ" කිය කිය ආයෙත් කාමරේට ගියේ ආවට වැඩි වේගෙකින්.
ඊට පස්සෙ මහත්තය " ඔයා යන්න බබා, ගිහිල්ල ටිකක් නිදියගන්න, මම උයල ඉවර වෙලා ඔයාට කතා කරන්නංකො" කිව්ව.
කෑම වල රස
පැය එකහමාරක් විතර ගියා. කුස්සියෙන් එක එක අමුතු සුවඳවල් එන්න ගත්තා. එකක් නම් ලූනු බැදෙන සුවඳ, තවත් එකක් කරවෙන සුවදක්.වගේ, ප්ලාස්ටික් පිච්චෙන සුවඳ වගේ එකකුත් එද්දි මම කුස්සියට ගියා 🤔
මහත්තය එක ලිපක පරිප්පු හදනව, තව ලිපක අල එකක් ඉදෙනව,තව එකක මොකක්දෝ රතු පාට ජාතියක් කර වෙනවා.
මම ඇහුවා, "මොනවද මේ කරන්නේ?" කියලා.
එයා කිව්වා, "මේක තමයි 'මල්ටි-ටාස්කින්' ඔක්කොම එකපාර ඉවර කරන්න ඕනේ.මම ඔයාට ලස්සනට මැච් එක ගහල පෙන්නන්නංකො බබා ඉන්නකො" කියල.
"ඔයා යන්නකො, මම මේසෙට කෑම බෙදල කතා කරන්නංකො කියල කිව්ව.
මමත් ඉතින් ආයෙ කාමරේට ගිහින් හිටිය ඕනෙ දෙයක් කරගන්න කියල.
කෑම මේසෙට එනකොට තමයි වැඩේ මරු වුණේ. පරිප්පු එකේ ලුණු නෑ, ඒත් බත් එකේ ලුණු තියෙනව.
එතකොට මම දැක්කා එයා අර රතු පාටට හදපු හොද්ද. ඒක තමයි මම ඉසඉස්සරින්ද රෑ අද හදන්න ලෑස්ති කරලා තිබ්බ චිකන් කරිය. එයා කරලා තියෙන්නේ, චිකන් ටික පෑන් එකේ දාලා ඒකට මිරිස් කුඩු පැකට් එකම වගේ දාලා.
මම ඇහුවා, "ඇයි මේ මෙච්චර සැර?" කියලා.
එයා හරිම බැරෑරුම් විදිහට කිව්වා, "නැහැ නේ, මම හිතුවා ගොඩක් රස වෙන්න නම් ගොඩක් මිරිස් දාන්න ඕනේ කියලා."
අන්තිමේදී අපි කරේ දවල් ඉතුරු වෙලා තිබ්බ මාලු හොද්දයි, බත් ටිකයි රත් කරන් කාපු එක. නැන්දම්මගෙ මූණ තිබුනෙ අඹ දැම්මොත් පිපිරෙන තරමට😠
මම මහත්තය දිහා බලලා කිව්වා, "ඇයි දන්නවද මේක වුණේ? ඔයාගේ ඔය 'මල්ටි-ටාස්කින්' එක නිසා. සාමාන්‍ය විදිහට ඉව්වනම් ටිකක් හරි කන්න තිබුන" කියල.
හැබැයි මට තරු පේන්න ගත්තෙ කුස්සිය අස් කරන්න ගියාම. මහත්තය කෑම උයන්න කුස්සියෙ තියෙන් හැම භාජනයක්ම වගේ අරගෙන තිබුන.
මට අන්තිමට වුනේ ලෙඩේ පැත්‍තකින් තියල කුස්සිය අස්කරන්න.
"අනේ වදින්නම්, මීට පස්සෙ නම් කෑම උයන්න කුස්සිය පැත්ත පලාතටවත් එන්න ලෑස්ති වෙන්න එපා" කියල මම මහත්තයට කියද්දි එයා හිනා වෙලා කිව්ව....
"අම්මෝ හරි හරි, මීට පස්සෙ මම කුස්සියට එන්නෙ වතුර ටිකක් බොන්න විතරයි" කියල
දැන්නම් හරිම මහන්සියි, නිදිමතයි 🥱
දෙවෙනි පරිච්ඡේදය
අපූරු රැස්වීම
නැන්දම්මාගේ සහභාගිත්වය
ඕනෙ නැති දවස්වලට පාන්දරින්ම ඇහැරවනව වුනාට, ඕනෙ වුන දවසට නැන්දම්මාත් ගොරෝ ගොරෝ නිදි ☹️
එලාම් එක තියෙන්නෙ නැතුව නැන්දම්මගෙ එලාම් එකට නැගිටින්න ඉන්නවට මටත් හොද වැඩේ.
ඉක්මනට උදේ වැඩ ටික ඉවර කරල, මහත්තයවත් වැඩට ඇරිය. උදේට මොකුත් උයන්න නම් හම්බවුනේ නැහැ. මහත්තයට ඕඩර් කරල මොනව හරි කන්න කිව්ව.
පස්සෙ වොශ් රූම් එහෙම ගිහිල්ල ලස්සනට ඇදගෙන කරගෙන ලෑස්ති උනා. අද මට රිපෝට් එකක ප්‍රසන්ටේෂන් එකක් තියනව.ඉතින් මම ඒකට ගෙදර ඉදලම මීටින් එකක් දාගත්ත .
ලැප්ටොප් එකත් දාගෙන්, කැමරාව ඔන් කරගෙන, හෙඩ්ෆෝන් දාගෙන ලොකු බැරෑරුම් මූණක් දාගෙන මම මීටින් එකට එකතු වුනා 🙂
හරියටම මම ප්‍රෙසන්ටේෂන් එක පටන් ගන්නකොට, නැන්දම්මා කාමරේ දොර ඇරගෙන ඇවිත් "පවර්ප්ලේ" එක පටන් ගත්තා. අයියෝ මට කාමරේ දොර ලොක් කරන්න අමතක වෙලා.
"දුවේ... මේ වොශින් මැශින් එක හරිද බලන්නකො" කියල.මම මයික් එක මියුට් කරලා.......
"අම්මේ, මීටින් එකක්. තව ටිකකින් බලන්නම්" කිව්වා. නැන්දම්මා "හ්ම්..." ගාලා ගියා.
මම ආයෙත් කතා කරන්න පටන් අරගෙන ටික වෙලාවකින් ආයෙත් නැන්දම්මා සෙල්ලම් කරන්න පටන් ගත්ත.
දොර ආයෙත් ඇරුණා.
"දුවේ... මේ රිමෝට් එකට මොනව වෙලාද බලන්නකො පොඩ්ඩක්" කියල.
මම ආයෙත් මියුට් කරලා, "අම්මේ... මට කතා කරන්න එන්න එපා මම තව ටිකකින් එන්නම් ඉන්න ටිකක්" කියල කිව්ව.
තුන්වෙනි පාර තමයි නැන්දම්ම හොදටම සෙල්ලම් කලේ. තුන්වැනි පාර දොර ඇරුණේ මම මීටින් එකේ ලොක්කටම රිපෝට් එක කියන වෙලාවේ.
"දුවේ......කුස්සියෙන් ගෑස් ගදක් එනව වගේ පොඩ්ඩක් ඇවිල්ල බලන්නකො" කියාගෙන නැන්දම්මා කෙළින්ම කැමරාව ඉස්සරහටම ආවා 🙄
ඔෆිස් එකේ අය බොහොම අමාරුවෙන් හිනාව නවත්තගෙන ඉන්නවා මම දැක්කා.
මොනව කරන්නද, ඔය ජරමර ඔක්කොම අස්සෙ කොහොම හරි මීටින් එක ඉවර වුනා.
මීටින් එක ඉවර වෙලා මම හුස්මක් ගන්නත් කලින් මහත්තය කෝල් කළා."කොහොමද මීටින් එක?" කියලා ඇහුවා.
මට හොදටම කේන්ති ගිහිල්ල හිටියෙ. ඒ කේන්තියෙන්ම මම මහත්තයට කිව්ව
"හොඳයි අනේ... හැබැයි අද මගේ ප්‍රෙසන්ටේෂන් එකට අම්මත් 'ගේස්ට් ස්පීකර්' කෙනෙක් විදිහට සහභාගි වුණා. මම ඔයාට ආවම විස්තරේ කියන්නංකො කියල.
තේරුම් කරදීම
මහත්තය තේ බොන වෙලාවෙ අම්මට මේ ගැන කියල තේරුම් කරල දෙන්න හැදුව.
"ඉතින් පුතේ, මේ වයසක මම මොනව හරි දෙයක් වුනාම ගෙදර ඉන්න කෙනාට කියන්නෙ නැතුව මොනව කරන්නද. ඔය මීටින් වල වුනත් ඉන්නෙ ඉතින් මිනිස්සුනෙ. ඒ මිනිස්සුන්ගෙ ගෙවල් දොරවල් වලත් ඕව වෙන්නෙ නැද්ද" 😑
"ඕව මහ ලොකු දේවල් යෑ" කිව්ව. මට හරිම කේන්තියි. මම කේන්තියෙන්ම
"ඔව් ... අම්මා නැත්නම් අද මගේ මීටින් එකට ගෑස් සිලින්ඩරේ, වොෂින් මැෂින් එකයි, ටීවී රිමෝට් එකයි සහභාගි වෙන්නෙත් නෑනේ." කිව්ව.
"අම්මේ... බබාට මීට පස්සෙ නිදහසේ මීටින් කරගන්න දෙන්න . නැත්නම් ඔෆිස් එකේ අය හිතයි බබා ගෙදර ඉඳන් කස්ටර්මර් කෙයාර් සර්විස් එකක් කරනව කියල"
කියද්දි නැන්දම්ම ගස්සගෙන එතනින් යන්න .ගියා.
අනේ මන්ද මේව කොහොම තේරුම් කරන්නද කියල. දැන්නම් නිදිමතයි. ඉක්මනට නිදියගන්න ඕන පාන්දරින්ම නැගිටින්න තියනව 🥱
- Get link
- X
- Other Apps


Comments
Post a Comment