නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

ලේලිගේ දිනපොත - 26 : පොඩි අක්කගෙ කෑම සහ නැන්දම්මගෙ ශ්‍රද්ධාව

 පළවෙනි පරිච්ඡේදය :

පොඩි අක්කගෙ කෑම 

Lelige Dinapotha - 25 : පොඩි අක්කගෙ කෑම


පොඩි අක්කගෙ ආදරේ 

අද මම ‘වර්ක් ෆ්‍රොම් හෝම්’. ඉතින් උදේ නැගිටල මම ගෙදර වැඩ ටික ඉවර කලා. ඊට පස්සෙ කාමරේට ඇවිල්ල දොරත් ලොක් කරගෙන මගෙ ඔෆිස් එකේ වැඩ ටික පටන් ගත්ත.

දහය විතර වෙද්දි මට කවුරු හරි කතා කරන සද්දෙ ඇහුන. තේ බොන්නත් එක්ක මම එලියට ඇවිත් කුස්සියට ගියාබලද්දි මහත්තයගෙ පොඩි අක්ක ඇවිල්ල.

“ආ. නංගි, කොහොමද ඉතින් ?? ඔයා වැඩ නිසා මම කරදර කලේ නැහැ ඉතින්” කියල අක්ක අහද්දි, මම ඇහැව්ව “දැන්ද ආවෙ ?” කියල.

“නෑ නංගි, දැන් ටිකක් වෙලා. මේ අම්මත් එක්ක ටිකක් කතා කර කර හිටිය. මේ මහත්තය අද මේ පැත්තෙන් බිස්නස් වැඩකට ගියා මාව මෙහෙන් දාල. යද්දි එක්කන් යන්න එනව” කියල කිව්ව.

“අක්ක දවල්ට කන්න ඉන්නවනෙ. මම උයල තියෙන්නෙ හැබැයි ඉතින් විශේෂ දෙයක් නං හැදුවෙ නැහැ. අක්ක එනව කියල දන්නෙ නැහැනෙ. තියන විදිහට කමු නේ” කියද්දි…….

අනේ නෑ නංගි, මම අම්මටත් එක්ක කෑම අරගෙන ආවෙ. අම්ම ආස කෑම ටිකක් අරං ආව” කිව්ව

“අනේ හොදයි අක්කෙ ඒක නං.එහෙනං මම යන්නං කාමරේට. ගොඩක් වැඩ තියනව” කියල යන්න හදද්දි……

“දැක්කද දුවේ, මගෙ දරුවො මට මොන තරම් ආදරෙයිද කියල. අනේ මම හිංද මොන තරම් මහන්සි වෙලාද”කියල කියනකොට….

“ඒක තමයි අම්මෙ, කොයි තරම් හොදයිද කියපු මට මතක් වුනේ ‘සැමදා නියං එකදා වැහි වළාවේ’ කියන පදේ. 

ඒක මෙතනට ගැලපෙනවද කියල මට හරියටම කියන්න බැහැ. ඒත් මට ඒ වෙලාවෙ ඒක මතක් වුනා. ඊට පස්සෙ මම ගිහිල්ල මගෙ ඔෆිස් එකේ වැඩ ටික කලා ☺️

දවල් කන වෙලාවෙ තමයි නැන්දම්ම හොදටම සෙල්ලම් කරන්න ගත්තෙ.

මම උයල තිබුන දේවල් මේසෙට ඇරිය පොඩි අක්කටත් කනවනං කන්න එක්ක. පොඩි අක්ක කෑම පාර්සල් දෙකක් බෙදාගෙන ඇවිත් තිබුනෙ අම්මටයි, එයාටයි.

“නංගි ඉන්නවයි කියල මම දන්නෙ නැහැනෙ. ඉතින් අම්මටයි, මටයි විතරයි කෑම ගෙනාවෙ” කියල කියද්දි……

“අනේ කමක් නෑ අක්කෙ, මේ ඕන තරම් කෑම තියනවනෙ. ඔයත් කන්න මේව” කිව්ව.

අනේ මේ බලන්නකො පොඩි දුව මම ආසම දේවල් උයල ගෙනල්ල කියල මට පෙන්නුවෙ පොඩි මාලු පැටියෙක්ව.

“ඇයි අම්මෙ, ඔයා මේ ලගදි බබා කන්න ආසයි කියල පොඩි මාලු ගෙනාපු වෙලාවෙ අම්මෝ මට නං පොඩි මාලු කන්න බැහැ කටු ඇනෙනව කියල කිව්ව නේද ??” 

කියල ඉනිමකට ආරම්භයක් ගත්ත.

“ඒ…මේ… මේ….. ආනේ මේ මම ආසම කතුරුමුරුංගා මැල්ලුමකුත් තියන්නෙ” කියල පාදයක් ඉදිරියට තියල පන්දුව නිදැල්ලේ යන්න ඇරිය 🙄


අතුරුපස කෑම

කොහොම හරි කැම කාල ඉවරවෙලා පොඩි අක්ක අම්මට පොඩි යෝගට් කෝප්පයක් තරම් කප් එකක දාපු මොනවද දුන්න.

ඒක අරගෙන බලපු නැන්දම්ම “අනේ මගෙ දුව මට කැරමල් පුඩිනුත් ගෙනල්ල මම කොයිතරම් ආසයිද මේවලට" කියල කන්න ගත්ත.

“අනේ නංගි මම අම්මට විතරයිනෙ ගෙනාවෙ. හදිස්සියෙන් ආව නිසා උදේ කෝල් කරල අහන්නවත් බැරුව ගියානෙ ඔයා ඉන්නවද කියල සොරි හරිද” 

කියල කිව්වෙ ගෙනාපු කැරමල් පුඩින් එකේ සයිස් එක මතක් වෙලාද කොහෙද.

“අයියෝ ඕක මොකක්ද අක්කෙ, මම කොහොමටත් එච්චරම පැණි රහ වලට කැමති නැහැනෙ. හැබැයි අම්මයි, බබයි දෙන්නම ආස නිසා මම ඊයෙත් ලොකු වටලප්පමක් හැදුව” 

“අර ෆ්‍රිජ් එකේ තියනව. අක්ක කාල පුතාටත් ටිකක් අරගෙන යන්න”

කියල කිව්ව මම ආයෙ කාමරේට ආවෙ ආවෙ පොඩි අක්ක ඇස් දෙක ලොකු කරගෙන බලන් ඉන්නකොට ( කෙලින්ම ප්‍රේක්ෂකාගාරයටම හයේ පාරක් ) 😊

හවස මහත්තය ඇවිල්ල තේ බිබී ඉන්නකොට මගෙන් ඇහුව “අද පොඩි අක්ක ආවලු නේද. අම්ම කිව්ව කෑම ජාති ගොඩක් අරං ආව කියල. කෝ මට මොනවද තියෙන්නෙ ?” කියල.

හැබැයි මම එයා දිහා බලපු බැල්මෙන්ම තේරුම් යන්න ඇති වෙලා තියන දේ. මොකද එයා ආයෙ මගෙන් මොකුත්ම ඇහුවෙ නැහැ. 

දැන්නං ඇති ලිව්ව. හොදටම නිදිමතයි.


දෙවන පරිච්ඡේදය :

නැන්දම්මගෙ ශ්‍රද්ධාව 

Lelige Dinapotha - 25 : නැන්දම්මාගෙ ශ්‍රද්ධාව


මෛත්‍රී භාවනාව 


අද පෝය උදේ පාන්දරම පන්සල් යන්න කියල නැගිටපු නැන්දම්ම කකුල ලිස්සල වොෂ් රූම් එකේ වැටෙන්න ගිහිං, එක නිසා පන්සල් යන්න අමාරුයි කියල අද ගෙදර ඉදං බණ අහනව කිව්ව.

මහත්තය අද නැහැ ගෙදර. ඔෆිස් එකේ ෆන්ක්ශන් එකකට ගිහිල්ල

සුදු ඇදුමකුත් ඇදගත්ත නැන්දම්ම ටෙලිවිෂන් එකේ යන බණකුත් දාගෙන මහා ශ්‍රද්ධාවෙන් පෝය දවස ගෙවන්න ලෑස්ති වුනා.

නිවාඩු දවසෙ කරගන්න තියන කප්පරක් වැඩත් එක්ක එහාට මෙහාට යන මං දිහාත් සැරින්සැරේට බැලුවෙ මහ නොරුස්සනා විදිහට.

මම බැලුවෙ ඒ පාර නැන්දම්ම මේ පෝය දවසෙ සෙල්ලම් කරන්න යන මැච් එක මොකක්ද කියල.

ටික වෙලාවකින් කාමරේ ඉදල රෙදි වගයක් අරගෙන වොශින් මැශින් එකට දාන්න යන මං දිහා බැලුව නැන්දම්ම…….

“අනේ මන්දා මේ කාලේ ළමයින්ට පිනක් දහමක් කරගන්න උනන්දුවක් නැහැනේ. පෝය දවසටත් කුස්සියට වෙලා බඩගෝස්තරය ගැනමයි හිතන්නේ”

“අපේ කාලේ අපි උදේ පාන්දරම පන්සල් ගිහින් සිල් අරන්, දවසම බණ ඇහුවා. දැන් ඉතින් මේ ගෙවල්වල ඉන්න අයට බණක් ඇහෙන්න දැම්මාමත් මූණ ඇඹුල් කරගන්නවා." ☹️

​මම ඉතින් හරිම ගෞරවනීය විදිහට, "අනේ නෑ අම්මේ, අම්මා බණ අහන එක මාරම වටිනවා. මම ඉතින් කුස්සියේ වැඩ කළත් හිතින් බණ අහනවා," 

කියලා ශේප් එකේ මගේ වැඩ ටික කරගන්න ගියා.

ඒත් නැන්දම්මගෙ ඇස් තිබුනෙ මං පිටිපස්සෙමයි. දවසම කෙරුවෙ එයාගෙ ශ්‍රද්ධාව ගැනයි, මගෙ ආගමදහම ගැන තියන අල්ප හැගීම ගැනයි කියන එක.

​හැබැයි සැබෑ පෙරළිය සිද්ධ වුණේ හවස. අල්ලපු ගෙදර පියසීලී ඇන්ටි පන්සල් ගිහින් එන ගමන් අපේ ගෙදරට ගොඩවුණාට පස්සෙ.

නැන්දම්මා සාලේ සෝෆා එක උඩ බොහොම තේජවන්ත ලීලාවෙන්, ඇස් දෙකත් පියාගෙන, ලොකු ධර්ම ග්‍රන්ථයක් අතේ තියාගෙන භාවනානුයෝගී ඉරියව්වකට බැහැල හිටියෙ.

​පියසීලී ඇන්ටි සාලෙට ඇවිත් බොහොම භාවනානුයෝගීව ඉන්න අම්ම දිහා ටිකක් වෙලා බලන් ඉදල  

"අනේ අක්කේ.. ඔයා අද පන්සල් ආවේ නැත්තෙ ඇයි ? අද ලොකු හාමුදුරුවෝ මාරම ලස්සන බණක් කිව්වා, ඔයත් ඉන්න තිබුනෙ.ඔයා නැති අඩුව හොඳටම දැනුණා," කියලා කිව්ව.

​නැන්දම්මා හෙමින් සැරේ ඇස් දෙක ඇරලා, මහා අසරණ පාටක් මූණට දාගෙන, 

"අනේ ඔව් පියසීලී, අද උදේ නාන කාමරේදි මාව වැටෙන්න ගිහිල්ල කකුල ටිකක් ඇඹරුණා. කකුල අමාරු හින්දා පන්සල් යන්න බැරි වුණා” 

“හැබැයි ඉතින් මම ගෙදරට වෙලා හරි දවසම බණ ඇහුව, ගාථා කිව්ව.පන්සල් ගිහින් කරන ඔක්කොම වතාවත් ටික කලා”

“ටෙලිවිෂන් එකෙත් හාමුදුරුවො හරිම හොද බණ ටිකක් කිව්ව පියසීලී, හරිම ශ්‍රද්ධාවයි”

ඒ වගේම මම මෛත්‍රී භාවනාව කර කර, මේ පොත කියව කියවයි හිටියේ" කියලා බොහොම ශාන්ත විදිහට කියද්දි මට හිනත් ගියා 🙂


වැඩි වුන භක්තිය 

“ටෙලිවිෂන් එකේ තාමත් මේ හොද බණක් යනව පියසීලී ඉන්නකො මම දාන්න” 

කියල නැන්දම්මා පියසීලී ඇන්ටිට තමන්ගේ භක්තිය පෙන්වන්න හදිසියට ඇස් දෙක පියාගෙන සෝෆා එක අයිනෙන් තිබ්බ ටීවී රිමෝට් එකෙන් ටෙලිවිෂන් එක දාන්න ගියා.

එතකොට තමයි ‘පවර් ප්ලේ’ එක පටන් ගත්තෙ.

 හැබැයි එයා අතින් එකපාරටම ටීවී එකේ යමින් තිබ්බ ධර්ම දේශනාව නැතිවෙලා, ඊළඟ චැනල් එකේ යමින් තිබ්බ මහා සද්ද බද්ද සහිත රෙස්ලින් මැච් එකක් සාලේ පුරාම ඇහෙන්න ගත්ත.

 ටීවී එකෙන් 'ඩිඩින්.. ඩඩං..' ගාලා මිනිස්සු පෙරළගෙන ගහගන්න සද්දේ ඇහෙද්දී, පියසීලී ඇන්ටි අම්පයර් කෙනෙක්  වගේ ඇස් දෙක ලොකු කරලා ටීවී එක දිහා බැලුවා.

​නැන්දම්මා හොඳටම බයවෙලා, "අයියෝ.. මේ මොන යක්ෂයොද?" 😠

කියලා රිමෝට් එක ඔබන්න ගිහින් තවත් චැනල් එකක් මාරු වුණා. ඒකේ ගියේ ලස්සන හින්දි නලුවෙකුයි, නිලියෙකුයි ඉන්න ට්කක් ආදරණීය පැත්තට බර වැඩි සින්දුවක්.

​නැන්දම්මා ලැජ්ජාවටම රිමෝට් එක සෝෆා එක අස්සේ ඔබන්න හදද්දී, මට හිනාව නවත්තගන්න බැරුව ගියා.

​"අයියෝ අම්මේ.. ඔයා ඕකට කලබල වෙන්න එපා අනේ. ඵ්න් පියසීලී දන්නවානේ අම්මාගේ භක්තිය ගැන”

අම්මගෙ භක්තිය ටිකක් වැඩිවෙලා ඇස් වහගෙන ටෙලිවිෂන් එක දාන්න ගිහින්නෙ ඕක වුනේ. ඒක එච්චර ගනන් ගන්න එපා” කියල කිව්ව.

​නැන්දම්මා එකපාරටම ගොළු වුණා. 

පියසීලී  ඇන්ටි ඉස්සරහා තමන්ගේ ‘උපාසක’ ප්‍රතිරූපය කුඩුපට්ටම් වුණා කියලා තේරුණාම, නැන්දම්මා මගේ දිහා බලපු බැල්මට මාව එතනම අළු වෙලා යන්න තිබුණා 😡

පියසීලී ඇන්ටි හිනාව හිරකරගෙන, "මම එහෙනම් ගිහින් එන්නම්” කියල ගෙදර ගියා.

​රෑ වෙද්දී නැන්දම්මා සුදු රෙදි ටිකත් ගලවලා, පැත්තකට දාලා මහා අමනාපයකින් හිටියේ.

​ රෑ කෑම මේසෙදි​ නැන්දම්මා බත් පිඟාන දිහා බලන් ඉඳලා,

 "දැන් ඉන්න උන්ට වැඩිහිටියන්ගේ ආගම දහම වුණත් විහිළුවක්. ලබන පෝයට මම සිල් ගන්නෙත් නැහැ, ඔය ටීවී එක පැත්ත පළාතේ එන්නෙත් නැහැ”

කියලා බොහොම තේජවන්ත ලීලාවෙන් බත් ටිකත් කාලා කාමරයට වැදිලා දොර වහගත්තා.

“මොකක්ද බබා ඒ මැච් එක ??” කියල පුදුම වෙච්ච මහත්තය අහනකොට……

“අයියෝ, අම්මට තරහ ගිහින් තිබුනට මේ එච්චර ලොකු දෙයක් වුනේ නෑ පැටියො” කිව්ව මම හැන්දෑවෙ වුන දේ කිව්ව.

“ආ….ලබන පෝයට නෙමෙයි අම්මට හෙට උදේ වෙනකල්වත් ඕක මතක තිබුනොත් මදැයි බබා, බලන්නකො හෙට උදෙන්ම නැගිටගෙන ගාථා කියන්නෙ නැද්ද කියල” 

කිව්ව මහත්තය ආයෙ කන්න පටන් ගත්ත.

ඒක බලමු හෙට උදේට. දැන් මම නිදියගන්නව 🥱


ලේලිගේ දිනපොත ඊලග කොටස >>

<< ලේලිගේ දිනපොත පෙර කොටස


Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම