නීපා - කදුළු කැටයම - Episode 02 : සාක්ෂි සටහන් කරගැනීම

Image
සාරාංශය : මෙම කථාංගය ආරම්භ වන්නේ නීති විද්‍යාලයේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ 23 හැවිරිදි නීපා නැමැති තරුණියගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදුකරනු ලබන මූලික පරීක්ෂණ සහ සාක්ෂි සටහන් කරගැනීමත් සමඟයි.  වෛද්‍ය පරීක්ෂණ වාර්තා සහ පොලිස් වාර්තාවලට අනුව නීපාගේ මරණය සිදුව ඇත්තේ දහවල් 11:00 ත් 12:30 ත් අතර කාලය තුළදීය.  ඇය මියගිය දින උදෑසන කාලයේදී ඇය පදිංචිව සිටි ස්ථානයට ඇගේ පෙම්වතා වන කලිඳු, හොඳම යහලුවෙක් වන විහාන් නමැති අයද පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වේ. ​මහනුවර පදිංචි 47 හැවිරිදි චාරුණී දසනායක මහත්මිය වන නීපාගේ මව, පොලිස් පරීක්ෂක රමේෂ් වික්‍රමනායක මහතා ඉදිරියේ සිය සාක්ෂිය ලබා දෙයි.  ඇය පවසන්නේ කොළඹ බෝඩින් වී අධ්‍යාපනය හැදෑරූ නීපා සමඟ ඇගේ හොඳම යෙහෙළිය වන සුෂ්මා මෙන්ම තවත් නීති විද්‍යාලයේම අධ්‍යාපනය හදාරන තරුණියන් දෙදෙනෙකු පදිංචිව සිටි බවයි. ​සිද්ධිය වූ දිනට පෙරදින රාත්‍රී 10:06 ට නීපා තම මවට දුරකථන ඇමතුමක් ලබාදී විනාඩි 8 ක පමණ වේලාවක් කතාබහ කර තිබේ.  එහිදී ඇය තමාට සුළු හෙම්බිරිස්සාවක් සහ කැස්සක් ඇති බවත්, ඖෂධ ලබාගෙන ඉක්මනින් නිදාගන්නා බවත් මවට පවසා ඇත. එ...

ලේලිගේ දිනපොත - 27 : සුපිරි වෙළෙඳසැලේ හදිය සහ අලුත් රූපවාහිනිය

පළවෙනි  පරිච්ඡේදය :

සුපිරි වෙළෙඳසැලේ හදිය

Lelige Dinapotha - 27 : නැන්දම්මා සහ ලේලි සුපිරි වෙළදසැල තුල


නොනවතින උපදෙස් 

මහත්තය කිව්වත් වගේම නැන්දම්ම පස්සෙන්ද  ඉදලම ආයෙත්  උදේට මහ හයියෙන් ගාථා කියන එක පටන් ගත්ත.

අද නිවාඩු දවසක්. නැන්දම්මගෙ ගාථා ඇහි ඇහී වුනත් එළිවෙනකම්ම ටිකක් නිදියගත්ත 😴

උදේ කාල බීල අස්කරල එහෙම මහත්තයයි, මමයි ගෙදරට බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකට යන්න ලැහැස්ති වුනා.

නැන්දම්මටත් කිව්ව අපි බඩු ගන්න යනව කියල. “මොකුත් ගේන්න ඕන දෙයක් තියනවද?” කියල ඇහුවම “අනේ එහෙම දෙයක් නෑ දුවේ” කියල කිව්ව.

අපි ලෑස්ති වෙලා කාර් එක ලගට යනකොට මෙන්න බොලේ නැන්දම්ම අපිට ඉස්සරින් ලෑස්ති වෙලා ගිහිල්ල තරගෙකට සූදානම් වෙලා ඉන්න අම්පයර් කෙනෙක් වගේ කාර් එක ලග හිටගෙන ඉන්නව.

“මේ මොකද අම්මෙ? අම්මත් යන්නද ලෑස්ති වෙලා ඉන්නෙ?” කියල මහත්තය අහනකොට….

“ඇයි මොකද? මම ගියාම නරකද?” කියල නැන්දම්ම කිව්ව.

“මොනව නරක් වෙන්නද? යං යං ඉතිං” කියල හිනාවුන මහත්තය මගෙ දිහාත් බලල කාර් එකට නැග්ගෙ ටොස් එක පැරදිච්ච කැප්ටන් කෙනෙක් වගේ.

"දුවේ... ලිස්ට් එක තියෙනවා නේද? අනවශ්‍ය දේවල් ගන්න එපා. දැන් කාලේ ළමයි ඔය ලස්සන පැකට් දැක්කාම ඔහේ නිස්කාරනේ සල්ලි වියදම් කරනවා."

කියලා පළවෙනි පන්දුව දැම්මා

මමත් හිනා වෙලා,"හරි අම්මේ, අවශ්‍ය දේවල් විතරක් ගමු." කිව්වා.

සුපර් මාර්කට් එකට ගිය ගමන් නැන්දම්මා ට්‍රොලිය අල්ලගත්තේ නිකන් ටීම් එකේ කැප්ටන් වගේ. මම ගන්න බඩු බල බල මගෙ පස්සෙන්ම එනව.

මම අලුතෙන්ම ඇවිල්ල තිබුන චොකලට් ජාතියකින් පැකට් දෙකක් ට්‍රොලියට දාගත්ත. ඒක දැක්ක නැන්දම්ම......

අපෝ….. මේව කන්න එච්චර හොද දේවල් නෙමෙයි, වසවිස. ආසාවට ඔය එකක් ඇති හොදටම කියල ට්‍රොලියෙන් ඒ එකක් අරගෙන ආයෙ රැක් එකෙන් තිබ්බ.

ඊට පස්සෙ නැන්දම්ම එතන තිබුන චොකලට්, ටොෆි, ජුජුබ්ස් ටොෆි වගේ දේවල් වල පුංචි පුංචි පැකට් අරගෙන ට්‍රොලියට දාගත්ත.

“මොකද අම්මෙ ඔය කරන්නෙ??” කියල මම අහද්දි….

“ආ….. මේ අර දුවලගෙ ළමයි ආව වෙලාවට දෙන්නනෙ පොඩ්ඩක් ගත්තෙ” කියල කිව්වෙ අහකත් බලාගෙන 

“මේව ඒ බබාලටත් විස ඇතිනෙ අම්මෙ”  කියාගෙන මම එතනින් ආවෙ නැන්දම්මගෙ මූණ ඇඹුල් වෙද්දි 😒


අපූරු හයේ පහර

ඊළඟට ගියේ කෝපි, තේ කොල තියන රාක්කේ ළඟට. මම මහත්තයයි මමමයි  කැමති අලුත් කෝපි එකක් ගන්න හදද්දී නැන්දම්මා ආයෙමත්,

"මේ ගාණ බලන්න. මේ පොඩි පැකට් එකට මෙච්ච ගණන්ද අම්මෝ…." අපි නම් ඉස්සර කෝපි ඇට බැදල කුඩු කරල කෝපි හදාගත්තෙ. ඒකට දැන්" කියලා දෙවැනි පන්දුවත් දැම්මා.

මම කේන්තියටම ඒ පන්දුවට නිදැල්ලෙ යන්න ඇරිය. කෝපි ඇට බැදල කුඩු කරන එක විතරයි මට දැන් කරන්න අඩු වෙලා තියෙන්නෙ.

තව ඕන කරන බඩු ටික අරගත්තු මම ඊට පස්සෙ ග්‍රීක් යෝගට් ටිකක් ගනිද්දි නැන්දම්ම එයින් එකක් අතට අරගෙන…..

“අම්මෝ… මේවයෙ ගණන්. කිරි ටිකකින් මේව ගෙදරත් හදාගන්න පුලුවන්නෙ”  කියල තවත් වේග පන්දුවක් දැම්ම.

ඒක එතන බඩු ගන්න ආව දෙතුන් දෙනෙකුටත් ඇහුන.

“නෑ අම්මෙ කිරිත් සල්ලි වලට ගන්න එපැයි. ඉතින් ඒක හින්ද මම හිතුවෙ දැන් යන ගමන් එළදෙනෙක්ව ගෙදර අරගෙන යන්න” කියල කිව්ව.

නැන්දම්ම ඉක්මනට එතනින් ගියා නෙමෙයි ඉගිල්ලුනා. ලග හිටපු අයත් කටඇරගෙන බලන් ඉන්නව මම දැක්ක. ( කෙලින්ම ක්‍රීඩාගාරයටම ගහපු හයේ පාරක් ) 😉

දැන් රෑ 11යි වෙලාව අද හරිම මහන්සි දවසක්.  නිදියගන්න යන්න ඕන ඉක්මනින්.


දෙවෙනි පරිච්ඡේදය :

අලුත් රූපවාහිනිය

Lelige Dinapotha - 27 : අලුත් ජෝඩුව අලුත් රූපවාහිනිය නැරඹීම


හිමිදිරියේ සිරියාව

අද උදේ  ගිහින් ඇහැරුනේ නැන්දම්ම “පුතේ.... පුතේ....” කිය කිය මහ හයියෙන් කෑගහද්දි. ගැස්සිලා ඇහැරිලා වෙලාව බලද්දි පාන්දර 4 යි. 

මහත්තය “ඇයි ඇයි අම්මෙ, මොකද??” කියාගෙන දොර ඇරගෙන යද්දි මමත් පස්සෙන් ගියා. 

“අනේ පුතේ ගෑස් එක ඉවරවෙලාද කොහෙද, ලිප පත්තු වෙන්නෙ නැහැ. ඇවිල්ල ටිකක් බලන්නකො” කිව්ව.

“අම්මෝ… අම්මෙ ඕකටද මේ බෙරිහන් දුන්නෙ. මම හොදටම බය වුනානෙ, අනේ මන්ද අම්මත්” කියල අම්මත් එක්කම කුස්සියට ගියා.

ගෑස් එක හදල දීල ආයෙ කාමරේට ආව මහත්තය “තව ටිකක් නිදියගන්නව අප්ප” කියල ආයෙ ඇදට වැටුන 😴

ටිකක් වෙලා හිටිය මම නැගිටල කුස්සියට යද්දි නැන්දම්ම ලොකු වතුර එකකුත් ලිපේ තියාගෙන ඉදගෙන ඉන්නව.

“මොකද අම්මෙ හැමදාම මේ මෙච්චර පාන්දරින් ඇහැරගන්නෙ?? ටිකක් නිදියගන්නකො උදේට” කියල මම මද වේග පන්දුවක් දැම්ම…

“අනේ අපිට නං ඔය උදේට මූසලකමට නිදියගෙන පුරුදු නැහැනෙ. ගෙදරකට සිරියාවට උදෙන්ම නැගිටල කරල ඉන්න ඕන. නැත්තං ගෙවල් හිටං මුස්පේන්තු වෙනව”

කියල කිව්වෙ මගෙ පන්දුවට ‘මිඩ් විකට්’ හරහාම දැවැන්ත හයේ පහරක් එල්ල කරමින්.

ඊට පස්සෙ  මාව දවල අලු කරන බැල්මක් දාල එතනින් යන්න ගියා.මම ඉතින් මොකුත් නොකිය කරන්න තියන වැඩ ටික කරල ඔෆිස් යන්න ලෑස්ති වුනා.


නැන්දම්මාගෙ ප්‍රතික්ෂේපය

අද මමයි මහත්තයයි දෙන්නම වේලස්සනින් ඔෆිස් වලින් ආව ගොඩක් කල් ඉදල මගෙ හිතේ තිබුන ආසාවක් ඉෂ්ට කරගන්න.

ඒ තමයි මම කාලෙක ඉදල ලොකු ටෙලිවිෂන් එකක් ගන්න හරි කැමැත්තෙන් හිටියෙ. අද අපි දෙන්න ගියේ ඒක ගන්න. 

ඉතින් අගල් 52 ක ටෙලිවිෂන් එකයි ඒකට හරියන ස්ටෑන්ඩ් එකකුයි අරගෙන අපි ආවෙ හරිම සතුටින්.

ඉතින් ගෙදර ඇවිල්ල කෑම කන මේසෙ ලග ලස්සනට හදල ටෙලිවිෂන් එක තියන්න යද්දි නැන්දම්ම කොහෙද ඉදල දුවගෙන ආවෙ පරල වෙලා වගෙයි.

“හපෝයි….ඕව නම් සාලෙන් තියන්න එපා.ඔය පොඩි ටීවී එක බණක් භාවනාවක් අහගෙන නාට්ටියක් බලාගෙන ඉන්න හොදටම ඇති”

“ඕව බොරු සෝබන වැඩ. සල්ලි කන්න හොදයි. මගෙ ඔලුව කරකෝනව ඕව දිහා බලං ඉන්නකොට” කිව්ව.

මාර ඉනිමක් තමයි මෙයා පටන් ගත්තෙ. දැන් මොකද කරන්නෙ 🤔

ඊට පස්සෙ මායි මහත්තයයි ආයෙත් මහන්සි වෙලා වයර් ඔක්කොම එහාට මෙහාට ඇදල හරිගස්සගෙන ටෙලිවිෂන් එක අපේ කාමරේ තැනක තියාගත්ත.

මට හිතුන කමක් නැහැ මෙහෙමත් හොදයි, නිදහසේ ටෙලිවිෂන් එක බලන්න පුලුවන්නෙ කියල.

රෑට කාල අස්කරල එහෙම ඉවරවෙලා මහත්තයයි, මමයි කාමරේට ඇවිල්ල ටෙලිවිෂන් එකේ ලස්සන ෆිල්ම් එකක් දාගත්ත බලන්න.

ඒක ටිකක් විහිලු තියන ෆිල්ම් එකක්. අපි දෙන්න හිනාවෙවී ඒක බල බල ඉන්නකොට පිටිපස්සෙන් තව හිනා හඩක් ඇහෙනව.

බලද්දි නැන්දම්ම. හිමින් සැරේ ඇවිල්ල ටෙලිවිෂන් එකේ යන ෆිල්ම් එක දිහා බලාගෙන හිනා වෙනව.

නැන්දම්ම දිහා බැලුව මම හිනාවෙවීම “ඇයි අම්මෙ දැන් අම්මට මේ ටීවී එක දිහා බලාගෙන ඉන්නකොට ඔලුව කැරකිල්ල එන්නෙ නැද්ද?? කියල ඇහුවම….

“නෑ…. මේ මේ මම බැලුවෙ මොකක්ද මේ ඝෝසාව….. “ කිව්ව නැන්දම්ම ලැජ්ජාවෙන් එතනින් යන්න ගියා 😊

රෑ වෙනකල්ම ටෙලිවිෂන් බැලුව නිසා හොදටම නිදිමතයි. දැන් ඉතින් යනව නිදියගන්න.


<< ලේලිගේ දිනපොත පෙර කොටස

ලේලිගේ දිනපොත ඊලග කොටස >>


Muthuwrites සියලුම කතාංග කියවන්න මෙතනින් පිවිසෙන්න   



Comments

Popular posts from this blog

ලේලිගේ දිනපොත - 13 : ලේලිගේ අසනීපය හා නංගිගේ පැමිණීම

ලේලිගේ දිනපොත - 12 : නෑදෑ ගමන

ලේලිගේ දිනපොත - 14 : සුපර් මාකට් ගමන සහ යෙහෙළියගේ පැමිණීම